වයස්ගත පෙනුමක් ඇති කරවන හිසකෙස් වර්ණ ගැන්වීමේ වැරදි 10ක් මෙන්න

වර්තමානයේ බොහෝ දෙනා අතර හිසකෙස් වර්ණ ගැන්වීමේ විලාසිතාව අතිශය ජනප්‍රියය. සෑම කාන්තාවකටම මුහුණේ සුන්දරත්වය තවත් ඉස්මතු කර පෙන්වන  ස්වභාවයෙන්ම අලංකාර හිසකෙස් පිහිටයි. ඒ හේතුවෙන් කෘතිම වර්ණ ගැන්වීම් නිසා ඔබේ පෙනුමේ කැපී පෙනෙන වෙනසක් පියවි ඇසට නිරික්ෂණය කල හැකිය. එබැවින් ඔබ ‍තෝරාගන්නා හෙයාර් කලර්  එක ඔබේ පෙනුමට වඩාත් ගැලපෙන ආකාරයේ එකක් වීම වැදගත් වේ.

ඊට හේතුව තමයි ඇතැම් හිසකෙස් වර්ණ ගැන්වීම් සඳහා භාවිතා වන වර්ණ සහ ක්‍රම ඔබේ මුහුණට වියපත් පෙනුමක් එක්කල හැකි වීමයි. ඔබ විසින් සිදුනොකර සිටිනවා නම් වඩාත් සුදුසු යැයි කියන්න පුලුවන් එවැනි අත්වැරදි කිහිපයක් ගැනයි මේ.

01. වඩාත් තද බවින් වැඩි වර්ණයක් ‍තෝරාගැනීම

තද අඳුරු පසුබිමක් ඉදිරියේ ඇති යම් වස්තුවක් ඇස් වලට ඉස්මතු වී පෙනෙනවා නේද? මීට සමානම දෙයක් තමයි අපගේ මුහුණට ඇතිවන්නේත්! හයිලයිට් හෝ ස්ට්‍රීක් විලාසිතා නොමැතිව ඒකාකාරි කළු පැහැයකින් හිසකෙස් තනිකරම වර්ණ ගන්වාගැනීමේදි අපේ මුහුණේ ඇති ඉරි වැ‍ටුණු ස්වභාවය ඇතුලු මුහුණේ අඩු පාඩු ලක්ෂණ වඩාත් හොඳින් කැපීපෙනීමට පටන්ගනියි.ඔබ වඩාත් තද පැහැයන් වලට කැමති අයෙක් නම් කළු පැහැයට ආදේශකයක් ලෙස තද චෙස්ට්නට් වර්ණය ‍තෝරාගන්න. ඉන් ඔබේ හිසකෙස් වලට හොඳ පෙනුමක් ලැබේවි

02. හිසකෙස් වල ස්වභාවික පෙනුමට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයෙන් හිසකෙස් වර්ණ ගැන්වීම

ස්වභාවික හිසකෙස් වර්ණය එක්වරම වෙනස්කිරීමකට ලක් කිරීමෙන් වෙනස වඩාත් ඉස්මතු වී පෙනෙන්නට ගනියි. කෙනෙකුගේ මුහුණට හිසකෙස් වර්ණයෙන් ලාබාල පෙනුමක් හෝ වියපත් පෙනුමක් එක්වීම තීරණය වීමට වර්ණ භාවිතය පමණක් නොව තවත් විවිධ සාධක බලපානු ලබයි. එක්වරම වර්ණ වෙනස්කිරීමේදි ඔබ භාවිතා කල එම පැහැය ඔබේ මුහුණේ පැහැයට නොගැලපෙන වර්ණයක් නම් ඉන් ඔබේ මුහුණට වයස්ගත පෙනුමක් ඇති විය හැක.

පින්තූරයේ ඇති උදාහරණය දෙස බලන්න. නිළි එමා ස්ටෝන්ගේ හිසකෙස් ස්වභාවික බ්ලොන්ඩ් වර්ණයේ කෙස්කලඹකි. පළමු ඡායාරූපයට වඩා දෙවන ඡායාරූපයේ ඇගේ පෙනුම ඉතා ආකර්ෂණීයයි වගේම ලාබාල පෙනුමක් සහිතයි නේද?

