ලෝකෙම තරුණයන් වශී කරපු පාකිස්ථානයේ සිටින සුරූපීම කාන්තාවන් 15 දෙනා මෙන්න

පාකිස්ථානය යනු දේශපාලනික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් නිරන්තරයෙන්ම උණුසුම් වාතාවරණයක් ගන්නා රටකි.සෑම දිනකම පාහේ සමාන අයිතිවාසියක් වෙනුවෙන් සටන් වදින කාන්තාවන් ඇතුලු රටේ පුරවැසියන්ට හොඳ ජීවන තත්වයක් ලබා දීමට රටක් වශයෙන් අපොහොසත් වුවද , පාකිස්ථානය කියන්නේ මුලු ලෝකයම සුරූපී බවින් වසඟ කරගත් සුන්දර කාන්තාවන් බොහෝමයකගේ උපන් රටයි. පාකිස්ථානු කාන්තාවන්ගේ සුන්දරත්වය සහ විලාසයන් ඉන්දියානු කාන්තාවන්ට අතිශයින්ම සමානකම් කියයි.

නේත්‍රාකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන පාකිස්ථානු යුවතියන් අතරින් නැවත නැවත හැරි බලන්න තරම් සිත්වෙන, අතිශය සුරූපී බවකින් අගතැන්පත් කාන්තාවෝ 15 දෙනාගේ ලැයිස්තුවයි මේ.

15. Syra Scehroz

ඇය නිළියක් මෙන්ම හිටපු VJ ශිල්පිණියකි. ඇය ක්ෂේත්‍රයට පැමිණ ඇත්තේ නීරුපණ ශිල්පිණියක් ලෙස සම්බන්ධ වීමෙන් අනතුරුවයි. බොහෝ ටෙලිකතාමාලා සහ චිත්‍රපට ‍රැසක ඇය රංගන දායකත්වය දක්වා ඇත.

14. Mehreen Syed

ඇය සුරූපී නිරුපණ ශිලිපිණියක් මෙන්ම සාර්ථක ව්‍යාපාර හිමිකාරිණියක් ලෙස එරට ප්‍රසිද්ධියට පත්වි සිටින කාන්තාවකි. ඇය වසරේ නිරූපණ ශිලිපිණියට හිමි සම්මානයට පවා පාත්‍ර වී සිටින අයෙකි. මැද පෙරදිග විලාසිතා මැගසිනයක් වන Alamra හි පෙනීසිටීමට අවස්ථාව ලද පළමු පකිස්ථාන කාන්තාවය් ඇයයි. ඇය Time, Vogue, Marie Claire වැනි  ජාත්‍යන්තර මට්ටමේ විලාසිතා මැගැසින් වලට පවා නිරූපණයෙන් දායක වෙමින් සිටියි.

13. Ayeza Khan

ඇය එරට ටෙලි නාට්‍ය නිළියක් මෙන්ම නිරූපිකාවක් සේ කටයුතු කරයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16 දීය.

12. Nor Bukhari

පාකිස්ථානු රූප රාජිණියක් වන ඇය නිළියක්, නිරූපිකාවක් මෙන්ම අධ්‍යක්ෂකවරියකි. ඇය උර්දු මෙන්ම පන්ජාබ් වෙළඳ දැන්වීම් වල පෙනී සිට ඇත.

11. Sanam Baloch

ඇය එරට සිටින සුරූපි නිළියක් මෙන්ම දක්ෂ රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවකි.

10. Sajal Ali

ඇය වෘත්තීය  නිළියකි. සමාජයීය කතා තේමාවන් පාදක කරගත් නිර්මාණ වා සිට අතිශය ප්‍රේමණීය කතා නිර්මාණ දක්වා පරාසයක විවිධ චරිත නිරූපණය කරමින් චරිතාංග නිළියක් සේ තම අන්‍යතාව ගොඩනගාගෙන සිටින නිළියක් ලෙස ඇය වඩාත් ප්‍රචලිතය.

9. Ayesha Omer

ඇය නිළියක්, සුරූපි නිරුපිකාවක් මෙන්ම ගායිකාවක් ද වේ. ඇය පකිස්ථානු ටෙලිකතා මාලා වල මෙන්ම උර්දු චිත්‍රපට ‍රැසක රංගන දායක්ත්වය සපයා ඇති නිළියකි.

