ලෝකෙම ප්‍රසිද්ධ හොල්මන් ස්ථාන 8 ක්

ත්‍රාසජනක හොල්මන් චිත්‍රපටි නැරඹූ ඇතැම් ප්‍රේක්ෂකයින් සිනමා ශාලාව තුලම බිය දරා ගත නොහැකිව අවසන් ගමන් ගිය පුවත් ලෝකයේ අසන්නට ලැබෙනවා. එහෙනම් ,සැබෑ ජීවිතයේ ඒ වගේ භයානක හොල්මන් පිරී ඇතැයි කියන ස්ථාන වල තත්වය කොහොම ඇතිද? ඇතැම් අය හොල්මන් කියා දෙයක් ලොව තිබේද නැතිද කියා වාද කරනවා. ඇතැම් අය ඒවා තදින් විශ්වාස කරනවා. ලෝකයේ එවැනි හොල්මන් වලට ප්‍රසිද්ධ ස්ථාන ‍රැසක් තිබෙනවා. මිනිස් පුලුටක් දකින්නට නොමැති, භයංකාර, ගුප්ත ස්වභාවයක් දකින්නට ලැබෙන මේ තැන් වලට යන්නේ හොල්මන් වලට බය නැති මිනිස්සු පමණක්ම විය යුතුයි. ඒ තරමට බිහිසුණු බවක් දිස් වෙන ලෝක ප්‍රසිද්ධ හොල්මන් ස්ථාන 8 ක් ගැනයි මේ සටහන.

1 ඇමෙරිකාවේ මයර්ටල්ස් වතුයායේ මන්දිරය

රතු ඉන්දියානුවන්ට අයත් සොහොන් බිමක් මත ඉදිකර ඇතැයි සැලකෙන ඇමෙරිකාවේ පිහිටා ඇති මයර්ටල්ස් වතුයාය එරට හොල්මන් පිරී ඇතයි සැලකෙන ප්‍රසිද්ධ ස්ථානයකි. මෙම රූපයේ දැක්වෙන මන්දිරයේ මේ වන විට ඝාතන 10 ක් සිදුවි තිබෙනවා. මෙම ස්ථානයේ කලකට පෙර සේවය කල වහලෙකු මෙහි හොල්මන් කරන බවට ප්‍රබල විශ්වාසයක් ඇත. කොළ පැහැති සුම්බරයක් පැලඳ සිටින මෙම හොල්මන කිහිප දෙනෙකුම දැක තිබෙන බව පැවසෙනවා.මෙම මන්දිරයේ මීට බොහෝ කලකට පෙර ජීවත් වූ වා යැයි සැලකෙන සාරා වුඩ් රෆ් සහා ඇගේ දරුවන්ගේ අවතාර මෙම මන්දිරයේ ඇති මුහුණ බලන කණ්ණාඩියක සිරවී සිටින බව විශ්වාස කරනවා. මෙම මන්දිරය ඉදිරිපසදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ විලියම් වින්ටර් නමැති පුද්ගලයාගේ අවතාරයද එහි සැරිසරන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. කෝපාවිශ්ට වී දත් විලිස්සා ගෙන සිටින ඔහුගේ අවතාරය තරප්පු පෙල දිගේ ඉහළට බඩගාමින් සිටින විට දී 17 වන පඩි පෙළ අසලදි අතුරුදහන් වී යන දර්ශණය කිහිප දෙනෙකුම දැක තිබෙනවා.

2 එක්සත් රාජධානියේ ඇබර්ඩීන් හි පිහිටි ටොල් බූත් සිරගෙදර

ඇබර්ඩීන් හි ටොල්බූත් ස්ථානයට ඇත්තේ අඳුරු ඉතිහාසයකි.වර්ෂ 1700 ගණන් වලදී ස්කොට් ජාතිකයින් විසින් බ්රිටතාන්යතය කිරුළ පැහැර ගැනිම වෙනුවෙන් දියත්කල ‘ජැකොබයිට්’ නම් කැරල්ලට මූලීක වූ අයව සිරකර තැබීම සඳහා මෙම ස්ථානය මුළින්ම යොදාගෙන ඇත. ඉන් අනතුරුව යටත් විජිත සමයේදී ඇමෙරිකානු කොලනි සඳහා වහල් සේවයේ යෙදීමට පැහැරගෙන ආ වහල් සේවක දරුවන් රඳවා තබා සිට ඇත්තේ ද මෙම ස්ථානයේයි. මෙහි සිදුවනවා යැයි කියන අභිරහස් දේවල් අතර එක් වරම දම්වැල් ශබ්ධ නැගීම, අද්භූත සුදු මීදුම් තත්වය සහා එහි ඇතුල් වන්නන්ගේ ගෙලසිරකරන්නා සේ දැනුනු අත්දැකීම් ප්රූධානය.

