විද්යා්ඥයින්ට පවා පැහැදිලි කිරීමට නොහැකි වී ඇති අරුම පුදුම අභිරහස් 11 ක්

අරුම පුදුම දේවල් වලින් පිරුණු ලෝකයේ විද්‍යාඥයින්ට පවා තේරුම්ගත නොහැකි වූ දේවල් 11 ක් ගැනයි මේ. මේ අභිරහස් වලට තවමත් නිශ්චිත විද්‍යාත්මක පැහැදිලිකිරීමක් නැහැ කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද?

01. පූසන් පුරු පුරු ගාන අකාරය

පූසන් මෙසේ හඬ නගන්නේ ඔවුන්ට සතුටක් දැනෙන විටයි. නමුත් එය ඔවුන් සිදුකරන්නේ කෙසේදැයි දන්නේ නැත. පුරු පුරු හඬ නිකුත් වන විට ඔවුන්ගේ හෘද ස්පන්දනයවත් නො ඇසෙයි.

විද්‍යාඥයින්ගේ අදහස නම් පූසන් මෙම පුරු පුරු හඬ නගන්නේ ඔවුන්ගේ ස්වර තන්තු වලින් බවයි. එම ශබ්ද නිකුත්වන වාරයක් පාසා සමනය වීම වේගවත් වෙමින් දැනෙන වේදනා අඩුවෙන නිසා ඔවුන් පීඩාවට හෝ තෙහෙට්‍ටුවට ලක්වි සිටින සැම විටම මෙසේ ශබ්ද නැගීමට පුරුදු වී සිටින බවයි.

02. ඇතැම් සත්ව විශේෂයන්ගේ සම්භවය

බොහෝ සත්ව විශේෂ වලට ආදිමුතුන්මිත්තන් නොමැත. එනම් ඔවුන්ගේ සම්භවය කෙසේ වූවාදැයි සොයාගත නොහැකි නිසාය. මත්ස්‍යයාගෙන් උභයජීවින් දක්වා සත්ව පරිණාමය සිදුවූයේ කෙසේදැයි කවුරුත් නොදනියි. ඒ වන විට ගොඩබිම් ජීවින්ගේ ගාත් සහ හිස කොටස් හොඳින් වර්ධනය වි තිබී ඇති වීම මේ ගැටලුව පැනනැගීමට ප්‍රධාන හේතුවකි. වසර මිලියන 65 කට ඉහතදී ලෝකයේ ඇති වූ මහා ස්වභාවික ව්‍යසනයකින් ඩයිනෝසර් වැනි සත්වයින් වඳ වී ගිය බව පැවසේ. ක්ෂීරපායි සත්ව විශේෂ බිහිවූයේ කෙසේදැයි තවමත් ලෝකයට ගැටලුවකි.

03. හරකුන් උතුරට හෝ දකුණට හැරී සිටින්නේ ඇයි?

Google Earth මෙවලම හරහා විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල හරකින් දහසකට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප ඇසුරෙන් සිදුකල අධ්‍යනයකින් එක්තරා රටාවක්  හඳුනාගැනීමට ඔවුන්ට හැකිවිය. 70% ක් පමණ හරකුන් කන බොන විටදී  ඔවුන්ගේ හිස උතුරට හෝ දකුණට හරවාගෙන සිටින අයුරු ඔවුන්ට හඳුනාගත හැකි වූ ලක්ෂණයකි විය. මෙය සෑම මහද්වීපයකම දේශ සීමාව, කාල ගුණය හෝ වෙනත් සාධක වල බලපැමින් තොරව දක්නට ලැබෙන ලක්ෂණයක් බව ඔවුන්ට නිරීක්ෂණය කල හැකි විය. හරකුන් තුල චුම්භක මාලිමාවක්වත් තිබේනවාද කියා සැක හිතෙන සිද්ධියක්.

