ලෝකේ ලස්සනම රාජකීයන් 15 දෙනා මෙන්න

ලොව පුරා විවිධ රටවල රාජකීය පවුල් වලට අයත් වඩාත් ආකර්ෂණීයම පෞරුෂයන් පහළොස්දෙනාගේ ලැයිස්තුවක් තමයි පහළින් දැක්වෙන්නේ. ඔවුන් වඩාත් ආකර්ෂණීය වන්නේ ඔවුන් රජ පවුලේ අය නිසාම නෙවෙයි, ඊට ඔවුන්ගේ අසමසම සුන්දරබව, තීක්ෂණ බුද්ධිය, දක්ෂතා, පරෝපකාරී ගුණය වගේම නිහතමානී ගතිගුණත් හේතු සාධක වී තිබෙනවා.

01. ජෝර්දානයේ රාණියා ‍රැජිණ

දෙවන අබ්දුල්ලාහ් රජු සමඟ ඇය විවාහ වූයේ 1993 වසරේදීය. ඇය සිවු දරු මවකි. සමාජ සුබසාධක, දේශහිතෛශී මෙන්ම සංස්කෘතික වැඩසටහන් සඳහා ඇය තම සක්‍රීය දායකත්වය ලබාදෙන්නීය.

02. වේල්සයේ ඩයනා කුමරිය, බ්‍රිතාන්‍ය

ඩයනා ස්පෙන්සර් ආර්යාව බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාර්ල්ස් කුමරු හා විවාහ වූයේ 1981 වසරේදීය. ඇය විලියම් කුමරුගේ සහ හැරී කුමරුගේ මව වේ.ඇගේ සරල ගති පැවතුම් සහ සමාජ සුබසාධක වැඩපිලිවෙල නිසාම ඇය මුලු ලොවක් ආදරය කරන චරිතයක් බවට පත් වී සිටියාය. නමුත්, පැරීසියේදී  අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් 1997 වසරේ අගෝස්තු මස ඇය මිය ගියාය. ඇය විලාසිතා ලෝකයේ අයිකනයක් බවට පත් වූ මිනිසුන්ගේ හදවතේ ‍රැජිණිය යන අන්වර්ථ නාමයෙන් පවා හඳුන්වන සුවිශේෂී කාන්තා චරිතයක් ලෙස සැලකේ.

03. ඩෙන්මාර්කයේ කිරුළ හිමි මේරි කුමරිය

ඩෙන්මාර්කයේ කිරුළ හිමි ෆ්‍රෙඩරික් කුමරුගේ බිරිඳයි. ඇයගේත් කුමරුගේත් විවාහ ගිවිස ගැනීම වර්තමාන කාලයේ සුරංගනා කතාවක් ලෙස මාධ්‍ය විසින් හුවා දක්වන ලදි. 2008 වසරේ එරටේ මැගසිනයක් විසින් ඇය වසරේ කාන්තාව ලෙස නම් කර තිබුණු අතර ඇය එම මුදල සුබසාධක අරමුදලකට බැර කර තිබුණි.

04. ජපානයේ කිරුළ හිමි මසාකෝ කුමරිය

ඇය ජපානයේ කිරුළ හිමි කුමරු වන නරුහි‍තෝ කුමරුගේ බිරිඳයි. තමන්ගේ වෘත්තිය ගමනට සමුදීමට වෙතැයි බියෙන් ඇය කුමරුගේ යෝජනාව දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබුණි.

05. ජායිපූර් හි මහරාණි ගයාත්‍රී දේවි, ඉන්දියාව

ඇය මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ යුරෝපයේය. තරුණ අවදියේදි විලාසිතා සංකේතයක් ලෙසත් ඇයව හඳුන්වා තිබේ. ඇය පෝලෝ ක්‍රීඩාවේ සහ දඩයමෙහි ශූරියෙකි. ඇය තම දිවිය ජනහිතකාමි කටයුතු වෙනුවෙන් කැප කර ඇති බව පැවසේ.

06. ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ‍ෆිලිප්පෝස් කුමරු

ග්‍රීසියේ දෙවන කොන්ස්ටන්ටයින් රජුගේ සහ ඈන් මේරී ‍රැජිණියගේ පස්වන සහ ලාබාලතම දරුවා වන්නේ මොහුයි.ඔහු ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාල උපාධිධාරියෙකි.

07. ස්වීඩනයේ මැඩලෙයින් කුමරිය

ඇය විවාහ වී සිටින්නේ ඇමෙරිකානු ධනපතියෙකු වන ක්‍රිස්ටෝපර් ඕ’නෙයිල් සමඟය. ඇය තිදරු මවකි.

