ලෝකයේ හැම රටකන මේ දේවල් 20 තිබ්බනම් කොච්චර හොඳයිද

මිනිසා යනු අතිශය බුද්ධිමත් සහා නිර්මාණශීලි පරිකල්පනයකින් යුතු ජීවියෙකි. එදිනෙදා ජිවිතයේ ඇතිවන ගැටලු වලට ඔවුන් විසින්ම විසඳුම් සොයාගනු ලබති.අද දවසේ බිහිවන වන නව නිර්මාණ අදහස් හෙට දවස වඩාත් පහසුකරවන උපකරණයක් ලෙස ලෝකයට දායාද වේ. මිනිසුන්ගේ නිර්මාණශීලිබව පරතෙරක් නොමැති අසීමාන්තික හැකියාවක් බව පහත පින්තූර වලින් හොඳින්ම තහවුරු වේ. ලෝකයේ සෑම රටකම තියෙනවානම් හොඳයි කියා හිතෙන තරමේ නිර්මාණාත්මක සහා තාක්ෂණික ශිල්පක්‍රම භාවිතයෙන් නිර්මාණය කර ඇති අපූරු නව නිර්මාණ එකතුවක ඡායාරූප පෙළක් තමයි පහත දැක්වෙන්නේ. 

  • මෝටර් රථය වැස්සෙන් ආරක්ෂා කරන හුලං පිරවිය ගැකි ගරාජ් ආවරණ (inflatable garage)
  • Toaster එකක් සහිත microwave උඳුනක්
  • “නාන ගමන් කතාකරන්න”- Micro-hydroelectric generator එකකින් බලගැන්වෙන Bluetooth shower speaker එකක්
  • සාක්කු සහිත මංගල ඇඳුමක්
  • ටායිපේයි හි පොදු වැසිකිළියක සවිකර ඇති පුවරුවක්- එහි කවුරුත් ඇතුලත ‍රැඳි නොසිටින ,භාවිතා කල හැකි වැසිකිළි මොනවාද කියා ස්වයංක්‍රීයව දැක්වේ.
  • හෝටලයක සවිකර ඇති මෙම වීදුරු කණ්ණාඩියෙන් පිටත කාලගුණය ගැන දක්වනු ලබයි.
  • ඉතිරි වී ඇති තීන්ත ප්‍රමාණයෙන් තවදුරටත් ලිවිය හැකි පි‍ටු ගණන දක්වන අපූරු පෑනක්
  • චොකලට් හොරාට බෙදපු කාලේ ඉවරයි.
  • හෝටල් කාමරයක සවිකර ඇති noise machine එකක්- එමඟින් කාමරය තුල හිතකර සහා මිහිරි වටපිටාවක් ඇති කරවයි.
  • Calculator එකක් සහිත අපූරු Mouse එකක්
  • එළිය විහිදුවන චොප් ස්ටික්ස්
  • පේස්ට්‍රි පිරවුමේ මොනවාද තියෙන්නේ කියලා ආයේ අහන්න අවශ්‍ය නැහැ. මේ අකුරු වලින් කොටලම තියෙන්නේ!
  • Whistle එකක් ආකාරයේ chest strap එකක් සහිත පාසල් බෑගයක්- ඉස්කෝලේ ගමනත් දැන් විනෝදෙන් යන්න පුලුවන්.
  • පූස් සුරතලාව ගෙදර තනිකරලා යන travel life  එකෙන් වැඩක් තියෙනවද? මේ තියෙන්නේ එයාවත් එක්කරගෙන යන්න පුලුවන් විදියේ backpack එකක්.
  • කොට්ටයක් ද? කැප් තොප්පියක් ද? – වැඩ දෙකම එකකින්
  • රූලක් සහා ඉස්කුරුප්පු නියනක් විදියටත් භාවිතා කල හැකි hair clip එක
  • නැවත සීල් කරමින් නැවත භාවිතා කල හැකි වෙනස්ම කෑන් විශේෂයක්- ගොඩක් වටින සොයාගැනීමක්
  • මේ Fit on room එක සකස් කරතිබෙන්නේ විවිධ ආලෝක යටතේ ඔබේ ඇඳුම් විලාසිතාව කොයි විදියට ද පෙනෙන්නේ කියලා ඔයාටම බලාගන්න පුලුවන් light settings වලින් ය.
  • කුඩා ළමුන්ටත් භාවිතා කල හැකි සේ අමතර ආසනයක් සවි කර ඇති පොදු වැසිකිළි පෝච්චියක්- ගොඩක් ප්‍රයෝජනවත් අදහසක්!
  • ‘Cool එකේ ඉන්න කැමති අයට’ -සූර්ය තාපයෙන් ක්‍රියාකරන සුලං පංකාවක් සහිත අපූරු කැප් තොප්පිය-