04. 1994 සිදුවූ ජෙලි වැනි ද්‍රව්‍ය වැස්සක් සේ ඇදහැලුනු සංසිද්ධිය

මෙම අසාමාන්‍ය සංසිද්ධිය සිදුවි තිබුණේ වොෂිංන්ග්ටන් හි ඕක්විල් ප්‍රදේශයේයි. වැස්ස වෙනුවට එදා අහසින් ඇද හැලී තිබුණේ ජෙලි වැනි ද්‍රව්‍යයකි. පසුදින මිනිසුන් බොහෝ දෙනෙකුට උණ වසංගත ලක්ෂණ පහළ වි තිබිණි.

විද්‍යාඥයින් විසින් මෙම ද්‍රව්‍ය පරීක්ෂණයකට ලක්කර තිබූ අතර ඔවුන්ට හඳුනාගත හැකි වූයේ එහි බැක්ටීරියා විශේෂ 2 ක් පවතින බවයි. ඉන් එක් වර්ගයක් මිනිස් ජීර්ණ පද්ධතියේ හමුවන විශේෂයක් විය. කෙසේවෙතත් මෙම බැක්ටීරියාවන්ගේ සහ අභිරහස් වසංගතය අතර අන්තර්සබඳතාවක ඇති බව ඔවුන්ට හඳුනාගැනීමට නොහැකි වී තිබුණා.

05. අඳුරු පදාර්ථ  (dark matter) යනු මොනවාද?

විශ්වයේ 27% පමණ ඇත්තේ අඳුරු පදාර්ථ වේ.ඒවා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය හෝ අන්තර්ක්‍රියා නොකරන බැවින් ඒවා හඳුනාගැනීමට අපහසුවේ.අඳුරු පදාර්ථ පිලිබඳ පළමු න්‍යායාන් බිහිවි ඇත්තේ මීට වසර 60 කට පමණ පෙරය. නමුත් අද වන තුරුත් ඒවායේ පැවැත්ම පිලිබඳ පිලිගත හැකි මට්ටමේ සාක්ෂි ඉදිරිපත් කිරීමට විද්‍යාව අපොහොසත්වී ඇත.

06. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් කීයක් තිබේද?

ප්ලූටෝ යනු වාමන ග්‍රහයෙක් බව නම් කිරීමත් සමඟ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් 8 ක් බව නිල වශයෙන් පිලිගැනේ. ප්ලූටෝ වලින් ඔබ්බට ඇති කුයිපර් පටිය (kuiper belt) අයිස්මය වස්තූන්ගෙන් සමන්විත වේ.විද්‍යාඥයින් හට එම ප්‍රදේශය ආශ්‍රිතව ප්ලූටෝ ග්‍රහයාටත් වඩා විශාලත්වයෙන් වැඩි වස්තූන් දහස් ගණනක් පමණ හමුවී ඇත. කුයිපර් පටියේ ඇති විශාල හිඩැසක් ද ඔවුන් හට නිරීක්ෂණය කල හැකි විය. බොහෝ විට පෘථිවියට සමාන හඳුනානොගත් ග්‍රහයෙකු විසින් මෙම පටියෙන් එපිට පාෂාණ වස්තු ඒ දෙසට ඇද බැඳ තබාගෙන සිටින බව විශ්වාස කෙරේ.

07. මිනිසුන් දකුණත හෝ වමත හුරු ලෙස බෙදෙන්නේ ඇයි?

ජනගහනයෙන් 70-95% අතර පිරිස දකුණත හුරු අය වන අතර 5-30% ක් පමණ පිරිසක් වමත හුරු අය වෙති. එය ඉතා සුලුතරයකි.අවිනිශ්චිත සංඛ්‍යාවක් දෙ අතම හුරු පිරිසට අයත් වේ.මේ සඳහා ජාන බලපෑමක් තිබුණ ද වමත හුරු වීමේ ජානය තවම හඳුනාගෙන නැත. සමාජ පාරිසරික බලපෑමද මේ සඳහා බලපායි.එනම් වමත් හුරු කුඩා දරුවෙකුට දකුණු අතින් ලිවීමට යොමුකල විට ඔවුන් දකුණු අතට හුරු වේ.

08. මෙගාෆෝනා (Megafauna) සත්ව විශේෂ මෙලොවින් වඳවීගියේ ඇයි?