8. Humaima Malick

ඇය නිළියක් මෙන්ම නිරූපිකාවක් ද වේ. පාකිස්ථානු ටෙලිකතා වල මෙන්ම බොලිවුඩයේ චිත්‍රපට කිහිපයකම ඇය රංගන දායකත්වය දක්වා ඇත. මේ වන විට ඇයගේ වයස අවුරුදු 29 කි. රූපවාහිනියේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන නිළියක් ලෙසත් ඇය ප්‍රසිද්ධය. මේ වන විට ඇය චිත්‍රපට බොහෝමයක වැඩකටයුතු වලට සම්බන්ධ වී සිටින්නීය.

7. Mehwish Hayath

ඇය නිළියක්, නිරූපිකාවක් මෙන්ම ගායිකාවකි. මේ වන විට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි කතා සහ චිත්‍රපට ‍රැසක ඇය චරිත නිරූපණය කර ඇත.

6. Mahnoor Baloch

1993 දී ටෙලිකතාවක් ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වන විට එරට සිටින සාර්ථක නිළියක් මෙන්ම නිරූපිකාවකි.Torn නම් හොලිවුඩ් චිත්‍රපටයේ ඇය චරිත නිරූපණය කර ඇත.

5. Mahira Khan

සුරූපි නිළියක් වන ඇය බොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් බවට පත් වූ Raees හි ප්‍රධාන නිළියගේ චරිතය නිරූපණය කලේ සුපිරි නළු Shah Rukh Khan සමඟයි. රංගනය වෙනුවෙන් ඇය සම්මාන ගණනාවකට පාත්‍ර වී සිටියි. Hamsafar රූපවාහිණි වැඩසටහන ඔස්සේ ඇය ඉහළ සාර්ථකත්වයක් දිනගත්තාය. පාකිස්ථානයේ සිටින වැඩිම මිළක් අය කරන නිළියක්  ලෙස ද ඇය හඳුන්වනු ලබයි.

4. Saba Qamar

ඇය ටෙලිකතාමාලා සහ චිත්‍රපට ‍රැසක රංගන දායකත්වය දක්වා ඇති ජනප්‍රිය නිළියකි. ඇයගේ සුවිශේෂී රංගන හැකියාව ඇගයීම වෙනුවෙන් ඇය බොහෝ සම්මාන ‍රැසකටම පාත්‍ර වී සිටියි.

3. Sara Loren

ඇය කුඩා කාලයේදි ඇයගේ නම වී ඇත්තේ Mona Lizza Hussain යන්නයි. ඇය එරට සිටින සරාගි නිරූපිකාවක් මෙන්ම න්Iලියකි. ඇය බොලිවුඩ් චිත්‍රාට ගණනාවකම රංගනයෙන් දායක වී ඇත. මේ දිනවල ඇය Fraud Saiyyan නම් චිත්‍රපටයේ වැඩකටයුතු වලට සම්බන්ධ වී සිටියි. Murder 3 චිත්‍රපටයේ ඇය නිරූපණය කල චරිතය හරහා ඇයට විශාල ජනප්‍රියත්වයක් හිමි විය.

2. Ayyan Ali

2017 වසරේ පාකිස්ථානයේ සිටින සුරූපීම කාන්තාව සේ නම් දැරුවේ ඇයයි. පාකිස්ථානයේ පමණක් නොව ලොව සුරූපීම කාන්තාවන්ගේ ලැයිස්තුවේ ද ඇයගේ නම සඳහන් වේ.  ඇය නිරුපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වි ඇත්තේ 2010 වසරේයි. වසරේ හොඳම නැගී එන නිරූපිකාවට හිමි සම්මානයට ඒ වසරේදි පාත්‍ර විමට තරම් ඇය වාසනාවන්ත වූවාය.කෙසේවෙතත් ඇයගේ ක්‍රියාකලාපයන් බොහෝ අවස්ථාවලදී මතභේදයන් වලට විවේඡ්නයන්ට තුඬු දුන් සිදුවීම්ය. ඇය මුදල් විශුද්ධිකරණය සහ අයථා මුදල් ඉපයීම් සම්බන්ධව ඇය වරක් අත් අඩංගුවට පත් වී තිබුණා.

01. Aima Baig

මේ වන විට එරට සිටින සුරූපීම කාන්තාව යැයි නම් දරන්නේ ඇයයි. 23 හැවිරිදි වියේ පසුවන ඇය ගායිකාවක් මෙන්ම තිරපිටපත් රචිකාවියකි ද වේ. ඇය චිත්‍රපට වෙනුවෙන් ගායනා කල ගීත ‍රැසක්ම අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඒවාය. සුරූපීබව තුලින් මෙන්ම සාර්ථකබවින් ද බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වීමට ඇය වාසනාවන්ත වී ඇත.