වසර 28,000ක් පැරණි ලෝම මැමත් කෙනෙක් ජපානයෙන් සොයාගැනේ

වසර මිලියන ගණනක් පුරා පෘථිවියේ ජීවත්වූ විවිධ ආකාරයේ ජීවීන් ගැන කරුණු සොයා ගැනීමට විද්‍යාඥයින් සෑමවිටම  උත්සහ කරනවා . එහෙත් අවාසනාවකට වගේ ඔවුන් බොහෝවිට සිදුකරන්නේ පොසිල සම්බන්ධ අධ්‍යනයන් විතරයි.

කෙසේවෙතත් බටහිර ජපානේ කින්ඩායි කියන විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකට මෑතකදී ලෝම මැමත් කෙනෙකුගේ සෛල වගයක් හමුවෙලා තියනවා. මේක අවුරුදු 28,000ක් විතර පරණ එකක් කියල තමයි මේ වෙද්දී ගණනය කරලා තියෙන්නේ. ඉතා දිග කාලයකට කලින් වඳ වෙලා ගිය මේ සත්ත්වයා ගැන වගේම ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැනත් හොඳ අවබෝධයක් ලබන්න මේක වටිනා අවස්ථාවක් කියලා තමයි විද්‍යාඥයින්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හරහා කාලය සම්බන්ධ වටිනා පරීක්ෂණ රැසක් කිරීමටද අවස්ථාව උදාකරගත් හැකි බව කියවෙනවා.