විලාසිතා කිරීමේදි කොල්ලෝ අනිවාර්යෙන්ම අනුගමනය කල යුතු කරුණු 8 ක්

විලාසිතා අනුගමනය කිරීමේදි කලයුතු සහා නොකලයුතු දේවල් වශයෙන් යම් මත කිහිපයක් පොදුවේ පිලිගනුලබනවා. කාන්තා විලාසිතා වලට වගේම පිරිමි විලාසිතා වලටත් මෙය එසේම අදාල වෙනවා. නමුත්, විලාසිතා ලෝකයේ නිශ්චිත නීති නැහැ. ‘කඩවසම් පිරිමි පෙනුමක් මෙසේ විය යුතුයි’ යන ගතානුගතික අදහස් ඔබ වැලඳගත යුතු නැහැ. නමුත්, පිරිමි ඔබේ ආකර්ෂණීය බව තවත් වැඩිකරගන්න මේ විලාසිතා අදහස් කිහිපය උපකාරයක් වේවි.

කොණ්ඩ විලාසිතාව

කොණ්ඩය පිළිවෙලකට කපා කෙටි කරගැනීමෙන් ඔබට හොඳ පෙනුමක් ලැබේවි. ඔබේ හිසකෙස් දිගුව පවත්වාගන්නා කෙනෙක් නම් හිසකෙස් මනාව සහා නීරෝගීව පවත්වාගැනීම ගැන අවධානය යොමුකරන්න අමතක නොකරන්න.

‘ටයිට් පෑන්ට්ස්’

තද කලිසම් භාවිතය මඟින් ඔබේ සිරුරේ හැඩය වඩාත් ආකර්ෂණීය ලෙස පෙන්වන්න පුලුවන්. කමිසය සමඟ ‘ටයිට් පෑන්ට්’ එකකින් සැරසීම වඩාත්ම ගැලපෙන විලාසිතා සුසංයෝගයක් වගේම ඉන් ඔබට් හොඳ වැදගත් පෙනුමක් ද ලැබේවි.

පිරිසිදු සපත්තු

සපත්තු කියන්නේ විලාසිතාවල මූලිකම අංගයක්. සපත්තු පැලඳීමේදී පිරිසිදුව පැලඳීම ඔබේ පෙනුම වැඩි කරනවා වගේම ඔබේ පිළිවෙල ගැනත් අන් අයට යම් අදහසක් ලබාදෙනවා.

ඉරියව්ව

ඔබේ ඉරියව්ව ඔබේ පෞරුෂයට කෙතරම් බොහෝ සෙයින් වැදගත් වේ. සෑම සාර්ථක පුද්ගලයෙකුම ඔබට ඒ පිලිබඳව සපථ කරනු ඇත. පුද්ගලයෙකු ඉරියව් පවත්වාගෙන සිටින ආකාරය හරහා ඒ පුද්ගලයාගේ මනස සම්බන්ධව ඒ පුද්ගලයා සතු ස්වයං විනය සහා ඔහුගේ ආත්මවිශ්වාසය යන ලක්ෂණ හොඳින් නිරූපණය වේ. නිවැරදි සෘජු ඉරියව්වක් පවත්වාගනිමින් ඔබේ පෞරුෂය හොඳින් විදහාපාන ගුණාංගයක් වේ.

වර්ණ ‍තෝරාගැනීම

පිරිමි පාර්ශව ඇඳුම් ‍තෝරාගැනීමේදි වර්ණ ගැන සැලකිලිමත් වීම වැදගත්ය. ඊට හේතුව තමයි ඔබ ‍තෝරාගන්නා වර්ණ මඟින් ඔබේ තීරණ වල ස්වභාවය ගැන අන් අයට පිලිඹිබු වීම. ඔබේ වර්ණ ‍තෝරාගැනීම් ඔබ හොඳ තීරණ ගන්නෙකු බව තහවුරු කරගැනිමට යම් අදහසක් ලබාදීමට සමත් වේ. ඔබ ‍තෝරාගනේ තද දීප්තිමත් වර්ණ නම් එය එතරම් සුදුසු වන්නේ නැහැ. එමඟින් ඔබ අනවශ්යම අවධානයකට ලක් විය හැකියි. අවස්ථාවට උචිත ලෙස වර්ණ සමබරව භාවිතා කිරීම හරහා ඔබ එදිනෙදා ජීවිතයේ කටයුතු සමබර කරගනිමින් මනාව ජිවිතය හසුරුවාගැනීමට අවබෝධයක් ඇති කෙනෙකු බව නිරූපණය වේ.

සිරුරට තද කමිස භාවිතය

කාර්යාලයට ගැලපෙන විලාසිතාවක් ලෙස හැඳින්විය හැකියි වගේම මේ කමිස වර්ගය හරහා ඔබේ සිරුරේ මූර්තිමත් හැඩය හොඳින් පිටතට දිස්වෙයි. ඔබේ පෞරුෂය සහා යෝග්යඔතාව හොඳින් නිරූපණය කෙරෙන ඇඳුම් විලාසිතාවකි.

කමිසයේ අත් නවා ඇඳීම

කමිස අත් දිගුව තිබෙනවාට වඩා ඉහළට නවා ඇඳ සිටීම ඔබට වඩාත් කඩවසම් පෙනුමක් ලබා දෙනුලබනවා. එමඟින් ඔබේ ශරීරයේ පෙනුම ගැන ඔබට ඇති ආත්මවිශ්වාසය පෙන්නුම් කරනවා.

ජැකට්

පිරිමි ඇඳුම් විලාසිතා අතරින් වඩාත්ම ආකර්ෂණීය කඩවසම් පෙනුමක් ලැබෙන විලාසිතාවක් තමයි ජැකට් භාවිතය. ලෙදර් ජැකට් වලින් ඔබේ සිරුරේ මූර්තිමත් සහා පෘෂ්ටිමත් පෙනුම හොඳින් නිරූපණය වෙනවා. පිරිමි විලාසිතාවන් අතරින් කාන්තාවන් වඩාත් ප්රිපය කරන විලාසිතාවක් ලෙසත් ප්රෙචලතයි.