ලෝකේ හොහේවත් නැති ජපානේ විතරක් ඇති වෙනස්ම පුරුදු 8 ක්

රට රටවල් වල ජනයා අනුගමනය කරන ඇතැම් පුරුදු වල අරුත් තේරුම් ගන්න පුලුවන් ඒ අයටම විතරයි. ලෝකයේ සෑම රටකම ජන කණ්ඩායම් අතර මෙවැනි ඔවුන්ටම ආවේණික වු පුරුදු අනුගමනය කරනු ලබයි. ජපානයත් ඒ අතින් කිසිම වෙනසක් නැහැ. කොතරම් නවීකරණයට පත් වූ සහා තාක්ෂණික වශයෙන් ඉදිරියෙන්ම ඉන්න රටක් වුණත් එරටේ සංස්කෘතික අගයන් සහා සම්ප්‍රදායන්ට ලබා දී ඇත්තේ ඉහළ ස්ථානයකි. අතීතයේ පටන් තම දෛනික ජීවන රටාව තුල ජපානයේ වැසියන් විසින් අනුගමනය කරන ටිකක් අමුතු ආකාරයේ භාවිතාවන් සහා පුරුදු කිහිපයක් ගැනයි අපි අද කියන්න සුදානම් වෙන්නේ. ඔවුන්ගේ ඇතැම් පුරුදු විදේශිකයින්ව පවා පුදුම කිරිමට සමත් වි ඇති ඒවා බවයි පැවසෙන්නේ.

01. වැසිකිළි නාන කාමර භාවිතයේදි විශේෂ සෙරෙප්පු යුගලක් භාවිතා කිරීම ඔවුන් විසින් සිදුකරන්නකි. නිවසේ සාමාන්‍ය ලෙස පැලඳ සිටින පාවහන්  සහිතව වැසිකිළියට ඇතුලු නොවෙයි.

ජපන් ජාතිකයින් පිරිසිදු කම සහා සනීපාරක්ෂාව ගැන බොහෝ සැලකිලිමත් වන පිරිසක් බව ප්‍රචලිතයි. නිවසේ නාන කාමරය ,වැසිකිළිය ඉදිරියේ මෙම විශේෂ සෙරෙප්පු යුගල තබා තිබෙන්නේ ද ඒ නිසයි. ඒ මත ‘වැසිකිළිය’ යන අරුත් දෙන වචනයක් සඳහන් කර ඇත. මේ ක්‍රමවේදය නිවාස තුල පමණක් නොව කාර්යාල, රෝහල් සහා අවන්හල් තුලද ක්‍රියාත්මක වන සනීපාරක්ෂක ක්‍රමයකි.

02. නිවසින් පිටවී නැවත පැමිණි පසු ඔවුන් විසින් තම දෑත් පමණක් නොව උගුර සේදීම ද සිදුකරති.

ජපන් ජාතිකයින් විසින්  ‘ugai’ හෙවත් උගුර කලත්තවමින් සෝදාගැනීම (gargling) සඳහා දෑත් සේදීම තරම්ම වැදගත්කමක් ලබාදී ඇත. කාර්යාල වල, කඩ සාප්පු වලදි පවා ඇතැම් අය මෙසේ සිදුකරනු ලබන දර්ශණ එරට සාමාන්‍යයෙන් නිතරම දක්නට ලැබේ. ඒ සඳහාම විශේෂයෙන් නිපදවූ සේදුම් දියර පවා එරට අලෙවි වේ. සාමාන්‍ය උණු ජලය හෝ කැමොමල් මල් වලින් සෑදු කසායක් මේ සඳහා භාවිතා කරනු ලබයි.

03. නිවසට පැමිණි අමුත්තන් සඳහා වෙනම සෙරෙප්පු යුගලක් ලබාදීම සිදුකරයි (disposable slippers). ඔවුන් නිවසින් පිටවී ගිය පසු ඒවා කසල ලෙස බැහැර කරයි.

ජපන් නිවසකට ඇතුලු වන විට ඔබ පැලඳගෙන ආ සෙරෙප්පු නිවස ඉදිරියේ ගලවා තැබිය යුතුයි. එය හඳුන්වන්නේ ‘genkan’ යනුවෙනි.

