වයසට ගියත් කරන්න පුළුවන් ලස්සන විලාසිතා 12ක්

විලාසිතානුකූල දේවල් මොනවාද, එසේ නොවන්නේ මොනවාද කියා පි‍ටු ගණන් පුරා ලිපි සඳහන් වන Fashion magazines වල අඩුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි රූපවාහිනි මාධ්‍ය වැඩසටහන් ඔස්සේ පවා විලාසිතා ලෝකයේ අනුගමනය කරන නීති ගැන අනිවාර්යෙන් පිලිපැදිය යුතුයි, නො එසේනම් විලාසිතාවට පටහැනි නොගැලපෙන භාවිතාවක් වියහැකි බව අවධාරණය කරන මත ඕනෑතරම්ය. නමුත්, විලාසිතා වගේම විලාසිතා අනුගමනය කරන ආකාරයත් කාලයෙන් කාලයට අලුත් වීම සහ වෙනස්වීම සිදුවෙමින් පවතිනවා, විලාසිතා වලට ආදරය කරන ඕනෑම කෙනෙකුට තමන් කැමති ශෛලිය අනුගමනය කිරීමේ නිදහස තියෙනවා කියා ඔප්පු වී හමාරයි. මෙහෙම කියන්න හේතුව තමයි වයස, ශරිර ලක්ෂණ පිහිටීම් වල වෙනස්කම් අනුව ගැලපෙන නොගැලපෙන විලාසිතා බෙදාදැක්වීම් තවදුරටත් නොතකමින් තමන් කැමති විලාසිතා අනුගමනය කිරීමට තරම් නවීන ලෝකයේ කාන්තාවන් ප්‍රගතිශීලී වෙලා තියෙනවා කිවුවොත් වඩාත් නිවැරදි වේවි. අද අපි ඔබට කියන්න සූදානම් වන්නේ විලාසිතා ලෝකයේ යල්පැන ගිය එවැනි විලාසිතා මත කිහිපයක් ගැනයි.

මතය1 – Fashionable විදියට අඳින්න පුලුවන් කෙට්‍ටු ඇඟක් තියෙන ගැහැණු ළමයින්ට විතරක් බව

විලාසිතානුකූල පෙනුමකට පෙනුම බාධාවක් යැයි සිතීම ඉතාම පැරණි යල් පැනගිය අදහසක්. ලස්සනට අඳින්න පලඳින්න සිරුරේ පෙනුම කොහෙත්ම අදාල නැහැ. වර්තමානයේ ඕනෑම විලාසිතාවක් ශරීර ප්‍රමාණ ‍රැසකින්ම මිලදී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් කැමති විලාසිතාවෙ, කැමති වර්ණයෙන් කැමති ඇඳුම් නිදහසේ ‍තෝරාගන්න හැකියාව තිබෙනවා. ඒ නිසා විලාසිතා කරන්න පුලුවන් කෙට්‍ටු සිහින් සිරුරක් තියෙන අයට විතරයි කියලා කාටවත් කියන්න බැහැ.

මතය2 – Perfect කෙස් කලඹක් නේත්නම් කාන්තාවකගේ පෙනුම සම්පූර්ණ නැති බව කියන අදහස

පොදු සහ යල්පැන ගිය ප්‍රධාන විලාසිතා නිතියක් තමයි කෙස් කලඹේ පරිපූර්ණ බව ඇතිකරගැනීම කියලා කියන්නේ. ඇත්තෙන්ම, කෙස් කලඹින් ඔබේ පෙනුමට ලස්සනක් වගේම හොඳ නිමාවක් එක්කරනවා. නමුත්, ඉතින් වර්තමානයේ කෙනෙකුගේ නොසැලකිල්ලත් විලාසිතාවක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. එක්කෙනෙක් කරන දේ තවත් කෙනෙක් විලාසිතාවක් විදියට භාවිතා කිරීමට පටන් ගැනීම ශීඝ්‍රයෙන් සිදුවන්නකි. ඉතින් අවුල් වූ කොණ්ඩයක් වුණත් අද කාලයේ විලාසිතාවක්.

මුහුණට වැටෙන ‍රැළි මඟින් මුහුණේ පෙනුමට සියුම් ලස්සනක් එක්කරනවා වගේම trend එකක් බවටත් පත්වෙලා තිබෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීම පවා අද කාලයේ තරුණ වැඩිහිටි වයස් භේදයක් නැතිවම ජනප්‍රිය වෙලා තිබෙනවා. Perfect කෙස්කලඹ යන සංකල්පයෙන් අදහස් විය යුත්තේ සීරුවෙන් කොණ්ඩය පිළිවෙලකට පීරා තිබීම ද නැතිනම් හිසකෙස් නිතරම පිරිසිදුව සහ මනා සත්කාරයන් ලබාදෙමින් නීරෝගීව තබාගැනීමද?

