ලෝකේ ලස්සනම ළමුන් 10දෙනා

‘පුංචි ළමුන් මල් වගෙයි’ කියලයි සිංහල අපේ භාවිතයේ තියෙන්නේ. ඒ අයගේ හිත් හරිම ලස්සනයි. එවන් ආදරණීය පොඩිත්තන් අතරින් මුලු ලෝකයේම අවධානය දිනා ගැනිමට සමත් වුණු පොඩිත්තෝ කිහිපදෙනෙකු ගැන පළවූ පුවතක් ගැනයි අද අපි ඔබත් සමඟ තොරතුරු බෙදාගන්නේ. මේ පුවතේ විශේෂත්වය තමයි මේ ලැයිස්තුවේ ඉන්න සෑම පුංචි සිඟිත්තාම තමන්ගේ අසාමාන්යශය සුන්දරත්වය සහා ආකර්ෂණීය පෙනුම නිසා ලෝකයෙම ආදරයට පාත්රම වෙමින් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූ දරුවන් විම. ලස්සන නිසාම මුලු ලෝකයක් කතාබහ වෙන මේ පොඩිත්තෝ ටික කවුද කියා දැන් අපි බලමු.

1 රුසියාවේ ජිවත් වන ඇනස්ටාසියා ක්නායාසේවා (Anastasia Knyazeva)

මෑතකදී, බ්‍රිතාන්‍ය මාද්‍ය විසින් ලොව අතිශයින්ම සුන්දර ගැහැණු ළමයා ලෙස මෙම අවුරුදු 8 වයසැති ලස්සන පුංචි සිඟිත්තියව නම් කර තිබෙනවා.

ඇයගේ මව පවසන විදියට ඇනස්ටාසියා කුඩා කල සිටම ඇයගේ අසාමාන්‍ය ලස්සන නිසා මිනිසුන්ගේ අවධානය සහා ආකර්ෂණය දිනාගැනීමට ලක්වූ බවයි. විශේෂයෙන්ම ඇගේ නිල් පැහැති ඇස් ඇයට වචනයෙන් කිව නොහැකි තරමේ සුන්දරත්වයක් එක්කර තිබෙනවා. කොහොමවුණත්, මේ පුංචි කෙල්ල දැන් නිරූපිකාවක් ලෙසත් කටයුතු කරනවා.

ඇය සුප්‍රසිද්ධ ඇඳුම් ව්‍යාපාර සන්නාම ‍රැසක ළමා ඇඳුම් නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා.ඇයගේ සුන්දර ඡායාරූප වලින් සෑරසුනු දැන්වීම් ලෝකයේ විවිධ රටවල් පුරා දක්නට ලැබෙනවා. ඇයගේ ඉන්ස්ට්‍ග්‍රෑම් ගිණුමේ සිටින සාමාජිකයින් ගණන ලක්ෂ 5 කට වඩා වැඩියි.

2 ඇනා පවාගා (Anna Pavagas)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ජීවත් වෙන ඇනාගේ ලොකුම හීනේ තමයි වෘත්තීය බැලේ නර්ථන ශිල්පිණියක් බවට පත් වීම. ඉතින්, ඇය දැනටමත් බැලේ නර්ථන වලට ගොඩක් ආසාවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා.

ඇයට වයස අවුරුදු 3 සම්පූර්ණ වූ කාලයේ සිටම ඇයට විවිධ ඇඳුම් සන්නාම, සෙල්ලම් බඩු ප්‍රවර්ධන සහා ක්‍රීඩා මෙවලම් ප්‍රචාරණයක් සඳහා නිරුපණයෙන් දායක වීමට ආරාධනා ලැබී තිබෙනවා. මර්සල් සංගීත කණ්ඩායමේ ‘Nastroenie Osen’ යන සංගීත වීඩියෝවට ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

‘Water Universe’ චිත්‍රපටියේ කුඩා චරිතයක් හරහාත් ඇයව ප්‍රේක්ෂකයින්ට දැකගැනීමට අවස්ථාව හිමි වුණා.