3 එක්සත් රාජධානියේ ප්ලක්ලි ගම්මානය

එක්සත් රාජධානියේ කෙන්ට් ප්රාකන්තයේ පිහියි මෙම ප්ලක්ලි ගම්මානය වරක් වැඩියෙන්ම හොල්මන් ගැවසෙන ස්ථානය ලෙසට ගිනස් වාර්තා පොතටත් ඇතුළු වී තිබුණා. එහි සඳහන් වන්නේ හොල්මන් 12-16 ක් පමණ මෙම ස්ථානයේ සිටින බව දක්නට ලැබුණු බවයි. මෙම ස්ථානයේදි එක් එක් පුද්ගලයෙකු කඩුවකින් කොටා ඝාතනයට ලක්කර ගසක එල්ලා තිබෙන අතර එම පුද්ගලයා මෙම ස්ථානයේ හොල්මන් කරන බව විශ්වාසයක් ඇති වී තිබෙනවා.දේවස්ථාන භූමි ප්රනදේශයේ අඳුර වැ‍ටුනු පසුව රතු හැඳි කාන්තාවකගේ අවතාරය ගමන්කරන ආකාරය ගම්වාසීන් කිහිප දෙනෙකු දැක තිබෙනවා.

4 ඇමෙරිකාවේ ඇල්කැට්රාගස්

එරට ප්‍රබල අපරාධකරුවෙකු සේ සැලකෙන අල් කැපෝන් සහා සෙසු සිරකරුවන් ‍රැසක්ම රඳවාසිටි රහසිගත සිරගෙදර බවයි පැවසෙන්නේ. මෙහි ඉතා අත්භූත සිදුවීම් ‍රැසක් සිදුවී තිබෙන බව පැවසෙනවා. වරක් එහි සංචාර සංවිධානය කල පුද්ගලයෙකු 1980 දී දිනයක මෙම සිරගෙදරට පැමිණි අවස්ථාවකදී ඔහු සිරකරුවන් පැමිණෙන තුරු ‍රැඳී සිට ඇත. එක් වරම ඔහු විශාල දුමාරයක වැනි පුද්ගල ඡායාවක් මිචිගන් ඇවනිව් නම් සිරමැදිරි අන්තයේදි දැක ඇත. ඔහු එම සිදුවීම පසුකලක පැහැදිලි කරතිබුණේ ඔහු දු‍ටු ඡායාව අන් කවරෙකුවත් නොව ඔහුගේ සමීප මිතුරෙකුව සිටි ජොන්ය් හවුස් නම් මිය ගිය තම මිතුරාගේ අවතාරය බවයි.මෙතැනට පැමිණි බොහෝ දෙනෙකුට විලාප තැබීම් සහා හැඩුම් ශබ්ද ඇසි තිබෙන බවයි සඳහන් වෙන්නේ.ඉතා මෑතකදී මෙහි ජනෙල් කවුළුවකින් කාන්තාවක් එක්වරම පැන අතුරුදහන් වී යන අයුරු දැක්වෙන ඡායාරූපයක් කැමරාවකට හසු වී ඇත.

5 ඕස්ට්රේ ලියාවේ වික්ටෝරියා හි ඇරඩේල් උන්මත්තකාගාරය

‘ගමක් තුල ඇති ගමක්’ලෙස විරුදාවලියක් ලත් ඇරඩේල් වධකාගාරය 1867 දි විවෘත කෙරුනු අති විශාල භූමි සංකීර්ණයකි. 13,000 කට අධික උන්මත්තක මිනිසුන් ගණනක් මෙම ස්ථානයේදී මියගොස් තිබෙන බව පැවසෙන අතර ඒ කිසිවක් ස්වභාවික මරණ නොවුණු බව ද සඳහන්ය. මෙම ස්ථානය නැරඹීමට පැමිණි බොහෝ දෙනෙකු හොල්මන් අවතාර දැකතිබෙනවා යැයි කියවේ.කාන්තාවන් ‍රැඳවූ පරිශ්ර්ය තුල නර්ස් කෙරී නමින් හැඳින් වූ හෙදියගේ අවතාරය සැරිසරන බව කිහිපදෙකු දැක තිබුණා. එහි ගමන් කරන පිරිසට තමාව කවුරුන් හෝ ස්පර්ෂ කරන බව හිටි හැටියේ අධික ශීතලක් දැනෙන්නට පටන්ගන්නා බව , විවිධ ඡායාවන් ගමන් කරන අයුරු දු‍ටු බව භාවිතා නොකර ස්ථාන වලීන් අත්භූත හඬවල් නැගෙන බව සහා ගොඩනැගිල්ල තුල විවිධ දේ හේතුවක් නෝමැතිවම පාවෙන අයුරු අත්දු‍ටුවන් සිටියි.

