ලෝක ධනවතෙකු වන බිල් ගේට්ස් ගැන කිසිවෙකු නොදැන සිටි කරුණු 23ක්?

බිල් ගේට්ස් නැතිනම් විලියම් හෙන්රි ගේට්ස් උපත ලබා ඇත්තේ 1955 ඔක්.28 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර සියැටල් හිදිය.ඔහු ඇමෙරිකාවේ සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්,ව්‍යවසායකයෙක්, පරිගණක යෙදවුම් සහා මෘදුකාංක නිර්මාණශිල්පියෙක්, ආයෝජකයෙක් මෙන්ම ජනතා හිතකාමි පෞරුෂයක් ලෙසින්ද හැඳින්විය හැකියි. ලොව විශාලතම පරිගණක මෙහෙයුම් සහා නිර්මාණ සමාගමක් වන මයික්‍රෝසොෆ්ට් සමාගමේ සම-නිර්මාතෘවරයා වන්නේද ඔහුයි.

1975 වසරේ  ඒම් මීට වසර 45 කට පමණ පෙර බිල් ගේට්ස් සහා ඔහුගේ මිත්‍ර පෝල් ඇලන් සමඟ එක්ව  ලොව විශාලතම මෘදුකාංග ව්‍යාපාරය ලෙස හඳුන්වන මයික්‍රෝසොෆ්ට් සමාගම පිහිටවනු ලැබීය. තාක්ෂණික නව නිපැයුම් සහා ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන වෙනසක් කරමින් නවීන අදහස් සහා ක්‍රම ශිල්ප භාවිතා කරමින් එම සමාගම ලොව ප්‍රධාන පෙළේ සමාගමක් බවට අද වන විට ක්‍රමයෙන් වර්ධනය වී ස්ථාවරත්වයට පත්ව තිබේ. ලොව වැඩිම ආදායමක් ලබන සමාගම වන මයික්‍රෝසෝෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා හඳුන්වන්නේ ලොව සුපිරි ධනවතුන් අතරින් අයෙකු ලෙසයි. මේ ධනවත් බිල් ගේට්ස් ගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධව හෙලි වූ කරුණු කිහිපයකි.

  • 01. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ධනවත්ම මිනිසා ඔහුය. ලොව සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වන්නේ ද ඔහුයි.
  • 02. මයික්‍රෝසොෆ්ට් ආයතනය යටතේ සාර්ථකම තාක්ෂණික සමාගම් කිහිපයකම සම නිර්මාතෘ වරයා වීමට ඔහුට හැකියාව ලැබි ඇත.
  • 03. ‘Bill & Melinda Gates Foundation’ නම් ඔහු සහා ඔහුගේ බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන සුබසාධක පදනම හරහා සමාජයට ඉතා වැඩදායි කාර්යභාර්යන් ‍රැසක් ඉ‍ටු කල ජන හිතෛෂී පුද්ගලයෙකු ලෙස ද ඔහු ඉතා ප්‍රචලිතය.
  • 04. බිල් ගේට්ස් විසින් තමන් වයස අවුරුදු 30 වන විට මිලියනපතියෙකු වන බවට අධිෂ්ඨානයකින් සිටි බව පැවසේ. වයස අවුරුදු 31 දී ඔහුට මිලියනපතියෙකු නොව සාර්ථක බිලියනපතියෙකු වීමේ වරම් හිමි විය.
  • 05. ඔහු කුඩා කාලයේදී ඉගෙන ලැබූ පෞද්ගලික පාසල එරට පරිගණකයක් සහිත වූ සීමිත පාසල් කිහිපයකින් එකක් විය. ඔහු භාවිතා කල පලමු පරිගණක වැඩසටහන Tic-tac-toe- නම් ක්‍රීඩාව බව සඳහන් වේ.
  • 06. සමාගමේ කටයුතු වලට පරිභාහිරව ඔහු විසින් සුබසාධන වැඩසටහන් සඳහා විශාල දායකත්වයක් සපයනු ලබයි. ඒ සඳහා ඔහුට ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් ගේ නොමද සහය හිමිවෙයි. 1994 වසරේ පිහිටවූ ඔවුන්ගේ ‘Bill & Melinda Gates’ පදනම හරහා ගෝලීය සෞඛ්‍යය ප්‍රවර්ධක වැඩසටහන් ‍රැසකට මූල්‍යාධාර සැපයීම ඔවුන් විසින් සිදුකලහ. 1990 දශකය තුලදී උතුරු ඇමෙරිකානු පුස්තකාල සඳහා ‘Gates Learning Foundation’ නම් පදනම යටතේ මුදලින් ආධාර සැපයීම සිදුකර ඇත. ‘Gates Millennium Scholars Program’ නම් වැඩසටහන යටතේ සිසුන් හට ශිෂ්‍යත්ව ලබාදීමට ද ඔවුන් විසින් කටයුතු කර ඇත.