මතය3 – වයසට ගැලපෙන්න අඳින්න ඕන යැයි කියන මතය

වයස ගත වීමත් සමඟ අඳින පලඳින විදිය පවා වෙනස් කල යුතු බව සිතන අය ඉන්නවා. නමුත්, මෙම මතය අතික්‍රමණය කල සුපිරි තරු විතරක් නෙවෙයි සාමාන්‍ය කාන්තාවන් ඕනෑ තරම් වර්තමානයේදී මගතොටේදි අපි දකින්නෙමු. වයසට අනුව අඳින්න අවශ්‍යයි කියා හිතන එක ක්‍රමයෙන් ඈත්ව යන මතයක් යැයි පෙනී යයි. ඇඳුම් 30+, 50+ ආදි වශයෙන් වර්ගීකරණය කර නැහැනේ!වඩාත් වැදගත් වන්නේ වයසට ගැලපෙන්න අඳින එකට වඩා ඇඳුම් ගලපා ගැනීමයි.

මතය4 – ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් ඇඳීමෙන් සිරුරට විශාලව පිටතට පෙනෙන බව

ලිහිල් ඇඳුම් වලින් ඔබේ සිරුරට හොඳ හැඩයක් ලබාගත හැකියි. මේ සඳහා එක් සරල නීතියක් අනුගමනය කල යුතුයි. එනම් ඇඳුමේ එක් කොටසක් අනිවාර්යෙන් තදින් ගැටගැසීම කල යුතුයි. උදාහරණයක් ලෙස ඉන දෙසින් පටියක් හෝ බෙල්ට් එකක් භාවිතා කල හැකියි. එය ඔබට හොඳ විලාසිතානුකූල පෙනුමක් ලබාදේවි.

‍ මතය5 – රැළි සහිත ප්‍රමාණයෙන් අතිවිශාල ඇඳුම් ඇඳුම් වලින් අඩුපාඩු සැඟවිය හැකි බව (draping and voluminous clothing)

‍රැළි සහ නැමුම් මඟින් ඇඳුමට වැඩි පෙනුමක් එක්කිරීම වගේම සිරුරේ දාර සහ මහත බව සැඟවිය හැකි බව මතයයි.නමුත්, තරමක් තද සිලුවට හෝ අලංකරණ භාවිතයෙන් ඇඳුමට වැඩි ආකර්ෂණීය පෙනුමක් එක්කරගත හැකියි. උදාහරණයක් ලෙස බෙල්ට් පටියම් ගවුමක් උඩින් පැලඳීමෙන් ඉනට සිහින් හැඩැති පෙනුමක් ලබාගත හැකියි.

මතය6 – වයස 40 න් පසු කොණ්ඩය කොටට කපන එක සුදුසුයි යන මතය

වැඩිහිටි කාන්තාවන් සඳහා වෙන්වූ විශ්වීය හිසකෙස් මෝස්තර නොමැත. එබැවින් දිගු හෝ කොට වේවා, කොණ්ඩය නීරෝගීව තමන් කැමති ලෙසකින් පවත්වාගෙන යාමට ඕනම කාන්තාවකට හැකියි. වඩාත් වැදගත් වන්නේ ඔබේ පහසුව පමණයි.

මතය7 – ඔබේ බෑගය ඔබ පලඳින සපත්තු වල වර්ණයට ගැලපිය යුතු බව

සමාන වර්ණයකින් සියලු දේවල් ගලපා ගැනීම යල්පැන ගිය විලාසිතාවකි. අද කාලයේ භාවිතා වන්නේ වර්ණ කිහිපයක සුසංයෝගයෙන් හැඩවීමයි. ඇඳුම, බැගය , සෙරෙප්පු හෝ සපත්තු වෙනස් වර්ණ වලින් යුක්ත වීම නිතර දක්නට ලැබැන දසුනකි. තමන් කැමති වර්ණ වලින් තමන් කැමති විලාසිතා කරන්න ඕනම කෙනෙකුට නිදහස තිබෙනවා.