6 ඕස්ට්‍රේලියාවේ බැබින්ඩා හි ‘ඩෙවිල් පූල්’ නම් පොකුණ

විශාල පාෂාණ අතරේ ස්වභාවික පොකුණක් ලෙස නිර්මාණය වී ඇති මෙම ස්ථානය ශාපලත් ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. මීට ඉහතදී තම පෙම්වතා තමාගෙන් උදුරාගත් ශෝකයෙන් මෙම ස්ථානයේ ගිලී දිවි නසා ගත් ඇබොරිජිනියානු ගෝත්රි ක කාන්තාවගේ මරණයෙන් පසු මෙම ස්ථානය සම්බන්ධ විවිධ අද්භූත සිදුවීම් සිදුවී ඇත.1959 වසරේ සිට මෙම ස්ථානයේ අභිරහස් ලෙස ගිලී මිය ගිය පුද්ගලයින් ගණන 17 කි. ඒ වැඩි සිදුවීම් ප්රමමාණයක් ඇදවැටීම්, පය ලිස්සා යාම් හා එක් වරම පැමිණි වේගවත් ජල තරංග නිසා සිදුවී තිබෙනවා.

7 ඉන්දියාවේ රාජස්ථාන් හි පිහිටි බන්ගර්හ් බලකො‍ටුව

‘බූත් බංගලා’ ලෙසත් හැඳින්වෙන මෙම ස්ථානය 1783 වසරේදි පමණ අතහැර දැමූ කුඩා නගරයකි.ඉන් පෙර එහි කෝවිල් සහා මාලිගා පවා තිබී ඇත.මෙම ස්ථානය අද පවතින්නේ නටබුන් ආකාරයටයි.මෙම ස්ථානයට අත්වූ ඉරණම ගැන කතාපුවත් ‍රැගත් පිලිබඳ ප්රටබල ජනප්රහවාද දෙකක් ප්‍රචලිතය. මෙහි වාසය කල එක් පූජකයෙකු සතු වූ ගොඩනැගිල්ලකට වඩා උසින් වැඩි වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම නිසා උරණ වූ පූජකයෙකු මේ නගරයටම සාප කල බව ප්ර බල විශ්වාසයක් පවතිනවා.අනෙක් මතය වන්නේ බන්ගාර්හ් හි රජ කුමරියකට පෙම් බැඳි මායාකරුවෙකු වරක් ඇය සිය වසඟයට ගැනීමට ලියූ මන්තරයක් ඇය විනාශ කරදැමූ නිසා ඉන් කෝපයට පත්වී මුලු නගරයටම ශාපයක් කල බවයි. රාත්‍රී කාලයේදී මෙම නගරයට ඇතුල් වන කිසිවෙකු පණ පිටින් නැවත නො එන බව පැවසේ.එහි ‘හාවෙලි’ නම් රංග ශාලාවේ සහා ජෝහාරි නම් වෙළඳසංකිර්ණයේ අද්භූත සිදුවීම් ‍රැසක් සිදුව ඇති අයුරු වාර්තා වී ඇත.

8 ඉතාලියේ පොවෙග්ලියා නම් දූපත

පොවෙග්ලියාහි 1348 වසරේ ඇති වූ දරුණු ‘බූබොනික් වසංගතයට’ ගොදුරු වූවන් මෙම දූපතට අත් හැර දැමුයේ රෝගයෙන් පීඩා විඳම මැරීයන ලෙසයි. ප්‍රතිකාර කිරීම අසිරු වු සියලු දෙනා මෙහි ගෙන විත් අත්හැර දැමීම සිදුකරන ලදි. මෙම දූපතේ ඉන් පසු කලක උන්මත්තකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි මානසික රෝගීන් යොදාගෙන වෛද්යකවරු අමුතු පර්යේෂණ ‍රැසක නියැළී තිබි ඇත. එහි පස් වල 50% ක් ම ඇත්තේ මිනී අලු බවයි පැවසෙන්නේ. ඊට හේතුව වන්නේ මේ ස්ථානයේදී මිනිසුන් ‍රැසක් ගිනි තබා මරාදමා තිබීමයි. මෙම දූපතට ඇතුලු වන අයෙකුට එහි ඝාණ්ටාර නාදය නොකඩවා වැයෙන හඬ ඇසෙන බව පැවසේ.