03. හයිලයිට් නොමැතිව ඒකීය වර්ණයක ඩයි භාවිතා කිරීම

ඉදුණු හිසකෙස් සැඟවීමට ඇතැම් අය ඒකාකාරි වර්ණයකින් හිසකෙස් වර්ණ ගන්වා ගනිති. ඒකාකාරී බ්ලොන්ඩ් හෝ කළු පැහැයන්ගෙන් හිසකෙස් වර්ණ ගැන්වීමෙන් ඔබේ කෙස් කලඹේ ස්වභාවික පෙනුම  නැතිවී ඔබේ මුහුණට අඳුරු-වියපත් ගතියක් සහිත පෙනුමක් ඇතිකරයි. හයිලයිට් හෝ විවිධ වර්ණ වලින් ස්ට්‍රීක් වර්ණ ගැන්වීම් හරහා ඒකාකාරී වර්ණ ස්වභාවය අඩු කරවමින් ඔබේ කෙස්කලඹට වඩාත් දීප්තියක් එක්වේ.ඉන් ඔබේ මුහුණට හොඳ එලියක් ඇතිකරමින් ඔබට තරුණ පෙනුමක් ලබාදේ.

04. ප්ලැටිනම් බ්ලොන්ඩ් පැහැය (platinum blond)

මෙම වර්ණය ගැන නම් දෙවරක් සිතිය යුතුයි. මෙය සෑම කාන්තාවකටම ගැලපෙන වර්ණයක් නොවේ. ප්ලැටිනම් බ්ලොන්ඩ් පැහැය අලංකාර වර්ණයක් වුවත් සම සුසුදු හෝ රෝස පැහැ පෙනුමක් ගන්නා කාන්තාවන්ට මෙය එතරම් ආකර්ෂ්ණීය පෙනුමක් ඇති නොකරයි.ඉන් ඔබේ මුහුණට අඳුරු මලානික ගතියක් සහ වියපත් වූ පෙනුමක් ඇතිකරනු ඇත.

05. මුහුණේ ලක්ෂණ තීව්‍ර කරවන සුලු හයිලයිට් ක්‍රම භාවිතා නොකිරීම

හිස කෙස් වර්ණ ගැන්වීමේදී ස්ට්‍රීක්ස් වර්ණ ගැන්විම් ක්‍රම භාවිතා කල ද අවසන් නිමාව ඔබේ මුහුණට හොඳ ගැඹුරක්-පෙනුමක් ඇති නොකරයි නම් එය එතරම් ඵලදායි නැහැ. විසඳුම තමයි මුහුණේ වියපත් ලක්ෂණ පිටතට පෙනෙන ස්වභාවය අඩුකරවන සුලු පැහැයන් ‍තෝරාගැනීම, උදා: ලා පාට වර්ග (lighter shades). ලා වර්ණ මඟින් ඔබේ මුහුණේ තරුණබවක් ඉස්මතු කරවයි

06. හිසේ අර්ධයක් ඉදුණු හිසකෙස් සහිතව සහ අර්ධයක් ඩයි ගැන්වූ හිසකෙස් සහිත වීම

සුදු පැහැයට හැරුණු හිසකෙස් එලෙසින්ම තබා ගැනීම අද කාලයේ ඇතැම් දෙනාගේ විලාසිතාවක් බවට පත්වී ඇත්තකි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ හිසකෙස් වල අර්ධයක් වර්ණ ගැන්වූ හිසකෙස් ලෙස තිබියදි හිසකෙස් මුල් කොටස් සුදු හෝ අලු පැහැයට හැරී ඉදීම පටන්ගන්නා අවධියක් ඇත. මින් ඔබ කෙරෙන් වයස්ගත පෙනුමක් දිස් වේ. මිට වඩා Pixie hair cut විලාසිතාවකට යාම ඔබට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ඇතිකරාවි.

07. හිසකෙස් මුල් වල වර්ණ නොගැන්වීම

හිසකෙස් වර්ණ ගැන්වීමකින් පසුව කොණ්ඩයේ පෙනුම ‍රැකගැනීමේදී (hair maintenance)ඔබට මුහුණ දීමට සිදුවන තවත් ගැටලුවක් තමයි හිසකෙස් වර්ධනය වීම නිසා හිසකෙස් මුල් වෙනත් වර්ණයක් බව හොඳින් පෙනීමට පටන්ගැනීම.නිතරම හිසකෙස් වර්ණ ගැන්වීම විවිධ හේතු නිසා අපහසුය. ඉතින් ඔබේ පෙනුමට මින් හානියක් ඇති නොවීම සඳහා ඔබට හැකියි ඔබේ හිසකෙස් වර්ණගැන්වීමේ විලාසිතාවේදී හිසකෙස් මුල් කොටස් තද පැහැයකින් පෙනෙන ආකාරයේ විලාසිතාවක් කරගැනීමට (උදා: ombre විලාසිතාව වැනි). මෙවැනි ක්‍රම භාවිතය හරහා ඔබේ හිසකෙස් ස්වභාවිකව වර්ධනය වීම තව දුරටත් ඔබේ කෙස් කලඹේ පෙනුමට බාධාවක් නොවේවි. ඉන් ඔබේ පෙනුමට තරුණ බවක් එක්කරාවී.

