ලෝකය ටිකෙන් ටික විනාස වනබව පෙන්වන ඡායාරූප 7 ක් මෙන්න

ගෝලීය උණුසුම යනු අද ලෝකයේ සිදුවි ඇති දේශගුණ විපර්යාසයන් කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති තත්වයකි. කාර්මික විප්ලවය හරහා තාක්ෂණික ලෝක්යට මිනිසා පා තැබිමත් සමඟ පසුගිය දශක ගණනාව තිස්සේ කාබන්ඩයෝක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ්, හා ක්ලෝරෝෆ්ලුවොරෝකාබන් වැනි විෂ වායුන් වායු ගෝලයට මුදා හැරීම විශාල වශයෙන් සිදුවීමට පටන්ගෙන තිබෙන අතර මිනිසාගේ පරිසර විනාශකාරී ක්‍රියාකාරකම් නිසා වර්තමානයේ මෙසේ ගෝලීය උණුසුම ඉහළ යාම දරුණු අතට පත්වෙමින් තිබේ.

හරිතාගාර ආචරණය සහ ඕසෝන් ස්තරය සිදුරුවීම ගෝලීය උණුසුම වැඩිවීම කෙරෙහි බලපා ඇති ප්‍රමුඛතම හේතු කාරණා වේ.කම්හල් වලින් පිටවන අහිතකර විෂ වායු, රථ වාහන වල ඉන්ධන දහනයෙන් පිටවන දුම්, කැලෑ කැපීම් සහ ගිනි තැබීම්, බලශක්ති භාවිතය ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විෂ සහ තාප අවශෝෂක වායු වර්ග වායුගෝලයට මුදාහැරීම සිදුවිමත් සමඟ වායුගෝලය උණුසුම් වී ගෝලීය උණුසුම ඉහළ යයි.

ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රබලතම ගැටලුවක් ලෙස උත්ත්‍රධ්‍රැවයේ සහ දක්ෂිණධ්‍රැවයේ පිහිටා ඇති විශාල ග්ලැසියර් ස්කන්ධ දියවීමට පටන්ගෙන සාගරයට මිශ්‍ර වීමයි. සාගර ජලය ඉහළ යාම නිසා මිනිස් වාසය සහිත කුඩා දූපත් රාජ්‍යන් ජලයෙන් යටවී විනාශ වීමේ අවදානම වැඩිය. ග්ලැසියර් අවට පරිසරය එසේ විනාශ වෙද්දී ගොඩබිම් අභ්‍යන්තර ජල මූලාශ්‍ර සිඳී යාමට ලක්වේ. ඉන් මිනිසාගේ ජන ජීවිතයට මෙන්ම සතුන්ගේ සහ ශාක වල පැවැත්ම ද දැඩි තර්ජනයකට ලක්ව තිබේ.

මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පරිසරය දැඩි ලෙස විනාශ වෙමින් පවතියි. එවැනි හානිකර මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින  ඉහළ යන ගෝලීය උණුසුමේ බලපැමින් පෘථිවි මතුපිට සිදුවී ඇති විශාල වෙනස්කම් ඔබට මේ ඡායාරූප පෙළෙන් දැකිය හැකි වේවි.

01. ඇරල් මුහුද (Aral Sea)

ඇරල් මුහුද යනු කසකස්ථානය සහ උස්බෙකිස්ථානය අතර පිහිටි විශාලතම මුහුදු ජල ප්‍රදේශයකි. නමුත් කාලයත් සමඟ එහි ජලය සිඳී ගොස් මුහුදු ප්‍රදේශය සීමා වී හැකිළී යාමට පටන්ගෙන තිබෙනවා. ලුණු ජලය පිරී ඇති විශාල ජලාසයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.අධික වාරිමාර්ග කටයුතු සිදුකෙරෙන නිසා ඉන් ජලාශයට විශාල බලපෑමක් සිදුවී ඇති බව සඳහන් වේ. මෙසේ ජල මූලාශ්‍ර සිඳීයාමට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමද ප්‍රබල හේතුවකි.