යෝධ සත්ව විශේෂ හඳුන්වන සත්ව කුලය මෙගාෆෝනා නම් වන අතර මෙම සතුන් විශේෂ ලෝකයෙන් මීට වසර 10000 කට පමණ ඉහතදී අතුරුදහන් වී ගොස් ඇති බව විශ්වාස කෙරේ. ඇතැම් පිරිස් කාලගුණ විපර්යාස නිසා මෙම සතුන් මියගිය බව පවසති. නමුත්, මේ සඳහා තවමත් ප්‍රබල සාක්ෂි නොමැත. තවත් න්‍යායකින් පැහැදිලි කරන්නේ මෙම සත්වයින් ආහාර නොමැතිව හාමතේ මියගිය බවයි. ඇලස්කාවේ විද්‍යාඥයින් පිරිසකට ස්වභාවිකව සංරක්ෂණය වී තිබූ පැරණි මැමත් සතුන් හමු වී තිබුණු අතර ඔවුන්ගේ ආමාශ තුල ජීර්ණය නොවූ ශාක කොටස් පිරී තිබුණු බව ඔවුන්ට දක්නට ලැබිණි.

09. අපට සිහින පෙනෙන්නේ ඇයි?

ඇතැම් අය විශ්වාස කරන්නේ සිහින යනු අහඹු ඡායාවන් බවයි. තවත් පිරිසක් ඒවා මොලයේ තරංග බව විශ්වාස කරති. තවත් පිරිසක් ඒවා උපවිඥානයේ ඇති ආශාවන්, නොවිසඳුණු ගැටලු, අර්බුධ සහ අත්දැකීම් බව පවසති. සිහින පිලිබඳ ඉගැන්වෙන බටහිර ශාස්ත්‍රයක් වන අතර එයoneirology නම් වේ. විද්‍යාඥයින් පවසන්නේ සිහින යනු මිනිස් මනසේ ගැඹුරෙහි සැඟවී ඇති දේවල් සංකේතවත් කිරීමක් ලෙසයි. නමුත්, අද වන තුරුම සිහින පෙනෙන්නේ ඇයි කියා නිශ්චිත සොයාගැනීමක් නැත.

10. අභ්‍යවකාශ ගිගුරුම් (space roar) මොනවාද?

2006 වසරේ තාරුකා අධ්‍යයනයක යෙදී සිටි විද්‍යාඥයින් පිරිසකට අභිරහස් ගිගුරුම් හඬක් ඇසී තිබුණා. අභ්‍යවකාශය හරහා ශබ්ද වලට ගමන් කල නොහැකි වුවද රේඩියෝ තරංග වලට ගමන් කල හැකියි. නමුත් එම් අහඬ ඇසුණේ කොහෙන්ද? පර්යේෂක පිරිසට අදටත් මෙය ගැටලුවකි. ඔවුන් පවසන පරිදි එම තරංග එම තරු වලින් නිකුත් වූ ඒවා නොවන බවයි. මෙය තවත් එක් නොවිසඳුණු අභ්‍යකාශ සංසිද්ධියකි.

11. මිනිසුන්ගේ රුධිර වර්ග විවිධ වන්නේ ඇයි?

විවිධ රුධිරවර්ග වල ඇති සෛල තුල එකිනෙකට වෙනස් ඇන්ටිජන් හෙවත් ප්‍රතිදේහජනක අඩංගුවේ. ඒවා සිරුරේ ඇති ආගන්තුක සෛල විනාශ කර දමන ප්‍රතිදේහ සංඥා වේ. ඒවා විවිධ රෝග මෙන්ම ප්‍රතිශක්තිය කෙරෙහි සම්බන්ධතාවක් දක්වන බවට අදහස් පළ වී තිබේ. උදාහරණයක් ලෙස B කාණ්ඩයේ රුධිරය ඇති පුද්ගලයින් E.coli වැනි බැක්ටිරියාවන්ට ඉක්මනින් ගොදුරු වෙති. O වර්ගයේ රුධිරය ඇති පුද්ගලයින් මැලේරියා රෝගයෙන් මියයාමට ඇති අවදානම අඩුය.