වස්තිගේ වීඩියෝව තහනම් කරයිද ‘අපිට අහුවෙන්න එපා හන්දිගානේ වස්ති කරවනවා’ ඩෑන් ගෙන් සැර කතාවක්

සිනමාපට වලටත් වඩා ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න යුටියුබ් කන්ටෙන්ට් ක්‍රියේට් කරන අති දක්ෂයින් කිහිපදෙනෙක්ම ලංකාවේ ඉන්නවා. ඒ අතරින් වර්ථමාන යුටියුබ් ‘කින්’ ලෙස හඳුන්වන්න පුළුවන් යුටියුබ් චැනලයක් තමයි ‘වස්ති’ කියන්නේ. අනුෂ්ක උදාන සහ දුලාජ් තමයි මේ ‘වස්ති’ කියන සනාමයේ නිර්මාපකයන් දෙදෙනා. මේ අයගේ වීඩියෝ බලන්න ලංකාවේ බාල මහලු හැමෝම කැමතියි. ඉතින් පසුගිය දිනක ‘වස්ති’ චැනලයෙන් ඔවුන්ගේ අලුත්ම වීඩියෝව වන ‘ආලෝක උපාලි’ පූර්වප්‍රචාර වීඩියෝ පටය සමාජ ජාලාවලට නිකුත්කොට තිබුනා. මේ වනවිට එම trailer එක යුටියුබ් ජාලයේ ට්‍රෙන්ඩින් 02ට පත්වෙලා.

කොහොම වුනත් මේ වීඩියෝව සම්බන්දයෙන් මේ වනවිට සමාජයේ විවිද කතා නිර්මාණය වෙන්න පටන් අරන්. අපේ ජනබල පක්ෂයේ කොළඹ නායකයාලෙස කරයුතු කරන ඩෑන් ප්‍රියසාද් විසින් මෙම වීඩියෝව ප්‍රචාරණය කිරීම වලක්වන ලෙස ඉල්ලමින් වස්තිලාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්කොට තිබෙනවා. එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මෙය අපගේ සංස්කෘතියට ලොකු පහරක් එල්ල කරන වීඩියෝවක් ලෙසයි, ඒ වගේම අතීතයේ රජකම් කල රජවරුන්ට වගේම නිලමේ ඇඳුමට කරන ලොකු අවනම්බුවක් බවයි. ඒ වගේම මෙම වීඩියෝවේ අනුෂ්ක ඇඳ සිටින නිලමේ ඇඳුමට එක් කර ඇති ලාංචන නිසා ලංකාවේ ත්‍රිවිධ හමුදාවට අගෞරව කර ඇතිබවයි. කොහොම වුනත් මේ වීඩියෝව පිළිබඳව අධිකරණය විසින් කිසිම පිළිතුරක් දී නෑ. මීට අමතරන ඩෑන් ප්‍රියසාද් විසින් ‘අනුෂ්ක පාරකදී හමුවුනොත් හන්දියක් හන්දියක් ගානේ තියලා වස්ති කරනවා’ කියලත් අනතුරු අඟවලා තිබ්බා. ඉතින් බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.