08.ඇන්ඩ්‍රියා කැසිරාගී

මොනාකෝ හි තුන්වන රේනියර් කුමරුගේ සහ ඇමෙරිකානු නිලි ග්‍රේස් කෙලීගේ වැඩිමහල් මුණුපුරාය. 2008 වසරේ වෝග්ස් සඟරාව පළ කල සරාගිතම තරුණ රාජකිය පවුලේ සාමාජිකයින්ගේ ලැයිස්තුවේ ඔහුට ලැබී තිබුණේ 10 වන ස්ථානයයි. ඔහුට භාෂා ‍රැසක් චතුරව කතා කල හැකිය. පාපන්දු, අශ්වයින් පැදීම සහ ජල ක්‍රීඩා ඔහුගේ ප්‍රියතම ක්‍රීඩා වේ.

09. ග්‍රේස් කෙලී

ඇය මොනාකෝ හි තුන්වන රේනියර් කුමරුගේ බිරිඳයි. ඇය මින් පෙර ඇමෙරිකානු නිළියක් ලෙස කටයුතු කලාය. ලොව ලස්සනම රාජකීයයන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථානයකට පත්වීමට ඇයට හැකිවිය. 1982 වසරේ ඇය අවාසනාවන්ත අනතුරකින් මියගියාය.

10. ලෙටීසියා ‍රැජිණ

ස්පාඤ්ඤ රජ පවුලේ සුරූපිණිය ලෙස හඳුන්වන ඇය රජ පවුලට විවාහ වීමට පෙර වෘත්තීය මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කලාය.ලෙටීසිය ‍රැජිණට සහ හයවන ෆෙලිපේ රජුට දියණියන් දෙදෙනෙකි.

11. සෞදි අරාබියේ අමීරාහ් කුමරිය

වයස අවුරුදු 18 දී ඇයට අල්-වලීද් බින් තලාල් කුමරු මුණගැසී තිබුණේ පාසල් ඇගයීමකට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට ඔහු හමුවූ විටය. කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහය 2013 වසරෙන් හමාර විය. ඇය නිව් හෙවන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උපාධිධාරිණියකි.

12. ස්වීඩනයේ කාර්ල් ‍ෆිලිප් කුමරු

ඔහු තම බිරිඳ සො‍ෆියා කුමරිය සහ තම පුතුන් දෙදෙනා සමඟ මධ්‍යම ස්ටොක්හෝම් ප්‍රදේශයේ ජීවත් වෙයි. ඔහු ක්‍රීඩාවට මෙන්ම චිත්‍ර සහ නිර්මාණකරනයේ දක්ෂයෙකු බව ප්‍රචලිත අතර ඔහු ඒ සම්බන්ධ හොඳ හැදෑරීමක ඇති අයෙකු බව කියවේ.

13. ඩුබායි හි කිරුළ හිමි හම්දාන් කුමරු

ෂෙයික් හම්දාන් කුමරුගේ Instagram ගිණුමේ followers ගණන මිලියන 5.7 ඉක්මවයි. ඔහු තමන්ගේ සංචාරක ජීවිතය, ක්‍රීඩා කටයුතු, විනෝදාංශ වල ඡායාරූප නිතර තම ගිණුමේ පලකරයි. ඔහු ප්‍රේමාන්විත මෙන්ම දේශානුරාගී සහ තම පවුල වෙනුවෙන් රචනා කරන  කවියෙකු ලෙස ද ඔහු බොහෝ ප්‍රචලිතය.

14. කේම්බ්‍රිජ් හි කේට් ආදිපාදවරිය

ඇය 2011 වසරේදී විලියම් කුමරු හා විවාහ වීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ වූවාය. ඇය ලෝක ඉතිහාසයේ රාජකීය පවුල් සාමාජිකයින් අතරින් වඩාත් සුරූපී සාමාජිකාවක් ලෙසයි හැඳින්වෙන්නේ. ඇයගේ විලාසිතා භාවිතය නිසාම ලොව විවිධ විලාසිතා වර්ගීකරණ වල ඇය්ගේ නම ඉහළින්ම සඳහන් වී ඇති අවස්ථා ගණන ඉතා ඉහළය. ඇය සමාජ සුබසාධක ක්‍රියාකාරකම් වල මුල්තැන ගෙන කටයුතු කරන්නියක් ලේස් ද ප්‍රචලිතය.

15. චාලට් කැසිරාගී 

මොනාකෝ හි තුන්වන රේනියර් කුමරුගේ මිනිපිරියයි. ඇය Gucci විලාසිතා සන්නාමයේ නිල අශ්වාරෝහක සන්නාම තානාපති ධූරය දරන්නියයි. ඇයගේ සෑම විලාසිතාවක්ම නිමවෙන්නේ  Gucci ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂිකා Frida Giannini අතිනි.