වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති කරවන කාන්තාවන් කරන විලාසිතා 07ක්

ඉතා විශාල මිල ගණන් ගෙවා මිලදී ගන්නා ඇඳුම් පැලඳුම් වර්ග ඇතැම් විට ඔබට වයස්ගත පෙනුමක් ඇති කරවන කිසිසේත්ම නොගැලපෙන ආකාරයේ ඒවා විය හැකියි. පහත දැක්වෙන්නේ එවැනි විලාසිතා කිහිපයකි. ඔබට ගැලපෙන විලාසිතා ‍තෝරාගැනීමට මේ අදහස් කිහිපය ඔබට ඊලඟ සාප්පු සවාරියේදි ප්‍රයෝජනවත් වනු ඇත.

01. අධික Make-up නිෂ්පාදන භාවිතය

මුහුණ අධික ලෙස Make-up කිරීම නිසා ඔබට වයස්ගත පෙනුමක් සහා ඇඳුමට නොගැලපෙන අවුල්සහගත පෙනුමක් ඇති විය හැකියි. එබැවින් ඉතා සරල Make-up  එකක් භාවිතා කරන්න. එහිදි ඇස්, තොල් සහා කොපුල් වලට පමණක් ඉස්මතු වන ආකාරයේ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන්න.

02. බර්ගන්ඩි වයින් වල රතු පැහැයෙන් යුතු ඇඳුම්

මෙම වර්ණයේ ඇති තද බව නිසා කාන්තාවන් හට වියපත් පෙනුමක් ඇතිකරවන බව විලාසිතා ලෝකයේ පිලිගැනිමයි. මිශ්‍ර විලාසිතාවක් ලෙස ලා පැහැති බ්ලවුස් මෝස්තරයක්  සමඟ බර්ගන්ඩි රතු පැහැයෙන් සායක් හෝ පෑන්ට් කලිසමක් ඇඳීම සුදුසුයි. එම පැහැයෙන් යුත් බ්ලවුස් හෝ ටී-ෂර්ට් වර්ග ඔබට තිබේ නම්, ඒවා අඳින විට මුහුණට හොඳ දිප්තියක් ලැබෙන ලා පැහැයකින් යුත් ස්කාෆ් එකක්, කමිසයක් හෝ කොලර් පටියක් එම ඇඳුමට භාවිතා කල හැකියි.

03. ක්ලැසික් ඇඳුම් විලාසිතා වලට යොදාගන්නා ඇතැම් රෙදි අමුද්‍රව්‍ය

ට්විඩ් (ලොම් රෙදි වර්ගයක්) හෝ ටැපෙස්ට්‍රි (ගොතන ලද රෙදි) වලින් මැසූ ඇඳුම් මඟින් කාන්තාවන් හට වයසට වඩා වියපත් පෙනුමක් එක්කරයි. එවන් විලාසිතා ඉතා පැරණිය. එබැවින් විලාසිතා ‍තෝරාගැනීමේදි රටාවන් වැඩි ප්‍රමාණයක් සහිත මෘතු රෙදිවර්ගයක් ‍තෝරාගන්න.

04. Business suit විලාසිතා

 මේවා වෙනුවට කැෂුවල් විලාසිතා ‍තෝරාගත හැකිනම් එය වඩාත් සුදුසුය.උදාහරණයක් ලෙස ඉහළට අත් නවන ලද බ්ලවුස් එකකට වෙනත් වර්ණයකින් පෑන්ට් කලිසමක් සහා ජැකට් විලාසිතාවක් භාවිතා කල හැකියි.

05. නිකට පහත් කරගෙන ඉන්න එපා

එමඟින් ඔබේ මුහුණේ සහා බෙල්ලේ ඇති මාංශ පේශීන් තෙරපී double chin තත්වය ඇති වී බෙල්ල වඩාත් මහත ලෙස පෙනීමට ඉඩ තිබෙනවා. එවගේම නිකට පහතට කරගෙන සිටීමෙන් දුක්මුසු ස්වභාවයක් මුහුණෙන් පෙන්නුම් කරනවා. පාරේ ගමන් කරන විට, පරිගණකයක් ඉදිරියේ ඉඳගෙන සිටින විට හෝ දුරකථනය භාවිතා කරන විට පවා හිස් සෘජුව තබාගෙන සිටින්න.

06. කම්මුල් වල rouge හෝ dark powder ගැල්වීම

මෙම make-up ක්‍රමය මඟින් කම්මුල් සමතලා පෙනුමක් ඇතිකරයි. ඉන් ඔබට මුහුණේ හැකුළුණු බවක් සහිත වියපත් පෙනුමක් එක්විය හැකියි. ඒවා වෙනුවට ලා වර්න වල shades කම්මුල් වල ගල්වාගන්න.

07. පර්ල් තොල් ආලේපන  භාවිතය

මෙවැනි තොල් ආලේපන නිසා මුහුණේ ‍රැළි වැ‍ටුණු ස්වභාවය වඩාත් හොඳින් කැපි පෙනීමට පටන් ගනියි.