  • 07. පසුගිය වසර 23 ක කාලය පුරාවට Forbes සඟරාවට විසින් නම් කරන  ‘ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවේ’ අඛණ්ඩව  වසර 18 ක් පළමු වැනියා ලෙස ‍රැඳීසිටීමට ඔහුට හැකිවිය.
  • 08. 1995-2007 කාලය දක්වා ඔහු ‍රැඳී සිටියේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළම ස්ථානයේයි. නමුත් ලොව තාක්ෂණික සමාගම් දැවැන්තයෙක් වන ‘Amazon’ සමාගමේ හිමිකරු ජෙෆ් බෙසෝස් විසින් එම ස්ථානය හිමිකරගැනීමත් සමඟ ඔහුට එම ලැයිස්තුවේ හිමි වී තිබෙන්නේ දෙවන ස්ථානයයි.
  • 09. තම තරුණ කාලයේදි ඔහු විසින්  World Book Encylopedia පොත් මාලාවම සම්පූර්ණයෙන්ම කියවා අවසන් කර ඇත.
  • 10. ඔහුට අයත් පෞද්ගලික ගුවන් යානාවට අමතර ඔහුට අයත් දේපළ අතරින් වඩාත් කැපී පෙනෙන දෙයක් වන්නේ ‘Codex Leicester’ නමින් හඳුන්වන සුප්‍රකට ලියනාර්ඩෝ ඩාවින්සි විසින් සිදුකල රචනා එකතුවකි. එය  ඔහු විසින් 1994 වසරේ පැවති වෙන්දේසියකින් ඩොලර් මිලියන 30.8 ක ඉහළ මිලක් ගෙවා දිනාගත්තකි.
  • 11. වරක් ඔහු මාර්ග සංඥා වලට අවනත නොවීම සහා රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරද යටතේ ඔහු අත් අඩංගුවට පත් වී ඇත. ඒ 1977 වසරේදී මෙක්සිකෝවේදී ය.
  • 12. ගේට්ස් සහා ඇලන් සියැටල් හි ලේක්සයිඩ් පාසලේ සිසුන්ව සිටින කාලයේදි පෝල් ගිල්බර්ට් නමැත්තාද සමඟ සමාගමක් පිහි‍ටුවන්නට විය. ඔවුන් විසින් නිමවූ ‘Traf-O-Data 8008’ නම් පරිගණකය ඒ යටතේ නිර්මාණය වූවකි. එය මාර්ග නිති සම්බන්ධ දත්ත කියවීම සහා රථ වාහන ඉංජිනේරුවන් හට වාර්තා සැපයීම වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.
  • 13. ඔහුගේ දවසේ සෑම මිනිත්තුවක්ම දෛනික කාල සටහනකට අනුව ක්‍රියාත්මක වේ. කාර්යබහුල එදිනෙදා ජීවිතය අතරේ වසරකට පොත් 50 ක් කියවීම සඳහා ඔහු විසින් කාලය වෙන් කරගැනීමට යුහුසුළු වෙයි. ඒ අනුව සතියකට එක් පොතක් කියවා අවසන් කිරීම ඔහුගේ පුරුද්දයි. ඔහුගේ නිවසේ ඇති පුස්තකාලයේ වහල මත ස්කොට් ‍ෆිට්ස්ග‍රැල්ඩ් විසින් රචිත ‘The Great Gatsby’ නම් නව කතාවේ උපුටාගත් ඡේදයක් කැටයම් කර ඇත.
  • 14. ඔහු ප්‍රකාශ කරන ආකාරයට මයික්‍රෝසොෆ්ට් සමාගම සාර්ථක නොවූයේ නම් ඔහු බොහෝ විට කෘතිම බුද්ධිය (Artficial Intelligence) සම්බන්ධ පර්යේෂකවරයෙකු බවට පත්වීමට ඉඩ තිබූ බවයි. කෘතිම බුද්ධිය පිලිබඳව ඔහුගේ ඇති උනන්දුව මෙන්ම ‘සුපිරි බුද්ධිය’ (Super Intelligence) නම් සංකල්පය කෙරෙහිද ඔහු දැඩි ලෙස උනන්දුවකින් පසු වෙයි. එම කඳවුරේ ඔහුත් සමඟ තාක්ෂණික විද්‍යාවේ දැවැන්තයින් වූ ස්ටෙෆන් හෝකිං සහා එලොන් මස්ක් වැන්නන් ද සිටිති.
