‘විවාහ ජීවිතයේ විඳින්න ආදරයක් නැත්තනම් පිටතින් ආදරයක් ලබාගත්තට වරදක් නෑ’ – ගයත්‍රී ඩයස්

කළා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන වගේම ප්‍රේක්ෂක ආදරෙත් නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක තමයි ගයාත‍්‍රි ඩයස් කියන්නේ. ටෙලිනාට්‍ය නිළියක වගේම සිනමාපට නිළියක ලෙසත් ජනප්‍රිය වුන ගයාත්‍රී ඩයස් උපත ලබන්නේ 1975 වසරේ මාතරදීයි. පවුලේ දෙවන දරුවා ලෙස උපන් ඇයට වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිනවා. ගයාත්‍රී පාසල් කිහිපයකින්ම අධ්‍යාපන හදාරනවා ‘මෙතෝදිස්ත විද්‍යාලය’, ‘සමුද්‍රදේවි’ සහ ‘කරුණාරත්න බෞද්ධාලෝක මහා විද්‍යාලය’ ඉන් කිහිපයක්. ‘දඩයම් බඹරු’ ‘එහෙත් එහෙමයි’ ‘හිරු දරුවෝ’ ‘පබළු’ ඇතුළු තවත් ටෙලිනාට්‍ය ගනනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය පසුව ‘ඔබ මගේ වේවා’ ‘අසයි මං පියාබන්න’ ‘දෙවෙනි වරම’ ඇතුළු සිනමාපට රැසක් හරහා ලංකාවේ ප්‍රේක්ෂයන් අතර ඉතාම ඉක්මනින් ජනප්‍රිය වෙනවා.

ගයාත්‍රී විවාහ වෙන්නේ කළා ලෝකයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් වන චන්න පෙරේරා සමඟ. චන්න සහ ගයාත්‍රී මුල්වර හමුවන්නේ ‘මකර විජිතය’ ටෙලිනාට්‍ය අතරතුරදී. ගයාත්‍රී සහ චන්න කාලයක් ආදරේ කරලා 1996 වසරේ සැප්තැම්බර් මස 26වන දින විවාහ වෙනවා. ඒ වගේම ගයාත්‍රී සහ චන්න කියන්නේ මේ වනවිට සුරූපී දියණියන් දෙදෙනකුගේ දෙමාපියන්. ගයාත්‍රිගේ වැඩිමල් දියණිය තමයි මලීෂා. බාල දියණිය දුෂා ආධිත්‍යා. මලීෂා මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ අතර ආධිත්‍යා දැනට ඉගෙනුම ලබනවා.

කොහොම වුනත් කාලයක් ගයාත්‍රී සහ චන්න වෙන් වෙන්ව ජීවත් වුනා. පසුව මේ දෙදෙනා නැවත එකතුවෙලා කියලා කට කතාවක් සමාජ ජාලා උණුසුම් කළා, ඉතින් ඒ පිලිබඳ ගයාත්‍රී කිවුවේ මේ වගේ කතාවක් ”ප්‍රසිද්ධ අයට ජනප්‍රිය අයට කොහොමත් කට කතා හැදෙනවා. අපි රංගනය තුලින් ගොඩක් දේවල් කරනවා ඒගැන කවුරුවත් කතාවෙන්නේ නෑ. හැමෝම කතාවෙන්නේ මම ඉන්නේ හස්බන්ඩ් එක්කද තනියමද කියන එක ගැන. සමහට වෙලාවට ඒ ප්‍රශ්නේ අහලා මගේ ෆොටෝස් වලට කමෙන්ට්ස් පවා වැටෙනවා මට තේරෙන්නේ නෑ ඇයි මේ මිනිස්සු තව කෙනේක්ගේ පුද්ගලික ජීවිතය පිලිබඳ මේ තරම් හොයන්නේ කියලා. ඒවා තර්ඩ් කලාස් වැඩ” කියලයි.

ඉතින් මේ විදියට ලංකාවම කතා වෙන චරිතයක් බවට පත්වුණ ගයාත්‍රී ආදරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ”මම ආදරේ කරන්නේ මම ලං වෙන්නේ මට කැමැත්තක් ඇති අයට විතරයි. ගොඩක් වෙලාවට මට කෙනෙක්ට හිත යන්නේ ගොඩක්ම අඩුවෙන්. විවාහ ජීවිතය ඇතුලේ උනත් විඳින්න ආදරයක් නැත්තම් පිටත තියෙන ආදරයකට ඇදෙන එක සාමාන්‍යයි. හැබැයි විවාහ ජීවිතයක ඉද්දී පිටින් ආදරයක් බලාපොරොත්තු වෙන එක හොඳ දෙයක් නෙවෙයි. විවාහ දිවියේ ආදරයක් නැත්නම් පිටතින් ලැබෙන ආදරයක් ලබාගැනීමේ වරදක් මම දකින්නේ නෑ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගයාත්‍රීගේ සුන්දර පින්තූර කිහිපක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.