04. ඔවුන් පානය කරන්නේ ටැප් ජලයයි. එම ජලයේ ඇති පිරිසිදුබව නිසාම ඒවා පිරිපහදු කිරීමට (filter)අවශ්‍ය නැත

ටෝකියෝ නගරයේදි සෘජුවම ටැප් ජලය පානය කිරිමට කිසිසේත්ම  බිය විය යුතු නැත. එහි ජල සැපයුම් පද්ධතිය සඳහා ඉහළ තත්වයේ ක්‍රමෝපායන් සහා පිරිපහදු තාක්ෂණයක් භාවිතා කර තිබීම ඊට හේතුවයි.

05. සෝදාගත යට ඇඳුම් වියළා ගන්නේ පිටතට නොපෙනෙන සේ සඟවමිනි. ඒ සඳහා cloth pins hanger උපකරණයක් භාවිතා කරයි.

ජපන් ජාතික කාන්තාවන් තම යට ඇඳුම් අන් අය විසින් දැකීම වළක්වාගැනීමට කටයුතු කරති. ඒවා අන් අයට ප්‍රසිද්ධියේ පෙනෙන සේ වියළා ගන්නේ නැත. ඒ සඳහා යම් ආවරණයක් සහිත hanger එකක් භාවිතා කිරීම සිදුකරයි.

06. ඇඳුම් කබඩ් තුල ඇඳුම් ගුලිකරමින් කඳු ගැසීම ඔවුන් විසින් සිදු නොකරති. ඔවුන් ඇඳුම් අසුරා තබන්නේ ඒවා රෝල් කරමින් සිරස් අතට තැබීමෙනි.

ජපන් ජාතිකයින් විසින් මෙසේ තමන්ට අත්‍යවශ්‍ය ඇඳුම් පමණක් පිළිවෙලකින් යුතුව අසුරා ගනියි. අනවශ්‍ය ඒවා ඉවත් කරයි. සෑම භාණ්ඩයටම ඊට අදාල ස්ථානයක් ඇත. ලෝක ප්‍රසිද්ධ 5S ක්‍රමය බිහි වි ඇත්තේ ද ජපානයෙනි.

07. කසල ලෙස බැහැර කල හැකි වැසිකිළි ආසන කඩදාසි (disposable seats) පොදු වැසිකිළියක් තුලදී වත් භාවිතා නොවේ. ඒ වෙනුවට ඔවුන් විසින් විශේෂ විෂබීජහරණ ක්‍රමයක් භාවිතා කරති.

සෑම වැසිකිළි පෝච්චියක් අසලම විෂබීජ නාශක දියර බෝතලයක් (disinfectant) තබා ඇත. භාවිතා කරන්නන් විසින් වැසිකිළි කඩදාසි කිහිපයක් තට්‍ටු කිහිපයක් ලෙස රෝල් කරගනිමින් එම දියර වලින් කඩදාසිය පොඟවා වැසිකිළි අසුන පිරිසිදු කරගත යුතුයි.

08. සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්නා පලතුරු සහා එළවළු වර්ග සෝදන්නේ නැත.

ජපන් සුපිරි වෙළඳසැල් වල අලෙවියට තබා ඇති  බොහෝ භාණ්ඩ සුලං පවා නොවඳින සේ ඉහළ සුරක්ෂිත බවකින් ඇසුරුම් කර ඇති අතර ඕනෑම මොහොතක ආහාරයට ගැනිමට සූදානම් ලෙස සකසා ඇත. ආහාර වල පිරිසිදු බව සහා ගුණාත්මක බව ගැන ඔවුන් වැඩි අවධානයක් යොමු කරති. ඒ සඳහා හොඳ සුපරීක්ෂණ සේවාවක් ද අනුගමනය කරයි. උදාහරණයක් ලෙස ඔබ  කවුටරයකින් වැරදිමකින් ගන්නා දේවල් නැවත එම ස්ථානයේ තැබීම ඔබට සිදුකල නොහැකියි. එවැනි අවස්ථාවල සේවකයින් විසින් ඒවා විෂබීජහරණය කිරීම හෝ ඉවත් කිරිම පවා සිදුකරනු ලබයි.