  • 15. බිල් ගේට්ස් දරන මතයට අනුව 2035 වන විට ලොව දුප්පත් රටවල් යනුවෙන් වර්ගීකරණයක් නොපවතිනු ඇති බව ඔහු විශ්වාස කරයි.
  • 16. 2014 වසරේ ප්‍රසිද්ධ තරු අතර පවා හුවමාරු වූ #IceBucketchallenge උන්මාදය ඔබට මතකද? බිල් ගේට්ස් ට පවා එම අභියෝගයෙන් බේරීමට නොහැකි විය. ඔහුට එම අභියෝගය එල්ල කර තිබුණේ මාර්ක් සකර්බර්ග් විසිනි. කොහොම වුණත් ඔහු එම අභියෝගය බාරගෙන තිබුණා.
  • 17. 70 දශකයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිලිකන් නිම්නය ප්‍රසිද්ධ තාක්ෂණ සමාගම් ‍රැසකට ‍තෝතැන්නක් බවට පත් වී තිබුණි. එම නිසා බිල් ගේට්ස් විසින් නිව් මෙක්සිකෝවේ පිහිටි තම සමාගම වොෂිංටන් නුවර ඔහුගේ උපන් නගරය වූ සියැටල් වෙත ගෙන ඒමට කටයුතු කලේය. 1986 දි එම සමාගම එම නුවරම රෙඩ්මොන්ඩ් නම් ප්‍රදේශයට ගෙනයාමට තීරණය විය. වර්තමානයේදි මයික්‍රෝසොෆ්ට් සමාගම වර්ග අඩි මිලියන 8 ක විශාල භූමි ප්‍රදේශයකට ඉදි වී තිබෙන කලාපයකි. එහි සේවයේ නියුතු සේවකයින් සංඛ්‍යාව 40000 ක් පමණ වේ. සමාගමේ සෙසු මූලස්ථාන සියැටල්, බෙල්ලෙවු සහා ඉස්සක්වාහ් නම් නගර තුල පිහිටා ඇත.
  • 18. වරක් ඇපල් සමාගමේ හිමිකරු ස්ටීව් ජොබ්ස් විසින් තම ආයතනයෙන් වංචාකල බවට බිල් ගේට්ස් ට එරෙහිව චෝදනා කල අවස්ථාවේදී ඔහු කියා සිටියේ මෙවැන්නකි, ‘මම හිතන්නේ ඕක වුණේ මෙහෙමයි. අපි දෙන්නටම Xerox නම් ධනවත් අසල්වැසියෙක් හිටියා. මම එයාගේ නිවසට පැනලා TV set එක හොරකම් කරන්න හදපු අවස්ථාවේ මට තේරුණා ඔබ ඒ වනවිටත් එය හොරකම් කරලා තිබුණු බව”
  • 19. බිල් ගේට්ස් විශ්වාස කරන්නේ දරුවන් වෙනුවෙන් ටොන් ගණනින් මුදල් දායද කිරීම දෙමාපියන්ගේ රාජකාරියක් නොවන බවයි. ඔහුගේ දරුවන් තිදෙනා වන ජෙනිෆර්, ෆෝබ් සහා පුත්‍රයා වන රෝරි හට ඔහුගේ වත්කම් වලින්  ඩොලර් මිලියන 10 ක් වැනි මුදලකට හිමිකම් කිව හැක.
  • 20. බිල් ගේට්ස් වර්තමානයේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු නොකරයි. 2006 වසරේ සිට ඔහු ඉන් ඉවත් වී තම සුබසාධක පදනම යටතේ සංවිධානය වන කටයුතු සඳහා වැඩි අවධානයක් ලබාදෙමින් සිටියි. කෙසේ වෙතත් ඔහු සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන සත්‍යා නැන්ඩෙලාගේ උපදේශකවරයා ලෙස කටයුතු කරයි.
  • 21. බිල් ගේට්ස් පවසන්නේ ඔහු සැම විටම තරමක් කම්මැලි පුද්ගලයින් හට අපහසුම රාජකාරි පවරන බවයි. ඊට හේතුව ලෙස ඔහු පවසා සිටියේ ‘මොකද ඔවුන් ඊට ඇති සරලම විසඳුම සොයාගන්නා බව තමන් දන්නා නිසා බවයි’
  • 22. බිල් ගේට්ස් ගේ bucket list එකේ ඔහුට ඉතිරිව ඇත්තේ තවත් එක දෙයක් පමණි. ඒ තමයි මරණය.
  • 23. මල අපද්‍රව්‍ය පිරිසිදු පානීය ජලය බවට පිරිපහදු කරන යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට ඔහු විසින් වර්තමානයේදි මුදල් ආයෝජනය කරමින් සිටියි.