මතය8 – විලාසිතානුකූල පෙනුමකට වර්ණ 3 කට වඩා මිශ්‍ර ඇඳුම්  නොගැලපෙන බව

විලාසිතා ලෝකයේ වර්ණ ගැන දක්වන්නේ වැඩි සැලකිල්ලකි. නමුත්, මේ අදහස ඉතා පරණය. වර්ණ 3 කට වඩා වැඩි ඇඳුම් මෝස්තරයක් පෙනුමින් ඉතා ආකර්ෂණීය සහ අලංකාර වන බව නොරහසකි. වර්ණ සහ ජ්‍යාමිතික හැඩතල නීරුපණ නිවැරදිව සුසංයෝගීව තිබීම එම ලස්සන තවත් වැඩිකරවයි.මෙම color blocking උපක්‍රමය හරහා අසමසම සහ වඩාත් කැපීපෙනෙන විලාසිතා සිදුකල හැකියි.

මතය9 – වර්ණවත් ඇඳුම් නොගැලෙපන බව

ඇතැම් වර්ණ ඇතැම් අයට නොගැලපෙන බව නිගමනය කිරීම විලාසිතා ලෝකයේ සිදුවන්නකි. එය බොහෝ දුරට ඇත්තකි. නමුත් එහි සෑම වර්ණ පරාසයක්ම නොගැලපෙන බව සිතිය නොහැකියි. ඔබට නොගැලපෙන බව කියන වර්ණයේම වෙනත් පැහැයන් මගහැරීමට අවශය නැහැ. ඔබට හැකියි ඒවා උත්සාහ කර බැලීමට. යම් යම් දේශගුණ වලදී අපේ සමේ පැහැයන් වෙනස්වීම නිසා ඇතැම් වර්ණ අපට නොගැලපෙන ස්වභාවයකින් යුතුවිය හැකියි. ඔබට එම වර්ණයට ලොකු කැමත්තක් තිබේ නම් ඔබට පුලුවන් මුහුණට ආසන්න නොවන ලෙස එම වර්ණයෙන් ඇඳුම් විලාසිතාවක් භාවිතා කිරීමට.

මතය10 – කාන්තාවන් ඇඳිය යුත්තේ කාන්තාභාවය විදහා දැක්වෙන ඇඳුම් පමණක් බව

ඇතැම් අය විශ්වාස කරන ආකාරයට කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ සාම්ප්‍රදායික සහ කාන්තා ලාලිත්‍ය විදහා දැක්වෙන ඇඳුම් බවයි. නමුත්,අද කාලයේ ගැහැණු ළමුන් ජීන්ස්, stripped pants වැනි කලිසම් විලාසිතා, ටී-ෂර්ට්, රොක් ලෙදර් ජැකට් විලාසිතා භාවිතා කරති. තමන් කැමති විලාසිතාවක් කරන්න ඒ වගේ ඒකාකෘතික යල්පැනගිය අදහස් බාධාවක් නොවෙයි කියා ඔවුන් තම විලාසිතා අනුගමනයෙන් ඔප්පු කර තිබෙනවා.

මතය11 – කොළ සහ රෝස වර්ණ ඇඳුම් විලාසිතාවකදී සුසංයෝගි කල නොහැකි වර්ණ බව

මෙය ඉතා ඈත අතීතයක් ඇති විලාසිතා නිතියකි. බොහෝ විට බුද්ධිමතුන් පවා සඳහන් කට ඇත්තේ මෙම වර්ණ කිසිඳු ගැලපීමක් නොමැති ඒවා බවයි. නමුත්, contrast නැතිනම් එකිනෙකට වෙනස්ව කැපීපෙනීම කියන්නේ අද කාලයේ තිබෙන ප්‍රමුඛතම විලාසිතාවක්. මෙවැනි නොගැලපෙන යැයි පවසන වර්ණ භාවිතා කරමින් ඕනැ තරම් විලාසිතා නිර්මාණය වීම අද කාලයේ ඉතා සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.

මතය12 – සුදු පැහැති හිසකෙස් සැඟවීමට ඩයි භාවිතා කල යුතු බව

ස්වභාවික පෙනුමට ඇලුම් කරන බොහෝ දෙනා තම අළු පැහැති – සුදු පැහැති හිසකෙස් එලෙසින්ම වෙනස් නොකර තබා ගැනීමත් අද කාලයේ විලාසිතාවක් වෙලා. ඉතින්, සුදු කොණ්ඩය කියන්නේ ලැජ්ජාවෙන්න දෙයක් නෙවෙයි. එය ඔබට ඔබටම ආවේණික වූ විලාසිතා අනන්‍යතාවක් ඇති කරවනවා. සුපිරි තරු පවා තම හිසකෙස් ඩයි නොකර ස්වභාවිකව එසේ අළු පැහැයෙන් තබා ගැනීමට උනන්දුවන බවත් එය අද වන විට trend එකක් බවට පත් වෙලා තිබෙන බවත් දැකිය හැකියි.