3 ලෝරන් ලුන්ඩේ (Lauren Lunde)

ඇය ජීවත් වෙන්නේ දකුණු කොරියාවෙයි. ලෝරන් මව කොරියානු ජාතික කාන්තාවක් වන අතර ඇගේ පියා කැනේඩියානු ජාතිකයෙක්. මිශ්‍ර විවාහයන් වල දරුවන්ට අසාමාන්යපය රූප සොබාවක් තිබෙන බව කියන මතය ඇත්තක් කියා හිතෙන තරමට ලෝරන් කුඩා දැරිය ඉතා ලස්සනයි.

ළමා ඇඳුම් සන්නාම වන ‘Aura kids,MiniZaru,MiniMe’ වැනි ආයතන කිහිපයක් සඳහාම ඇය ළමා නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඇයගේ විවේකී කාලයන් වල ඇය වෙනත් ගැහැණු ළමුන් මෙන් බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇය ‘ටයිකොන්ඩෝ’ සටන්ක්‍රම ඉගෙනගැනීමට බොහෝ උනන්දුවක් දක්වනවා කියයි පැවසෙන්නේ.

4 හෙයිලී වස්කෝ (Haileigh Vasquez)

මේ පුංචි සුරංගනාවි ජීවත් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. ඇයගේ හීනය තමයි කවදා හෝ ප්‍රසිද්ධ කාර්ල් ලැගර්ෆීල්ඩ් වගේ නිර්මාණ සැලසුම් ශිල්පිණියක් වීම.

ඇයගේ හීනය හැබෑ කරගැනීම වෙනුවෙන් ඇයව තරුණ සැලසුම් ශිල්පීන්ගේ පාසලට ඇතුලත් කරන ලද්දේ 2017 වසරේදියී. එහි සිටින ලාබාලතම සිසුවිය වන්නේත් ඇයම තමයි.

පිරිමි සහා ගැහැණු දරුවන්ගේ ඇඳුම් සන්නාම ‍රැසක් වෙනුවෙන් ඇය විලාසිතා නිරූපණයෙන් දායක වෙමින් සිටියි. ඊට අමතරව ඇය විලාසිතා දැක්මවල් සඳහා සහභාගී වෙනවා. ඒ වගේම ඇය රංගන ශිල්පිණියක් ලෙසින් කටයුතු කරනවා.

5 විලියම් ෆ්රෑේන්ක්ලීන් මිලර් (William Franklyn Miller)

මේ නිල් ඇස් ඇති හැඩකාර කොලු පැටියා ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේයි. ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාවේ වඩාත්ම කඩවසම් පිරිමි දරුවා ලෙසත් ඔහු හඳුන්වනු ලබනවා.

ඔහුගේ පළවූ ඡායාරූප ට්විටර් සමාජ ජාලය හරහා ලෝකයේම අවධානය දිනා ගනිමින් හුවමාරු විමට පටන්ගෙන තිබුණා.ඔහුව ලෝකප්‍රසිද්ද වීමට ගත වී තිබුණේ තත්පර කිහිපයක් පමණයි. ඔහුගේ මේ ට්විටර් ඡායාරූපයට දහස් ගණනින් ප්‍රතිචාර ගලා ඒමට පටන් ගෙන තිබුණා.

වර්තමානයේදි, විලියම් විවිධ ප්‍රචාරක ආයතන සමඟ නිරූපණයෙන් දායක වෙනවා. ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා.

6 ජෝර්ඩින් රේයින්ලී (Jodyn Reinle)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන කුඩා ජෝර්ඩින් වර්තමානයේදි, නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිනවා.

ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ව්යාරපාර සන්නාම වන “Simplicity patterns, The Children’s place, Kidpik” වැනි ආයතන සමඟත් ඇය කටයුතු කරමින් සිටිනවා.

