ලෝකෙම වශී කරපු ඉන්දියාවේ ලස්සනම කෙල්ලෝ 10 දෙනා

ලෝක රූ ‍රැජිණියන් සහා විශ්ව රූ ‍රැජිණියන් පවා බිහි වූ ඉන්දියාවේ සිටින කාන්තාවන්ගේ අතිශය සුන්දරත්වය මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇති කරුණකි. කලු හිස කෙස්, අලංකාර ඇහි බැමි පිහිටීම සහා විශාල ඇස් සහිත වීම ඉන්දියානු කාන්තාව ලොව සුන්දරම කාන්තාවන් අතරට පත් වීමට ආකර්ෂණීය හේතුවක් වී ඇත.බාහිර රූප සොබාවෙන් ලොවක් වසඟ කල මේ ඉන්දියානු සුරූපිණියන් අතරින් 2020 වසර වෙනුවෙන් තේරී පත් වූ දසදෙනා කවුරුන්දැයි බලමු. මේ අය අතරින් බොහෝ දෙනා ඔබ හොඳින් හඳුනන සුපිරි බොලිවුඩ් තාරකාවියන් වීම විශේෂත්වයකි.

10. ක්‍රිටී සැනොන්

බොලිවුඩයේ සිටින ආධුනික රංගන ශිල්පිණියක් වන ක්‍රිටී ‘Heropanti’ නම් චිත්‍රපටයේ ටයිගර් ෂ්රොෆ් සමඟ ප්‍රධාන චරිත නිරූපණයකින් බොලිවුඩයට පිවිසී ඇත. මේ චිත්‍රපටය හරහා ඇයට බොලිවුඩයේ වෙනත් චිත්‍රපට ‍රැසක අවස්ථා හිමිවිය. වයස 27 ක් වන ක්‍රිටී ඇයගේ සුන්දරත්වය නිසාම ඉතා ජනප්‍රියත්වයට පත්ව සිටින නිලියකි. ‘Dilwale’, ‘Housefull 4’, ‘Lukka Chuppi’ සහා ‘Bareilly Ki Barfi’ නම් චිත්‍රපට හරහා ඇය පෙන් වූ රංගන කුසලතාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ. ඇය විසින් මෝස්තර නිර්මාණ ව්‍යාපාර සන්නාමයක් ආරම්භ කර තිබෙන අතර ඒ හරහා බොහෝ නිෂ්පාදන ‍රැසක් වෙළඳපොලට හඳුන්වාදිමට කටයුතු කරමින් සිටින්නීය. ඉන්දියාවේ ෆෝර්බ්ස් සඟරාවට අනුව ඉන්දියාවේ ප්‍රසිද්ධ තරු 100 ලැයිස්තුවේ ඇගේ නමත් ඇතුලත් වී ඇත.

9. කත්‍රිනා කායිෆ්

කත්‍රිනා උපත ලබා ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි. නමුත් ඉන්දියාවේ ‘බාබි ඩෝල්’ ලෙසින් ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තාරකාවියක් බවට පත්ව සිටියි. ඇගේ මුල්ම රංගනය වු ‘Boom’ චිත්‍රපටය එරට යම් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වු චිත්‍රපටයක් විය. ඇයගේ සමේ පැහැය සහා රංගන කුසලතාව ගැන ඇතැම් අය විවේචනයට ලක් කෙරුනත් අද වන විට ඇය ක්ෂේත්‍රයේයේ නැතිවම බැරි තරුවක් වී අවසන්. ‘Jab Thak Hey Jaan’, ‘Life partner’, ‘Race’, වැනි චිත්‍රපට තුලින් ඇයව ප්‍රක්ෂකයින්ට දැකගත හැකියි. කෙසේවෙතත්, ඉන්දියාවේ සිටින අතිශය රූමත් තරුණියක් ලෙස ඇය කැපීපෙනෙන චරිතයක් වී ඇත.