02. ඇලස්කාවේ පෙඩර්සන් ග්ලැසියරය (Pedersen Glacier)

මෙම විශාල හිමෙන් වැසුණු පරිසරය මේ වන විට දිය වී ගොස් විනාශ වී තිබෙන අයුරු ඔබට දැකිය හැකියි. මෙම ස්ථානයේ පෙර පැවත ඇත්තේ ස්වභාවික අයිස් ස්ථරයකිනි.

03. සෑන්ස් බ්ලාස් දූපත්-පැනමාව (The Sans Blas Islands)

පැනමාවේ පිහිටි මෙම දූපත් සමූහය දූපත් 365 කින් සමන්විතය. එහි දූපත් 49 ක මිනිස් ජනාවාස දක්නට ලැබේ.  කෙසේවෙතත් මුහුදු ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගෙන තිබීම මෙම දූපත්වාසීන්ගේ ජීවිත දැඩි ලෙස අවදානමට ලක්කර තිබේ.

04. එන්ටප්‍රයිස් බ්‍රිජ් ඕර්විල් (Enterprise Bridge Orville)

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා විශාල වශයෙන් බලපෑමකට ලක්වූ ස්ථාන අතරින් මේ ස්ථානය අපට හමුවන්නේ කැලිෆෝර්නියාවෙනි. මෙම ප්‍රදේශයේ ජලය සිඳි යාමට නිසා ප්‍රධාන කෘෂිකාර්මික කටයුතු ‍රැසකට සෘජුවම බලපෑම් මතුවී තිබෙන බව දැනගන්නට ලැබේ.

05. ආර්ක්ටික් අයිස්

ස්වභාවික ග්ලැසියර් කලාපයක් මෙන්ම මහද්වීපයක් වන ආර්ක්ටික් ප්‍රදේශය ගෝලීය උණුසුම වැඩිවීම නිසා අධිකව බලපෑමට ලක්වී ඇති ප්‍රදේශයකි. ඉහළ යන වායුගෝල උෂ්ණත්වය හේතුවෙන් හිම සහ ග්ලැසියර් වේගයෙන් දියවීමට පටන්ගෙන තිබීම විශාල ගැටලුවක් බවට පත්වී ඇත. මේ පින්තූරයෙන් ඔබට ලොවට අහිමිවී ගිය ග්ලැසියර් ප්‍රමාණය කොපමණ දැයි සිතාගත හැකි වේවි!

06. ඇලස්කාවේ මියෝර් ග්ලැසියරය (Muir Glacier)

පරිසරයට මිනිසා සිදුකර ඇති හානිය කොපමණ දැයි පෙන්වාදෙන තවත් උදාහරණයක් ලෙස ඇලස්කාවේ මියෝර් ග්ලැසියරය පිහිටි ස්ථානයේ එදා සහ අද වෙනස්කම් පෙන්වන මේ ඡායාරූපය දැක්විය හැකියි.

07. ග්‍රනල් ග්ලැසියරය (Grinnell Glacier)

දේශගුණික විපර්යාස වලින් දැඩි බලපෑමකට ලක්වන්නේ මිනිසා පමණක් නොව අප අවට ඇති ශාක සහ මල් පිරුණු වනාන්තර කලාප පවා ඉන් දැඩි ලෙස හානියට ලක්වි සිටි. එමෙන්ම සතා සිවුපාවුන් පවා මෙම පරිසර විනාශයෙන් දැඩි බලපෑමකට ලක්වි සිටිති.

යෝධ අයිස් කඳු දියවීයාම සහ ඒවා, සාගර ජලයට එක්වී සාගර ජල මට්ටම ඉහළ යාම, ගොඩ බිම් ප්‍රදේශ හැකිලී යාම ඉදිරියේදි ලොවට බරපතල ව්‍යසන තත්වයන්  ඇති කරනු ඇති බව අනුමාන කෙරේ.