වැලන්ටන් දවසට ආදරේ කරන කෙනා සමග ෆෝන් එකෙන් පොටෝ ගහන්න සුපිරි ක්‍රම 10ක්

මැගසින් කවර වල හොලිවුඩ් තරු පෙනී සිටින ආකාරය ඔබ දැක ඇති. ඉතින්, ඔබේ පෙම්වතා/පෙම්වතිය සමඟ ඒ ආකාරයේ photo shoot  එකක් කිරීම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වේවි. මේ විශේෂ poses 10 වඩාත් ආකර්ෂණීය වීමට පොඩි පොඩි ටිප්ස් කිහිපයක් ද භාවිතා වෙනවා. ඒ හරහා ඔබේ මුහුණේ සහා සිරුරේ features ඉතා අලංකාරවත් ලෙස ඡායාරුපයට හසුකරගැනීමට හැකි වෙනවා. වෙනස්ම සංකල්පයක wedding photo shoot අදහසක් ලෙසත් මෙය භාවිතා කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා.

එහෙනම්,දැන් අපි Hollywood style එකේ Photo shoot එකක් කරගන්නේ කොහොමද කියා බලමුද?

01. classic pose: වැලඳගැනීම

මෙසේ ඡායාරූපයට පෙනී සිටින විට එකිනෙකාව තදින් බදා අල්ලාගන්න එපා. ඔබේ සිරුර කැමරාව දෙසට මදක් හරවා ඔබේ ඉරියව්ව කෙරෙහි හොඳ අවධානයක් ලබාදෙන්න. හිස වැඩිය පහත් නොකර සිටීමත් වැදගත්.

02. Half-facing හෙවත් අර්ධ ලෙස එකිනෙකා දෙසට හැරීම

අත් ඔසවා තබාගැනීමෙන් ඔබේ උරහිස් සහා බාහු වඩාත් විශාල වී පෙනීමට ඉඩ තිබෙනවා. එවිට ඔබේ ඇත්ත ශරිර ප්‍රමාණයට වඩා ඔබ දෙදෙනාව මහතට පෙනීමට ඇති ඉඩකඩ වැඩි. ඒ වෙනුවට ඔබේ අත් පහතින් තබා හෝ මද වශයෙන් නවා තබාගන්න. මේ මඟින් ඔබට හොඳ සිහින් පෙනුමක් වගේම පින්තූරයට elegant look එකක් ද ලැබෙනවා.

03. under the arm: බාහුවෙන් අල්ලාසිටීම

සහකරුගේ /පෙම්වතාගේ සිරුරට බර වී එල්ලී සිටීම ඡායාරූපයකට එතරම් ලස්සන නැති බව ඔබට වම් පස පින්තූරයෙන් දැකිය හැකි වෙවෛ. මෙම pose එකේදී දෙදෙනාම හොඳ සැහැල්ලු බවකින් සිටීම වැදගත්.එක් අයෙකුට මදක් පි‍ටුපසින් අනෙක් කෙනා සිටගැනීමෙන් වඩාත් සාර්ථක shot එකක් ලබාගන්න පුලුවන්.

04. Pressing against the shoulder: උරහිසට බරවීම

අනෙක් පුද්ගලයාගේ උර්හිස මත හිස නොතැබීම වඩාත් සුදුසුයි. ඊට හේතුව තමයි එවිට ඔබ දෙදෙනාගේ උස පරතරය වඩාත් අමුතු ආකාරයකින් කැතට පෙනීමට ඉඩ තිබීම. ලස්සන ඡායාරූපයකට මේ ටිප් එක භාවිතා කල හැකියි. ඔබේ සහකරුට/පෙම්වතාට මදක් පි‍ටුපසින් සිටගනිමින් ඔහුගේ උරහිසට හේත්තු වන්න. ඔබේ ඉරියව්ව වඩාත් සැහැල්ලු විය යුතුයි වගේම ඔබේ මුහුණ ඔහුගේ උරහිසට තදකර තබා නොගැනීමට ද මතක තබාගන්න. මේ pose එක ඉතා ආකර්ෂණීය එකක් වගේම ඔබේ සිරුරේ සිහින් බව හොඳින් ඉස්මතු කර පෙන්වන ඡායාරූපයක් වේවි.