8. ආලියා භාත්

ඉන්දියානු සුරූපිම කාන්තාවන්ගේ ලැයිස්තුවේ 8 වන ස්ථානයට පත් වී සිටින ආලියා වයස අවුරුදු 24 වන විට චිත්‍රපට 12 කට අධික සංඛ්‍යාවක රංගනයෙන් දායකත්වය දක්වා ඇත.‍ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම නිලියට හිමි සම්මානය දිනාගැනීමට ඇය සමත් වී ඇත. ඇය රඟපෑ චිත්‍රපට වල ගීත වලින් 6 ක් ම ඇගේ හඬින් ගැයුණු ඒවාය. ඇයට හිමි කාන්තා ඇඳුම් ව්‍යාපාර ජාලයක් ද වේ. 2012 වසරේ තිරගත වූ ‘Student of the year’ චිත්‍රපටය හරහා ඇය රංගනයට පිවිසියාය. සාර්ථක වානිජ සිනමාපට ‍රැසක ඇය රංගනයෙන් දායක වී ඇති අතර ඒ අතරින් ‘2 States’, ‘Humpty Sharma ki Dulhania’, ‘Kapoor and sons’, ‘Udta Punjab’, ‘Dear Zindagi’, ‘Badrinath ki Dulhaniya’ වැනි චිත්‍ර පට වල ඇගේ රංගනය වඩාත් කැපි පෙනේ.

7. ශ්‍රද්ධා කපූර්

වයස අවුරුදු 33 ක් වන ශ්‍රද්ධා බොලිවුඩයේ කැපිපෙනෙන සුන්දරත්වයකට හිමිකම් කියන නිලියකි. ඇයගේ ‘Haseena Parker’ චිත්‍ර පටය ඉදිරියේදී නිකුත් වීමට නියමිතය. 2013 වසරේ තිරගත වූ ‘Aashique 2’ චිත්රඉපටය හරහා ඇය දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තාය. ඇය රඟපෑ චිත්‍රපට අතර ‘Kitty’, ‘Ek villan’, ‘ABCD 2’, ‘Baaghi’ , ‘Ok Jaanu’, ‘Half girlfriend’ යන චිත්‍රපට වඩාත් ජනප්‍රිය වීය.2015 වසරේදී ඇය විසින් කාන්තා රෙදි අලෙවි ව්‍යාපාර ජාලයක් ආරම්භ කිරීමට සමත් වූවාය. ඇය ඉතා හොඳින් පුහුණු වූ ගායිකාවක් ලෙසත් ප්‍රසිද්ධ වී සිටින අතර ඇය රඟපෑ චිත්‍රපට වල ඇතැම් ගීත ඇය විසින් ගයන ලද ඒවා වීම විශේෂත්වයකි.

6. උර්වෂී රවුටෙලා

‘Singh Saab the Great’ නම් 2013 වසරේ සනි ඩියෝල් සමඟ රඟපෑ චිත්‍රපටය හරහා ඇය සිනමාවට පිවිසී ඇත. ඇය ඉතා සුන්දර මුහුණකට හිමිකම් කියන නිලියක් ලෙස ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ කැපී පෙනෙයි. ඇය රඟපෑ චිත්‍රපට අතර ‘Sanam re’, ‘Kaabil’ යන චිත්‍රපට වඩාත් ප්‍රසිද්ධ විය. 2015 වසරේ ඉන්දියාවේ මිස් ඩීවා තරඟාවලියේ කිරුළ හිමිකරගැනීමට සමත් වූ ඇය 2015 වසරේ විශ්ව රු ‍රැජිණ තරඟාවලිය සඳහා ඉන්දියාව නියෝජනය කල සුරූපිණියයි.

5. ටාරා සුටාරියා

ඉන්දියාවේ සිටින ලාබාලතම සුරූපිණියක් ලෙස හැඳින්වෙන ටාරා ඉන්දියානු රංගන ශිල්පිණියකි. ඇය 1995 වසරේ උපත ලබා ඇත. ළමා නිලියක් ලෙස ‘Big badaa boom’, ‘The suite life of Karan and Kabir’, ‘Oye jassie’ ආදී ටෙලි කතාමාලාවලට ඇය රංගන දායකත්වය සපයා ඇත. මෑතකදී ඇය රංගනයෙන් දායක වූ ‘Student of the year 2’ හා ක්‍රියාදාම චිත්‍ර පටයක් වූ ‘Marjaavaan’ හි ඇගේ රංගනය පිලිබඳව ප්‍රේක්ෂක අවධානය යොමු වී ඇත.

