වැසිකිලි යන්න කලින් වැසිකිලිය පරීක්ෂා කරන්න කියන්නේ මෙන්න මේ හේතුන් නිසා

වැසිකිළිය භාවිතා කරමින් සිටින විට වැසිකිළි වලෙන් මොකෙක් හෝ සතෙක් මතුවෙයිද කියා බියක් දැනිලා තියෙනවද? ඇත්තෙන්ම මේවගේ සිද්ධි ඇත්ත ජීවිතයේ සිදුවූ පුවත් කිහිපයක්ම අපට ලෝකය පුරා අසන්නට ලැබෙනවා. වැසිකිළි වලෙන් උඩට පිහිනා ඒමට හැකි සතුන් අතරේ අපි කවුරුත් බියක් දක්වන හානිකර සතුන් පවා සිටිනවා. මෙවැනි තත්වයකට ඔබට මුහුණ දීමට සිදුනොවීමට නම් ඔබ ගත යුතු ක්‍රියාමාර්ගයත් මේ ලිපියෙන් ඔබට දැනගත හැකියි. වැසිකිළි වලෙන් උඩට පිහිනා ඒමට පුලුවන් සත්තු තමයි මේ.

01. සර්පයින්

වරක් එක් ඕස්ට්‍රේලියානු කාන්තාවක් වැසිකිළියේ අසුන්ගෙන සිටියදි වැසිකිළි වලේ සැඟවී සිටි සර්පයෙකුගේ සපාකෑමට ලක්ව තිබූ පුවතක් අසන්නට ලැබි තිබුණා. වාසනාවකට් මෙන් එම සර්පයා විෂ සහිත එකෙක් වී තිබුණේ නැහැ. සර්පයින් කියන්නේ පිහිනීමේ හැකියාව තියෙන සත්ව විශේෂයක්. මේ වගේ පුවත් අමෙරිකාව ,තායිලන්තය වගේ රටවල් වලින් ද අසන්නට ලැබී තිබුණා. කාණු වල පයිප්ප සහ වාතාශ්‍රය සඳහා යොදා ඇති වෙන්ටිලේෂන් පයිප්ප හරහා සර්පයින්ට ඔබේ නාන කාමරයට ඇතුල්විය හැකිය.සර්පයින් මෙවැනි ස්ථාන වලට රිංගා විවේක ගනිමින් සිටිනවා විය හැකියි.

02. මීයන්

මීයන් කියන්නේත් හොඳින් පිහිනිය හැකි සත්වයින් විශේෂයකි. ආහාර සොයාගෙන යන ඇතැම් කුඩා මීයන් වැසිකිළි පයිප්ප දිගේ ඉහළට විත් වැසිකිළි වලෙන්  ඉහළට මතුවිය හැක.ඔවුන්ට පොලොවේ ගුල් හරහා ගමන් කිරීමේ හැකියාව ද තිබේ.

03. ගෙම්බන්

නාන කාමරයට අනවසරයෙන් ඇතුල් වෙන තවත් සත්ව වර්ගයක් තමයි ගෙම්බන් කියන්නේ. මොවුන් කාණු පයිප්ප වල බිත්තර බැඳීම සිදුකරයි. වෙන්ටිලේෂන් පයිප්ප හරහා මොවුන් නිවසේ නාන කාමරය තුලට ඇතුල් විය හැකියි.

වැසිකිළිය තුලින් සතුන් ඉහළට මතුවීම වළක්වාගන්නේ කොහොමද?

ඔබේ නිවසේ වැසිකිළි පද්ධතියේ මේ ගැටලුව පවතිනවා නම් ඔබට අනුගමනය කල හැකි පියවර කිහිපයක් මෙසේයි:

  • උස් වැසිකිලි පෝච්චි වල සෑම විටම භාවිතයෙන් පසු පියන වසා තබාන්න.  හැකි නම් සතෙකුට විවෘත කල නොහැකි සෙ ඒ මත යම් බරක් තබන්න.
  • වැසිකිළි සතුන්ට රිංගාගත නොහැකි සේ කඩතොළු සිර කරමින් වසා තබන්න.
  • වැසිකිළි නළ කාර්මිකයෙකුගේ සහය ලබාගනිමින් පයිප්ප අලුත්වැඩියාවක් සිදුකරගන්න.
  • මල අපද්‍රව්‍ය බැහැර වීම සඳහා one-way flap හෙවත් එක් පැත්තකට පමණක් විවෘත වන බාධක පියනක් සහිත පයිප්ප පද්ධතියක් සවිකරන්න.මින් පහළ සිට පයිප්ප දිගේ සතුන් ඉහළට මතුවීම වළක්වාගත හැකි ආරක්ෂිත ක්‍රමයකි.