‘විවාහ නොවී මම එයා එක්ක අවුරුදු හතරක් එකට හිටියා, මම ආයේ බඳින්නේ සුද්දෙක්’ පියුමි හංසමාලි

පියුමි හංසමාලි නම කියු සැනින් බොහෝ දෙනෙක් දන්න චරිතයක්. ඇදුම් විලාසිතාව නිසාම බොහෝ විවේචන එල්ල වන චරිතයක්. අපි හැමෝටම කවුරුත් නොදන්න කතාවක් තියෙනවා. ඇය රංගන ශිල්පිනියක් වගේ ම නිරූපිකාවක්. අන්න ඒ නිසාම අපි අද අපේ කතා බහට ඇයව එකතු ගත්තා. වෙන මාතෘකාවට යන්න කලින් අපි ආදරය ගැන කතා කලොත්, පියුමිගේ හිතට මුලින්ම ආදරයක් දැනෙන්නේ කොහොමද ? “ඇත්තටම ම⁣ට පාසල් කාලේ ආදරේ කියන දේ තේරුම් ගන්න බෑ. මට කාටවත් ආකර්ෂණය වෙන්න බෑ. හැබැයි ආදරය කියන හැගිමක් එක්ක පුද්ගලයෙක් මම දැක්කා. අද ඒ ආදරය ඒ පුද්ගලයා අමතක කරලා මම ජිවිතේ ඉස්සරහට යනවා. මොකද විවාහ නොවි අපි දෙන්නා අවුරුදු හතරක් එක වහලේ යට ජිවත් වුනා. ඉතින් එයා එක්ක තියෙන මතක මට අමතක කරන්න අමාරුයි.හැබැයි මම ඒ දේවල් අමතක කරලා මගේ ජිවිතේ ඉස්සරහට යනවා.” කියලයි.

එතකොට ඔබ විවාහයක් ගැන හිතන්නෙම නැද්ද? “ඇයි අපි විවාහ වෙලා දික්කසාද වෙන්නේ. එහෙම ඕනි නෑ. මම ඇත්තටම ආදරේ කලේ එයාට. හැබැයි අපි ඈත් වුනා. එයාගෙන් පස්සේ මම විවාහයක් ගැන හිතලා නෑ. එහෙම කියලා මම ආදරේ නොකර නෑ. කෙනෙක් එක්ක කතා කරලා දුක සැප බෙදාගෙන පාලුව මකාගන්න අපිට පුළුවන්. මම එයාගේ වැරදි දැක දැක එයාව මගේ ලග තියාගත්තේ විවාහ කරගන්න. අවසානේ එයා ගියා.

මම ඇත්තටම ආයේ විවාහ වුනොත් විවාහ වෙන්නේ විදේශිකයෙක් එක්ක. මොකද එයාලා එක්ක තේරුම් අරගෙන ජිවත් වෙන්න හරි ලේසියි. මම විවාහ වෙන්න හිතන්නේ සල්ලි තියෙන කෙනෙක් එක්ක නෙවෙයි. ගැහැණියකට ගරු කරන්න දන්න කෙනෙක්ට. මොකද මම පොඩි කාලේ ඉදන් විදවපු නිසා.” කියලයි.

ඔබට එල්ල වෙන චෝදනා වගේම සමාජේ පවතින අනියම් සබදතා ගැන ඔබ හිතන්නේ කොහොමද ? “ගෙදර ගෑණු කෙනා ඉටිරූපයක් වුනත් පිට යන කෙනා පිට යනවමයි. හැබැයි එහෙම නොයන පිරිමිත් ඉන්නවා. කසාද බැන්දනම් ඇයි තමන්ගේ පවුල රැකගෙන ඉන්න බැරි. මොකද කාටවත් දුකක් දෙන්නේ. තව කෙනෙක් රිදවන්නේ. මේක තේරුම් ගන්න ඕනි මනුස්සයෝ මනුස්සයෝම තමා.

එතකොට මට එල්ල වෙන විවේචන ගැන කිවොත් මගේ පුතාම මගෙන් අහනවා මම අදින සමහර ඇදුම් වලට ඔහොම ඇදගෙන පාරේ යනවද කියලා. මම එයාටත් කියන්නේ පාඩුවේ ඉන්න කියලා. මම තැනකට යන්න ඕනි විදිහට ඇදගෙන යනවා. මට මේ විදිහට එළියේ දාගෙන කොටට ඇදගෙන් ඉන්න පුළුවන් තව අවුරුදු කිපයක් වෙන්න පුළුවන්. මාව විවේචනය කරන හැමෝම හරි මනුස්සයෝ කියලා මමනම් හිතන්නේ නෑ. ඒ කොහොම වුනත් මම ඉන්නේ මට ඕනි විදිහට මිසක් කා⁣ටවත් ඕනි විදිහට නෙවෙයි.