ලෝකේ කොහෙවත් නැති කොරියාවේ විතරක් ඇති අපූරු නීති 16ක්

ලෝකයාගෙන් හුදකලා වූ කිම් ජොං අන්ගේ දැඩි පාලනයට යටත්ව පවතින උතුරු කොරියාව ගැන ලෝකයට හෙලි වන තොරතුරු ඉතා අවමයි.  එහි ජන ජීවිතය සම්බන්ධ වාර්තා බොහෝ විට පළවෙන්නේ ඇස්තමේන්තු අනුවයි.ඒ නිසාම සෙසු රටවල් වල අවධානය උතුරු කොරියාව දෙසට යොමුවී තිබෙන බව නොරහසකි. ලෝකයෙන් හුදෙකලාව පාලන කටයුතු සිදුවන රටක් ලෙස හැඳින්විය හැකි උතුරු කොරියානු රාජ්‍යය නායකයා සහ එරට රජය මඟින් පිටස්තර හා බටහිර බලපෑම් වලින් තම ජාතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉතා දැඩි නීති රීති අනුගමනය කරන බව පෙනීයයි. උතුරු කොරියානු පාලනය විසින් එරට ජනයාගේ ජනජීවිතයේ විවිධ කටයුතු සඳහා නෛතිකමය වාරණ පනවා ඇති ආකාරය දැකිය හැකිය. මේවා දකින විට නම් සිතෙන්නේ උතුරු කොරියාවේ සාමාන්‍ය ජන ජීවිතය සිතාගත නොහැකි තරම් වෙනස් එකක් බවයි. නවීන ලෝකයේ බොහෝ දේවල් පරිහරණය කිරීමට ඔවුන් හට අවසරයක් නැත. මෙවැනි තහනම් පැනවීමේ අරමුණ නවීනත්වයෙන් සාම්ප්‍රදායික උතුරු කොරියානු සංස්කෘතිය ආරක්ෂාකරගැනීමට ද නැතිනම තම ඒකාධිපති පාලනය තර කරගැනීමටද යන්න සෙසු ලෝකයා හට ගැටලුවක් ය! උතුරු කොරියානු ජනයා හට භාවිතයට අවසර නැති එවැනි දේවල් 16 ක් ගැනයි මේ සටහන.

01. බටහිර විලාසිතා

උතුරු කොරියානු නායකයා විසින් ජින්ස් කලිසම් ඇතුලු බටහිර ඇඳුම් වර්ග කිහිපයක්ම භාවිතය චීන දේශ සීමාවට ආසන්න කලාප ද්විත්වයකම තහනම් කර ඇත. බටහිර ඇඳුම් විලාසිතා තම රටේ සංස්කෘතියට බලපෑම් ඇති කිරීම වැළැක්වීමට එරට හැකි සෑම අයුරින්ම උත්සාහ කරමින් සිටියි.

02. කොකා-කෝලා

කොකා-කෝලා පාන වර්ග උතුරු කොරියාවේදී මිලට ගැනීමට නොලැබෙයි. එරට ඇත්තේ චීනය විසින් නිෂ්පාදනය කරනු ලබන ‘coke’ විශේෂයකි.

03. කොණ්ඩා විලාසිතා

එරට නායකයා වන කිම් ජොන්ග් උන් විසින් අනුමත කර ඇති කොණ්ඩා විලාසිතා පමණක් භාවිතා කිරීමේ හැකියාව ලබාදී ඇත. ඒ අනුව කාන්තාවන් සඳහා කොණ්ඩා විලාසිතා 18 ක් ද පිරිමි අය සඳහා විලාසිතා 15 ක් ද නිර්දේශ කර ඇත. කිසිඳු කොණ්ඩා විලාසිතාවක් සඳහා හිසකෙස් වල වර්ණය වෙනස් කිරීමට අවසර නැත. උතුරු කොරියාව තුල ඩයි වර්ග මිලදී ගැනිම සැබවින්ම අභියෝගයක් බඳුය

04. සනීපාරක්ෂක තුවා

සනීපාරක්ෂක තුවා වර්ග සහ ටැම්පොන් වර්ග උතුරු කොරියාවේ මිලදී ගත නොහැක. එරට කාන්තාවන් භාවිතා කරන්නේ ඉපැරණි ක්‍රමයක් වන නැවත භාවිතා කල හැකි සනිපාරක්ෂක තුවා භාවිතා කිරීමය.

05. උපත් පාලක කොපු (condoms)

සෑම ආකාරයකම උපත් පාලන ක්‍රම භාවිතය උතුරු කොරියාවේ තහනම් කර ඇත.

06. දේපළ අයිතිය

උතුරු කොරියාවේ සියළු ඉඩම් හා දේපළ වල හිමිකාරීත්වය ඇත්තේ රජයටය. මෙම නීතිය හේතුවෙන් එරට කිසෙවෙකුට නිවසක් අලෙවි කිරීම හෝ මිලදී ගැනීමට හැකියාව නැත. නමුත්, මෑතකදි එම නීති ලිහිල් කිරීමත් සමඟ එරට ජනයා හට නිවාස අලෙවිය හෝ මිලදි ගැනීම සම්බන්ධ ගැටලු සඳහා යම් අවස්ථාවන් සලසා දි ඇත.