08. යල් පැන ගිය කලර් ට්‍රෙන්ඩ්ස් තවමත් අනුකරණය කිරීම

හිසකෙස් වර්ණගැන්විම් සඳහා භාවිතා වන වර්ණ විවිධ විලාසිතා ශෛලීන් මෙන් කලින් කලට වෙනස් වේ.යල් පැන ගිය විලාසිතා වලින් ඔබේ පෙනුමේ ආකර්ෂණීය බව අඩුවිය හැකියි. අන්තර්ජාලය තුල ඔබ දකින සෑම හෙයාර් කලර් කිරීමක්ම ඔබට ගැලපෙන්නේ නැහැ.ඉතින්. මේවා ගැන හොඳ දැනුමක් තිබෙන්නේ කේශාලංකරණ ශිල්පීන් වැනි ක්ෂේත්‍රයේ සිටින විශේෂඥ දැනුම ඇති අයටයි. ඔවුන්ගේ සේවාව ලබාගනිමින් ඔබට හැකියි ඔබේ මුහුණට ගැලපෙන නිවැරදිම හිසකෙස් ඩයි වර්ණ ‍තෝරාගැනීමට.

09. තියුණු -රතු පැහැ වර්ණ වලින් හිසකෙස් වර්ණ ගන්වා ගැනීම

රතු පැහැ ඩයි වර්ග ඔබේ කොණ්ඩයට අලංකාර පෙනුමක් එක්කරයි. නමුත් මෙවැනි වර්ණයක් නඩත්තු කිරීම වියදම් සහගතයි. ඒවගේම මෙම වර්ණය ඉතා ඉක්මනින් දුර්වර්ණ වී ඉවත් වි යයි. රතු චෙස්ට්නට් (reddish chestnut හෝ බර්ගන්ඩි වයින් රතු පැහැය (burgundy red) වැනි වර්ණ වලට වඩා දුඹුරු පැහැයන් ආකර්ෂණීයය.

රතු පැහැයන් වලට කැමති අයෙකුට ‍තෝරාගත හැකි ආදේශක පැහැයක් ලෙස ස්ට්‍රෝබෙරි බ්ලොන්ඩ් පැහැය උදාහරණයක් ලෙස දැක්විය හැකියි. මෙය බ්ලොන්ඩ් සහ රතු වර්ණ ධාරාවේ අතරමැදි වර්ණයකි.මෙම පැහැය ඔබේ මුහුණට දීප්තියක් මෙන්ම දැකුම්කලු බවක් එක්කරයි.ස්වභාවයෙන් ලා පැහැයක් වන නිසා අතරින් පතර වර්ධනය වී ඇති පැහුණු හිසකෙස් ආවරණය කිරීම ද මෙම පැහැය මඟින් සිදුකරයි.

*කොණ්ඩය පැත්තකින් වෙන්කර පීරිම හරහා හිසකෙස් විලාසිතා කිරීම මඟින් ඔබේ මුහුණට වඩාත් තරුණ පෙනුමක් ඇති කරගත හැකිය. කාලයත් සමඟ මුහුණේ ඇති තෙල් කොටස් විනාශ වි යාම සහ චර්මාභ්‍යන්තර පටක මුහුණේ  අසාමානව  පැතිරීයාම නිසා මුහුණේ හැකිලුණු පෙනුමක් ඇතිවිය හැකිය(බොහෝ විට නිකට ආශ්‍රිතව).

මෙම හිසකෙස් විලාසිතා ක්‍රමය මඟින් ඔබේ මුහුණේ පිරුණු අලංකාර පෙනුමක් ඇති කරයි. මැදින් පීරන ලද කොණ්ඩ විලාසිතා මඟින් මුහුණේ ඇති මෙවැනි අඩුපාඩු ලක්ෂණ වඩාත් කැපී පෙනිය හැකිය. කොණ්ඩය පැත්තකින් බෙදා පීරීමේ විලාසිතා මඟින් මුහුණේ සමානුපාතික ලක්ෂණ සමබර කරවමින් ඔබේ පෙනුමට ආකර්ෂණීය බවක් එක්කරයි.