වික්ටර් නැති කළේ අර ගෑනි – හොඳම යාලුවා සේරම හෙළිකරයි

වික්ටර් රත්නායක කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායකයෙක්, ලාංකේය ගයන ක්ෂේත්‍රයේ මුදුන්මුල බඳු සුවිශේෂී චරිතයක්. නමුත් මේ දවස් වල ඔහු පිලිබඳ අහන්න ලැබෙන ආරන්චිනම් එතරම් සුබ නෑ, පසුගිය දිනක ඔහු දෙවියන්ගේ බලයෙන් රෝග සුවකරනවා යැයි පවසන ස්ථානයකට ගිහින් ඔහුගේ නැතිවී ගිය හඬ නැවත ලබාගන්න ආශිර්වාද කරගන්නා වීඩියෝවක් අන්තර්ජාලය පුරා ලැවූ ගින්නක් වගේ පැතිරුනා. මේ සිදුවීම් මාලාව පිලිබඳ වික්ටර් රත්නායකයන්ගේ කලන මිතුරෙක් වන දයා විජේසේකර මහතා පවසන්නේ මේ වගේ කතාවක්.

මම වික්ටර් රත්නායක මහතාව මුලින්ම දකින්නේ 1970 වර්ෂයේදී. නමුත් මම ඔහුව හඳුනාගන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මාර්ගයෙන්, ඊටපස්සේ වික්ටර් රත්නායක මගේ හොඳම මිතුරෙක් වෙනවා. අපේ පවුල් දෙක එකට ගමන් බිමන් පවා යනවා, නමුත් වික්ටර් නැවත විවාහ වෙන කතාව මම දැනගෙන හිටියේ නෑ, නමුත් මට ආරංචි වුනා, මට කියපු නැති නිසා මම ඇහුවේ නෑ. පස්සේ එයාලගේ පවුලේ ඇතිවුන ගැටුමක් නිසා වික්ටර් බොන්න පටන් ගත්තා. ඒ පාර මම වික්ටර් බලන්න ගියා, එහෙම බොන්න පටන් ගෙන තියෙන්නේ වික්ටර්ගේ දෙවෙනි බිරිඳ වන හෂිනි සහ වික්ටර්ගේ ලේලියගේ ගැටුමක් නිසා ඉතින් මම කිවුවා ”එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ… නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්… නැත්නම් මේක නවත්වපන් උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ’’ කියලා වික්ටර්ගේ කසාදෙට අත්සන් කලෙත් මම.

වික්ටර් කියන්නේ ප්‍රතිපත්තිගරුක, කොන්ද කෙලින් තියන් වැඩ කරන, ආගම දහමට ගොඩක් ලැදි කෙනෙක්, නම්බුකාර කෙනෙක්, දැන් මිනිහා විනාස වෙලා. මේ මිනිහා විනාස කලේ මේ ගැහැනිය කියලා මම බය නැතුව කියනවා. වික්ටර්ගේ ගෙදර ඉස්සරහම තාප්පේ අයිනේ ලොකු බුදු පිළිමයක් තිබ්බා ගල් ගුහාවක් වගේ හදලා එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක් නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. වික්ටර් අසනීප වෙලා එයාට උණ ගන්නවා. ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා. එයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා. වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා ටිකට් කපන් එන්න හදන කොටම එයාට හාර්ට් ඇටෑක් එකක් ආවා. ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා, ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ. මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එච්චර ආදරෙයි,

වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා, මට ආරංචියක් පස්සේ කාලෙක අහන්න ලැබුනා.

හෂිනි වික්ටර්ට කිව්වේ ”අරගොල්ලෝ අත ඇරියාම, මම ඔයාව දෙවියන් වහන්සේට බාර දුන්නා’’ කියන එකයි. ”දෙවියන් වහන්සේ තමයි, ඔයාව බේරා ගත්තේ….’’ කියන එක හෂිනි වික්ටර්ට කිව්වා…. අර දේවල් අමතක නිසා, මෙයා දැන් පිළිගන්නේ අර මිථ්‍යාව. කළු සූට්කාරයා මෙයාගේ උගුර අතගාලා, ඔය සියල්ලට කිරීමට සති කිහිපයකට පෙර, හෂිනිගේ ලොකු අක්කාගේ හස්බන්ඞ්ගේ උපන් දිනය පැලවත්තේ, ගෙදර තිබ්බා. ඒ වෙලාවේ වික්ටර් ඉතාම හොඳට ගීත කිහිපයක් ගායනා කළා. මම වික්ටර්ට තවම ආදරෙයි එයා මගේ හොඳම යාලුවා ඔහු මේ කළ අමනෝඥ ක‍්‍රියාව මට දරා ගන්න බැහැ.