විරහා ගීත ගායනයෙන් රටම වශී කරගත් ජනප්‍රිය ගායක මංජුල පුෂ්පකුමාර බස්සපු අලුත්ම වන්ඩිය

සිරස සුපර් ස්ටාර් වලින් ජනතාවගේ හදවත් සොරාගනිමන් සංවේදි ගීත ඔස්සේ හදවත් ස්පර්ශ කළ ඔහු ගායන ලෝකයට අලුත් කෙනෙක් නෙවෙයි. නිරන්තරයෙන් ඔහු ගැන කතා කරන්න ඔහු දකින්න ලැබුනත් මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතා වෙන්නේ වෙනස්ම කාරණාවකට. ඒ හේතුව තමා ඔහුගේ නවතම මෝටර් රථය. ඉතින් ඔහු කවුද ඔහුගේ ජිවිතේ කොයිවගේද කියලා දැනගන්නයි මේ සුදානම. නමින් ඔහු මංජුල පුෂ්පකුමාර.

මංජුල කියු සැනකින් බොහෝ දෙනෙකුට ඔහු අමතක නැති බවනම් විස්වාසයි. විරහ ගීත කලාව ඔස්සේ බොහෝ සෙයින් රසික හදවත් සොරා ගත් මොහු තමන්ගේ ම ව්‍යපාරයක්ද කරගෙන යන්නේ කමන්ගේ බිරිඳගේද උදව් උපකාර ඇතුව. වෛරස සමයත් එක්ක ඔහු වැඩිපුර කාලය තම ව්‍යාපාර වලට යොමු කරන්නේ මේ දිනවල ගත වෙන වෙනස්ම කලායට හුරු වෙමින්. ඔහු පැරණි ගීත අලුත් කරන්න යන කතාව නිසාම ඒ ගැන ඔහුගෙන් අපි ඇසුවම ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම පරණ ගීත රිමේක් කරන්න යන අදහසට ආවේ ඉල්ලීමකට. පැරණි ගීත තුනක් මම රිමේක් කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන තත්වය එක්ක මේ දේවල් පරක්කු වුනත්, ඉදිරියේදි ඒ සියල්ල ජනතාව අතරට ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි.

මංජුල කියන්නේ සුරතල් සතුන් වෙනුවෙන් වෙන් වුන කෙනෙක් කිවොත් හරි. මොකද මංජුල තමන්ගේ වියදමින් සතුන් ගානකට සුවසෙත සලසනවා කියන්න කවුරුත් දන්නවා. ඔහු පවසන්නේ සතුන්ගේ ආදරය අව්‍යාජ එකක් බවයි. ඒ නිසා බල්ලන් වගේ සතුන්⁣ට ඔහු ආදරය දක්වන්නේත් තුවාල වුන අසරණ වුන සතුන් ඔවුන් බලාගන්ගේ ඒ නිසා.

වර්තමාන ශ්‍රි ලංකාව විරහ ගීත පමණක් ගායනා කරන නිසාම ඔහුගෙන් ඒ ගැනද අපි විමසුවා. “ඇත්තටම විරහ ගීත කලාව දැන් රැල්ලක් වෙලා. ලංකාවේ වැඩිපුරම මාර්කට් වෙන්නේ විරහ ගීත. ඇත්තටම මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝක⁣යට වුනත් ගෙනියන්න පුළුවන් කලාවක්. අද රැල්ලට බොහෝ දෙනෙක් විරහ ගීත වලට යොමු වෙන්නේ ඒ නිසා. මාත් නිර්මාණ කරනවා. හැබැයි මම කාටවත් වාසියට වැඩ කරලා මගේ නම ගෙනියන්න කැමති නෑ. හැමෝටම මම මට පුළුවන් විදිහට උදව් කරගෙන මගේ ගමන මම යනවා.” කියලයි.

ජනප්‍රිය ගායකයෙක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මංජුල පුෂ්පකුමාර මේ දිනවල අපේ ප්‍රේක්‍ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වෙනවා එයට හේතුව තමයි මංජුල ළඟදී මිලදීගත්ත ඔහුගේ සුපෝපභෝගි මෝටර් රථය නිසා. ඒ ගැනද අවසාන වශයෙන් ඔහු මේ විදිහට අපිට පැවසුවා. “ඇත්තටම මගේ හිතේ තිබුන කාලේක ඉදන් මම දැකපු ලස්සන හිනයක් හැබෑ වුනා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මගේම කියලා වාහනයක් ගන්න ඉතින් මම මගේ ටාගට් එකට හෙමින් හෙමින් ගියා. මම බලාපොරොත්තු තුයන් හිටියේ BMW එකක් ගන්න දැන් මම ඒ හීනේ සැබෑ කරන්. ලොකු කමකට කියනවා නෙවෙයි හැමෝම ආසයි තමන්ගේම කියලා හොඳ වාහනයක් පදින්න ඒ නිසා ටාගට් එකක් තියන් වැඩ කරන්න ඔයාලට බැරි නෑ” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07.