4. ප්‍රියංකා චොප්රා

ප්‍රියංකා ඉන්දියානු නිලියක්, ගායිකාවක් සහා චිත්රගපට නිෂ්පාදිකාවකි. 2000 වසරේදී ඇය ලෝක රූ ‍රැජිණ ලෙස කිරුළු පැළැන්දාය. ඇය විසින් ‍ෆිල්ම් ෆෙයාර් සම්මාන 5 ක් දිනාගැනීමට සමත් වී ඇත. ලොව වඩාත් බලපෑමක් සිදුකල හැකි පුද්ගලයින් 100 දෙනා අතරට ඇයද ඇතුලත් ය. ‘Quantico’ නම් ඇමෙරිකානු ටෙලිකතාමාලාව හරහා ඇය ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පිණියක් විමට අවස්ථාව උදාකරගත්තාය. ලොව සිටින ලස්සනම, දක්ෂම, ස්වෝත්සාහයෙන් ගොඩනැගුණු කාන්තා චරිතයක් ලෙස ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වී සිටින්නීය. ඇය යුනිසෙෆ් ආයතනය වෙනුවෙන් ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නිත්‍ය නියෝජිතවරියක් ලෙස ද කටයුතු කරමින් සිටියි.

3. මනුෂි චිල්ලර්

බුද්ධියෙන් මෙන්ම රූප සොබාවෙන් ද පරිපූර්ණ තරුණියක් ලෙස ඇය 2017 වසරේ ලෝක රූ ‍රැජිණ කිරුළ හිමිකරගැනීමට සමත් වූවාය. 2017 වසරේ ටයිම් සඟරාව විසින් නම් කල ලොව ආකර්ෂණීයම පුද්ගලයින් 50 දෙනා අතරේ ඇගේ නම ද සඳහන් වී තිබිණි. ඇය එවක වෛද්‍ය ශිෂ්යා වක ලෙස අධ්යා පනය හදාරමින් සිටියාය.

2. අයිෂ්වර්යා රායි බච්චන්

1994 වසරේ ලෝක රූ ‍රැජිණ ලෙස කිරුළු පැළඳීමට ඇය සමත් වූවාය. ඇයගේ කොළ පැහැති ඇස් නිසා ඇගේ රූප සොබාව කා අතරත් කතා බහට ලක් වූ මාතෘකාවක් වීය. මුල් කාලයේදී නිරුපිකාවක් ලෙස ඇය කටයුතු කරමින් සිට ඇති අතර රූ ‍රැජිනක් ලෙස තේරී පත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සිනමාවට පිවිසීමට අවස්ථාව හිමි වී ඇත. එතැන් සිට චිත්‍රපට ‍රැසක ඇය රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. ඇය රඟපෑ චිත්‍රපට අතර ‘Doom’, ‘Guru’, ‘Mohabbatein’, ‘Devdas’, ‘Hum dil de chuke sanam’ ආදී චිත්‍රපට අතිශය ප්‍රසිද්ධ ඒවාය. ඇය විසින් 2003 වසරේදී කෑන්ස් සම්මාන උළලේ ජූරියේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට වරම් ලැබුවාය. ඇතැම් අය ඇය පෘථිවියේ සිටින ලස්සනම ගැහැණිය ලෙස හඳුන්වති.

1. දීපිකා පදුකෝන්

ඉන්දියාවේ වැඩිම මිලක් අය කරනු ලබන බොලිවුඩ් තාරකාවක් වන දිපිකා පදුකෝන් මේ ලැයිස්තුවට අනුව ඉන්දියාවේ සිටින රූමත්ම කාන්තාව ලෙස මුල් ස්ථානයට පත් වී සිටියි. ඇයගේ සුන්දර සිනහාව සහා ආකර්ෂණීය පෞරුෂය නිසා ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි වී ඇත. ඇය ජාත්‍යන්තර චිත්‍රපට වලටද රංගනයෙන් දායක වී ඇත. ව්‍යාර සන්නාම තානාපතිනියක් ලෙස Tissot.Vogue, Pepsi වැනි ආයතන සමඟ ඇය කටයුතු කරමින් සිටින්නිය. සිනමාවේ දැවැන්ත තාරකාවියවී සිටින දීපිකා විසින් රංගනයෙන් දායක වූ චිත්ර්පට ‍රැසකි. ‘Padhmawat’, ‘Bajirao Mastani’, ‘Piku’, ‘Chappak’, ‘Chennai Express’ ආදී බොහෝ ජනප්‍රිය චිත්‍රපට ‍රැසක් ඒ අතර වේ. ඇය හිටපු පුහුණු ක්‍රීඩිකාවක් හා නිරූපිකාවකි.