05. Half-turn & forwarding right shoulder- පැත්තකට හැරී දකුණු අත ඉදිරියට ගෙන ඒම.

පින්තූරයේ පෙනෙන ආකාරයට අත් වලින් සහකාරිය/පෙම්වතිය බදාගෙන සිටීම නොකලයුතුයි. හිරකරගෙන සිටින බවක් දිස්විය හැකි නිසා එය ඔබේ ඡායාරූපයේ පෙනුමට බාධාවක් විය හැකියි. ඒ වෙනුවට කැමරාව දෙසට හැරී උරහිස් හොඳින් පළල්ව සිටින සේ සැහැල්ලුවෙන් සිටගනිමින් එකිනෙකාව පින්තූරයේ පරිදි වැලඳගෙන ඡායාරූපයට පෙනීසිටින්න.

06. Sitting pose: ඉඳගෙන සිටියදී ඉරියව්ව

මෙම ඉරියව්වේදී අනෙක් පුද්ගලයා මතට බරවීම නොකල යුතුයි. ඒ වගේම ඔහුගේ උරහිස් වටා සම්පූර්ණයෙන් අත යවා සිටගැනිමත් එතරම් ආකර්ෂණීය ඉරියව්වක් නෙවෙයි. ඔහුට පි‍ටුපසින් සිටගනිමින් අල්ප වශයෙන් ඔහුගේ සිරුරට බර වීම මේ ඡායාරූපයේදී වැදගත් වේ. අත් ඔහුගේ උරහිස වටා යවමින් එකිනෙක පටලා ගැනීම සිදු නොකර සාමාන්‍යය ලෙස තබාගැනීම සිදුකරන්න.

07. Half-embrace with a kiss: වැලඳගනිමින් හාදු දීම

නළල සිඹින ඡායාරූප වලදී තරුණියගේ මුහුණ ඡායාරූපයට හොඳින් හසුවන්නේ නැහැ. ඒ නිසා දෙවන පින්තූරයේ ආකාරයෙන් ඡායාරූපයට පෙනී සිටීම වඩාත් සුදුසුයි.

08. Half-embrace and a swing : වැලඳගනිමින් කැමරාව දෙසට හැරීම

හිසට හිස තබා සිටගැනීම වෙනුවට උරහිස් හොඳින් පළල්ව සිටින සේ මදක් හැරී කැමරාව දෙස බලාසිටින ඡායාරූපයක් වඩාත් ලස්සන වේවි.

09. A simple kiss: සරල හාදුවක්

පළමු පින්තූරයේ මෙන් නාසයන් ගැටීම පින්තූරය විහිලුවක් ලෙස පෙනීමට ඉඩ තිබෙනවා.  ඒ ගැන සිතීමත් වැදගත්.

10. Pose while embracing: වැලඳගනිමින් ඡායාරුපයට පෙනී සිටීම

ඕනෑවට් අවඩා එකිනෙකා තද වන සේ බදාගැනීම නිසා ඔබේ සිරුර අමුතු විකෘතියකින් ඡායාරූප වලට හසුවී තිබීම සිදුවිය හැකියි. තරුණියව තමා දෙසට ලංකරගැනීම සිදුකල යුත්තේ තරුණයා විසිනි. පින්තූරය දෙස බැලූ විට ඔබට පෙනේවි ඡායාරූප වලට පෙනී සිටීමේදී ඔබේ සැහැල්ලු ඉරියව්වන් කොතරම් වැදගත් වෙනවාද කියා.