ලෝකේ ඉන්න සුපිරිම කම්මැලියෝ 13දෙනා

‘තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිනිසා තවත් කම්මැලි වෙනවා’ කියලා කතාවක් තියෙනවානේ. මිනිස්සු කම්මැලි වෙන තරමට නිර්මාණශීලි නව නිපැයුම් ලෝකයට බිහි වෙනවා කිවුවොත් වඩාත් නිවැරදි වේවි. උදාහරණයක් විදියට ගත්තොත් රූපවාහිණියට දුරස්ථ පාලකයක් නිර්මාණය කරපු නිර්මාණශිල්පියාට ඒ අදහස ඇති වෙන්න ඇත්තේ කොහොමද? නිතරම නැගිට නැගිට රූපවාහිණියේ නාළිකා මාරු කරන එක බොහෝ විට ඔහුට මහත් කරදරයක් විදියට දැනෙන්න ඇති. ඉතින්, ඔහුගේ කම්මැලිකම අලුත් අදහසක් බවට පරිවර්තනය වෙලා නව නිර්මාණයක් ලෙස ලෝකයට හඳුන්වාදී තිබෙනවා.ලෝකයේ තාක්ෂණික දියුණුව සහා අරුම පුදුම නව නිර්මාණ වලට මුල් වූ ප්‍රධාන හේතුවත් බොහෝ දුරට මේ අලසකම වෙන්න ඇති කියලා ටිකක් අනුමාන කරන්නත් පුලුවන්. හැබැයි ඒක අනුමානයක් විතරයි. මොකද කියනවානම් නිර්මාණයකට අලසකමට වඩා වැදගත් වෙන්නේ උනන්දුව සහා කැපකිරීම වැනි ගුණාංග නිසා.

අද කතාව ලෝකයේ නව නිපැයුම් ගැන නම් නෙවෙයි. හැබැයි ඉතින් මේ ඡායාරූප දිහා බැලුවොතින් ඔබටම හිතේවි අනාගතයේදි මේ අදහස් වැඩි දියුණු කරලා ගත්තොත් ලෝකයට හොඳ නව නිර්මාණ ‍රැසක් බිහිකල හැකි බව. කම්මැලිකම කියන්නෙත් නිර්මාණශීලි බවට හොඳ ප්‍රේරණයක් (motivation) කියලා ඔප්පු කරන හාස්‍යජනක නමුත් අපූරු ඡායාරූප පෙළක් තමයි මේ. ඔබටත් කම්මැලි හිතුණු වෙලාවක මේ වගේ නව නිර්මාණශීලි අදහස් මතුවෙනවද?

  • පූසට කියලා Switch එක Off කරගන්නයි try  එක

නත්තලට ඇත්තම ඇත්ත නත්තල් ගසක්ම සරසන්න ඕන කියලා කවුද කියන්නේ?

දුරස්ථව නූලකින් ඔන්චිල්ලාව පැද්දවීම. බබත් සතුටින් තාත්තත් සතුටින්!

හිටගෙන බලන්න කම්මැලි නිසා record කරගෙන ගෙදර ගිහින්ම බලනවා

අඩුම පහසුකම් යටතේ හොඳම විදියකට Barbecue දාන්නේ මෙහෙමයි!

කැමතිම TV Show එකේ තත්පරයක්වත් miss කරගන්නේ නැතිව බලන ගමන් බීම බොන ක්‍රමය

  • කන්න බොන්නවත් වේලාවක් නැති වීඩියෝ ගේම් වලටම කැපවුණු ජීවිත
  • බස් රථයේම sleeping mask එකකුයි කොට්ටයකුයි තියෙද්දි ගෙදරින් ගේන්නේ මොකටද?
  • හැමවෙලේම Dust bin එකට කුණු දාන්න පඩි පෙළ බහින්න පුලුවන්ද? මේ තියෙන්නේ අපූරු ක්‍රමයක්!
  • ඒ අදහසත් නරකම නෑ.
  • මීට වඩා වෙන මොන සැපක්ද?
  • පිඟන් හෝදන්න කම්මැලි හිතුනම ඒවා හංගන්නේ මෙහෙමයි.
  • සරල තාක්ෂණයක් භාවිතා කරමින් Phone එක ‘ screen එකක්’ ලෙස ඇඳට උඩින් සවිකරගන්න ආකාරය- සැප පහසුවයි වැදගත්
  • Google තියෙද්දි සංචාරක මාර්ගෝපදේශකයෝ මොකටද?