07. විලාසිතා  සපත්තු- සෙරෙප්පු ආදිය

Designer shoes නැතිනම් විවිධ සැරසිලි වලින් යුක්ත විලාසිතා සපත්තු-සෙරෙප්පු ආදිය උතුරු කොරියාවේ මිලට ගැනීමට නොමැත. නමුත්, චීන දේශ සීමාවට ආසන්න කලාප වල චීනයේ නිෂ්පාදිත උස අඩි සපත්තු-සෙරෙප්පු ආදිය මිලට ගැනීමට ඇත.

08. නත්තල් ගස්

උතුරු කොරියාව යනු නිල වශයෙන්ම අදේවවාදි රාජ්‍යයකි. ඕනෑම ආගමික කටයුත්තක් සිදුකිරීම එරට නිතියෙන් තහනම් වන අතර රජය ඒ කෙරෙහි දැඩිව ක්‍රියාකරයි. එබැවින් නත්තල් ගස් වැනි යම් ආගමකට අයත් සංකේත සැරසිලි ලඟ තබාගැනීම හෝ මිලට ගැනීම එරට තහනම් ය.

09. ස්ටාර්බක්ස්

ස්ටාර්බක්ස් පාන වර්ග උතුරු කොරියාවේදි මිලට ගත නොහැක.  එරටදී කෝපී පානයක් රසවිඳීමට නම් යා යුත්තේ ‘Ryongwang coffe shop’ නම් එරට ජනප්‍රිය කැෆේ ජාලයෙන් එකකටයි.

10. කේබල් TV

උතුරු කොරියාවේ ඇත්තේ රූපවාහිණි නාළිකා 4 ක් පමණි. විදෙස් නාළිකා සඳහා වාරණ පනවා ඇත.

11. බටහිර සඟරා

උතුරු කොරියාවේ අනුගමනය කෙරෙන දේශපාලන මතවාද ප්‍රචාරණය යටතේ විදේශ මාධ්‍යය සඳහා දැඩි තහනමක් එරට තුල පණවා ඇත. එරට රජය සහා ඒ යටතේ ක්‍රියාත්මක වන නියෝජිත ආයතන හරහා පුවත්පත් හා ප්‍රකාශන මාධ්‍යයන් වල පළ වන දෑ කෙරෙහි දැඩි අවධානයකින් හා පාලනයකින් යුතුව කරයුතු කරනු ලබයි. විශේෂාංග පුවත්පත් සඟරා ආදිය එරට තුල මිලට ගත නොහැකියි. බොහෝ විට අධ්‍යාපනික හෝ දේශපාලනික චරිත පිලිබඳව වැඩි වශෙන් මාධ්‍ය තුල පළ වේ.

12. Wi-Fi සහ විදේශයන්ට ලබාගන්නා ඇමතුම්

මිලියන 15 ක් පමණ උතුරු කොරියාවේ ජනයා අතරින් ජංගම දුරකථනයක් ඇත්තේ මිලියනකට තරම් සුලු ප්‍රමාණයකටය. ඔවුන් හට ජාත්‍යන්තර ඇමතුම් ලබාගැනීම සිදුකල නොහැකිය.3G අන්තර්ජාල භාවිතය සඳහා ද දැඩි වාරණ පණවා ඇත. එරටට ඇතුල් වන සෑම සංචාරකයෙකුටම විදේශ ඇමතුම් ලබාගැනිමට පමණක් හැකිවන පෙරගෙවුම් සිම් පතක් මිලට ගත යුතු වේ.

13. සංගීත සංදර්ශණ ප්‍රවේශපත්‍ර

උතුරු කොරියාව තුල ප්‍රසංග පැවැත්වීමේ හැකියාව ලැබෙන්නේ ඉතා සීමිත විදේශීකයින් පිරිසකටය. එරට ප්‍රසංග පැවැත්වීමට අවසර ලබාදි ඇත්තේ ස්ලෝවේනියානු වාදක කණ්ඩායමක් වන Laibach සංගීත කණ්ඩායමටය. 2015 වසරේද ඔවුන් එරට ප්‍රසංගයක් පවත්වා තිබේ. නමුත්, දේශීය ජනයා හට එරට සංගීත කණ්ඩායම් වල ප්‍රසංග සඳහා සහභාගී වීමට බාධාවක් නැත.

14. Apple සමාගමේ නිෂ්පාදන

නවීන හා අධි තාක්ෂණික උපාංග අලෙවිය උතුරු කොරියාව තුල තහනම් ය. i Phone, i Pad ආදි බටහිර නිෂ්පාදන වෙනුවට උතුරු කොරියාව තුල නිපදවූ tablet PC පරිගණක භාවිතයට අවසර ඇත.

15. Sports වර්ගයේ මෝටර් රථ

මෙවැනි සුඛෝපභෝගි මෝටර් රථ මිලට ගැනීම උතුරු කොරියානු ජනයාට සිදුකල නොහැක්කකි. ඒ එක්සත් ජාතීන්ගේ සහ යුරෝපානු ජාතීන්ගේ සංගම් වල වාරණ හේතුවෙනි.

16. නිවාඩුව සඳහා විදෙස් සංචාරවල නිරත වීම

උතුරු කොරියානු ජාතිකයින් සඳහා තම නිවාඩුව විදෙස් රටවල ගත කිරීම නීතියෙන් තහනම් ය. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වුවත් එරට ජනයා ඒ ගැන හොඳ අවබෝධයකින් යුතු නොවන බව පෙනී යයි.