ලෝකයේ සිදුවන අරුම පුදුම දේවල් 19ක් මෙන්න

‘උපකල්පිත ලෝකයක අනුකෘතික යථාර්තයක්’ ගැන කියැවෙන විද්‍යා ප්‍රබන්ධ-ක්‍රියාදාම චිත්‍රපටයක් වූ The matrix චිත්‍රපටය ඔබට මතක ඇති. ඇත්තටම අපි ජීවත් වෙන්නේ ඒ චිත්‍රපටය ඇතුලෙද කියලා හිතෙන තරම් ලෝකය පුරා හමු වුණු අරුම පුදුම දේවල් කිහිපයක් කැමරා කාචයට හසු වී තිබුණේ මෙහෙමයි.

01. JKF ගුවන්තො‍ටුපළේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්. බැලූ බැල්මට ක්ලෝන වගේ නේද?

02. මේ කාරයේ පෙනුම හරියට සෝදලා පිස දැමූ කණ්ණාඩියක් වගේ

03. එක් තරුණයෙක් වයස අවුරුදු 14 Keanu Reeves සමඟ ගත් ඡායාරූපයක් සහ නැවත වරක් ඔහු වයස අවුරුදු 17 දි මෙම සුපිරි තරුව මුණගැසුණු අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක්. අවස්ථා දෙකේදීම Keanu ඇඳ සිටින්නේ එකම ටී-ෂර්ටය බව දු‍ටුවාද?

03. නත්තල් කාලයේදී නත්තල් සීයලා වගේ වෙස් වලාගන්නා පුද්ගලයින්ගේ හමුවකදි ගත් ඡායාරූපයක්

04. මොන පාටට ද හැරෙන්නේ කියලා හිතාගන්න බැරි වුණු මිදි ගෙඩියක්!

05. මේ දෙන්නා කොහොමද මෙහෙම එකම ඉරියව්වට ඉන්නේ?

06. බංකුවේ හෙවණැල්ල හරියට පින්තූරයක පික්සල් වගේ පෙනෙන්නේ

07. පියාසරිය අතරතුරදි පක්ෂියෙකු පියාපත් හකුළුවාගත් මොහොතක් කැමරාවේ සටහන් වී තිබූ අයුරු

08. එක වගේ දෙන්නෙක් එකම විදියට සමාන්තරව ලිෆ්ට් එකේ ගමන් කල අවස්ථාවක්

09. මෙම පෝලිමේ සිටින පුද්ගලයින් දෙදෙනා දෙස හොඳින් බලන්න. පි‍ටුපස ටී-ෂර්ට් එකක් හැඳ සිටින පුද්ගලයාගේ පිටේ ඇති රූපයට සමාන ටැටූ එකක් ඔහුට ඉදිරියෙන් සිටින කාන්තාවගේ උරහිසේ දැකිය හැකියි.

11. මේ ගස සහ වැට දෙස එක්වරම බලන විට එය ග්‍රැ‍ෆික් චිත්‍රයක් වගෙයි නේද පෙනුනේ?

12. ඇස් රවටන සුලු ත්‍රිමාන රටාවේ ටයිල් ඇතිරූ ගමන් පථයක්

13. පින්තූරය ගන්න අවස්ථාවේ රූපවාහිනියේ ජවනිකාව වෙනස් වූ අයුරු කැමරාවේ සටහන් වි තිබුණේ මෙහෙමයි

14. මේ පුද්ගලයා පාවෙනවා වගේ නේද පෙනෙන්නේ. මේ ඇනලොග් කැමරාවේ ෂටර් එක ක්‍රියාවිරහිත වූ අවස්ථාවක ඔහුගේ ඡායාරූපය වැදී තිබූ අයුරුයි

15. සොබාදහමේ තින්ත ඉවරවෙලාවත් ද? පැහැයෙන් අමුතු ස්වභාවයක් ගත් පැණි කොමඩු ගෙඩි එකතුවක්

16. මොසැයික් වීදුරුවක නිර්මාණය කල පූස් රුවක්

17. කැමරාවේ shadow resolution අඩු කල විට දසුන් හසු වන ආකාරය

18. ඇපල් ගෙඩිය පොත්ත දැක්කම Low-poly game එක මතක් වුණා නේද?

19. කැටයම් කල විශාල නගර සැලැස්මක් වගේ පෙනෙන spessartine Garnet රතු මැණික් පාෂාණයක්. මෙය හමු වී තිබුණේ බ්‍රසීලයෙනි.