7 ලැනේයා ග්රේසස් (Laneya Graces)

ඇමෙරිකාවේ ජීවත් වන ලැනේසාත් මිශ්රට විවාහයක ප්‍රතිඵලයක්. ඇයගේ මුතුන්මිත්තන් ස්පාඤ්ඤ, ඇමෙරිකානු සහා පිලිපීන සම්භවයන් සහිත පුද්ගලයින්වේ. ඇය වයස අවුරුදු 3 දී ඇගේ මව ඇයව නිරූපණ ශිල්පීන් සපයන ඒජන්සියකට භාර දී තිබෙන්නේ ඒ වන විටත් ඇය තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටීම නිසයි.

මේ කොළ පැහැති ඇස් සහිත ලස්සන කෙල්ලව දු‍ටු බොහෝ ඡායාරූපශිල්පීන් ඇයගේ සුන්දරත්වය දැක පුදුම වී ඇති බව පැවසෙනවා. ඊට තවත් හේතුවක් තිබුණේ ඇය කැමරාවට කිසිඳු ලැජ්ජාවක් පැකිලීමක් නැතුව විශ්වාසයෙන් මුහුණ දී තිබීමයි.

8 කොලින් ස්කොට්ට් සහා කැමරන් ස්කොට් යන නිවුන්නු (Colin and Kameron)

මේ නිවුන් සොහොයුරන් ජිවත් වෙන්නේත් ඇමෙරිකා එක්සත් ජනපදයේයි. ‘Bensimon Models’ නම් කැලිෆෝර්නියාහි පිහිටි නිරූපණ ශිල්පීන්ගේ ආයතනයට සම්බන්ධ වී ඔවුන් නිරූපණ සිල්පීන් දෙදෙනෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.

මේ කුඩා නිවුන් දරුවන් දෙදෙනාට හිමි වී ඇත්තේ අසාමාන්යු කඩවසම් බවක් කියා ඔබටත් පෙනෙනවා ඇති.

9 ටාලියා බර්ක් (Talia Burks)

ප්‍රසිද්ධ ප්‍රංශ නිරූපිකාවක් වන Thylane Blondeau හට සමාන රූසපුවක් හිමි ඇමෙරිකාවේ පදිංචි පුංචි ටාලියාව මාධ්යපය හැඳින්වූයේ ලොව ලස්සන ගැහැණු ළමයා ලෙසයි. හැබැයි, ඒ ඇනස්ටාසියා ව හඳුනාගැනීමට පෙරයි. ඇයට ඇත්තේ ප්‍රංශ යුවතියකගේ පෙනුමක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඇය විලාසිතා ලෝකයේ යෝධයින් සේ සැලකෙන “Ralph Lauren ” සහා “Oscar de la Renta” සමාගම් සමඟ සම්බන්ධවී කටයුතු කරමින් සිටියි.

10 ඇනස්ටාසියා ඇවර්බුක් (Anastasia Averbukh)

ඊශ්රායෙල්යේ සිටින රූමත්ම කුඩා ගැහැණු ළමයා සේ සැලකෙන්නේ ඇනස්ටාසියාවයි. ඇය ප්‍රසිද්ධ ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ඇවර්බුක් ගේ දියණියයි.

මේ වන විට ඇය චිත්‍රපටි වල රංගනයෙන් දායක වී සිටින අතර ජනප්‍රිය ඊශ්රා්යල ළමා ඇඳුම් සන්නාම ‍රැසක් වෙනුවෙන්ම නිරූපණයෙන් දායක වෙමින් සිටියි.

මේ දරුවන් එතරම් විශේෂ අවධානයක් දිනාගෙන ඇත්තේ ඇයි කියා ඔබට මේ ඡායාරූප වලින් වැටහෙන්නට ඇති. කොහොමවුණත්, ලෝකයේ සෑම අම්මා කෙනෙකුටම ,තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවා තමයි ලෝකයේ ලස්සනම දරුවා විදියට පෙනෙන්නේ. එහෙම නේද?