ලෝකයේ විවිධ රටවලට ආවේණික වූ අමුතු ආහාර වර්ග 28ක්

ආහාර පාන වර්ග යනු යම් රටක ඇති සංස්කෘතියේ සහා සම්ප්රෙදායන්ගේම අංගයකි. ලෝකයේ විවිධ රටවල් වලට ආවේණික වූ ආහාර වර්ග ගණනාවක්ම ඇත. ඒවා ඒ ඒ රටවල් වල පමණක් නොව විදේශ රටවල් වලත් අතිශය ජනප්රි්ය වි ඇති ඒවා වීමත් විශේෂයි. රස නහර පිනවන එවන් ආකාරයේ රටරටවල් වල ප්ර සිද්ධ ආහාර වර්ග කිහිපයක් තමයි මේ.

Toshikoshi soba – ජපානය

‘omisoka’ හෙවත් නව අවුරුදු උදාවේ සන්ධ්යාරව ඔවුන් හට විශේෂ උත්සවයකි. ඒ සඳහා ඔවුන් විසින් සකසන විශේෂ ආහාර වර්ගයක් තමයි මේ.එය ‘බක්වීට් ‘ නම් විශේෂිත තිරිඟු වර්ගයකින් සකසන නූඩ්ල්ස් විශේෂයකි.

Risalamande – ඩෙන්මාර්කය

මෘදු බත් වර්ගයක් භාවිතා කරමින් සකසන පුඩින් වර්ගයකි. ඒ සඳහා කැබලි කල ආමන්ඩ් ඇට සහ වැනිලා විප් ක්රිාම් යොද ඇති අතර සරසා ගෙන ඇත්තේ චෙරි සෝස් වලිනි.

Mattak – ග්රීරන්ලන්තය

දුනුහිස තල්මස් විශේෂය හෝ සුදු තල්මසුන්ගේ මස් වලින් සකසන මේ ආහාරය ස්වභාවයෙන් අමුවෙන් තිබියදිම රසවිඳින ආහාරයකි. එය මේද අධික සහා කජු රසය සහිත විටමින් සී බහුල රසවත් ආහාරයක් බවයි පැවසෙන්නේ.

Puto bumbong පිලිපීනය

මෙය නත්තල් කාලයේ බහුලව සකසන අතුරුපස වර්ගයකි. මේවා විට දම් පැහැයකින් යුත් ඇලෙන සුලු බත් වර්ගයකින් සකසනු ලබයි. ඒවා උණ බම්බු වල දමා හුමාලයෙන් තම්බාගනිමින් කෙසෙල් කොළ මත තබා අමුත්තන්ට පිලිගන්වනු ලබයි.

Jansson’s temptation -ස්වීඩනය

මෙම ආහාරය අර්තාපල් අල, හාල්මැස්සන්, ලූණු, පාන් කුඩු සහා හෙවි ක්රීේම් ස්තර ලෙස අතුරාගනිමින් සකසන ආහාරයකි.

Houbovy kuba -චෙක් ජනරජය

බිම්මල් සහා බාර්ලි යොදාගනිමින් සකසන මේ ආහාරය වඩාත් රසවත් කරගැනීම සඳහා බැදපු ලූණු, සුදුලූනු, තෙල් සහා ගම්මිරිස් එකතු කරගනියි.

Escargots- ප්රංසශය

එය ‘ආහාරයට ගත හැකි ගොලුබෙල්ලෝ’ යන අරුත් ඇති නමකි. මෙම ගොලුබෙලි ආහාර බඳුන වඩාත් රසවත් කරගැනීමට සුදුලූණු සහා පාස්ලි බටර් එක් කරගනු ලබයි.

Oliebollen -නෙදර්ලන්තය

මෙය එරට ඉතා ජනප්රිාය ස්නැක් වර්ගයකි. එහි නම ‘තෙල් බෝල’ යන අරුත් දෙයි.පිටි මෝලියකින් කුඩා බෝල කැබලි ගැඹුරු තෙලේ බැද ඒ මතට සීනි අයිසින් වත්කරනු ලබයි.

Golabki -පෝලන්තය

මෙය කැබලි කරගත් මස් කැබලි ගෝවා කොළ වල ඔතමින් සාදා ගන්නා ආහාරයකි. එය වඩාත් රසවත් කිරීමට තක්කාලි සෝස් වල බහාලයි.

Eight-treasure rice- චීනය

චීන විශ්වාසයට අනුව සෞඛ්යeය යහපත් කරවන පලතුරු වර්ග 8 ක් මිශ්රඑ ඇලෙන සුලු බත් වර්ගයකින් සකසන ආහාරයකි. වියළන ලද රතු ඉඳි ඇට, නෙලුම් ඇට, වියළි මිදි ඇට,වින්ටර් මෙලන් නම් කොමඩු , වියළි ලොන්ගන්,රතු බෝංචි තලප, සහා විවිධ බෝංචි වර්ග සහා ඇට වර්ග යොදාගනිමින් සකසන විශේෂ ආහාරයකි.

Tamales -මෙක්සිකෝව

බඩ ඉරිඟු පිටි වලින් සෑදු පිටි මෝලියකින් සකසා ගත් කැබලි කෙසෙල් කොළ වල ඔතා වාෂ්පයෙන් තම්බාගනිමින් සකසන ආහාරයකි. එහි පිරවුම සඳහා මස් කැබලි, චීස්, එළවළු සහා මිරිස් කැබලි එක් කරගනියි.

Chingri malai curry -බෙංගාලය

කූනිස්සන් මිශ්රu පොල් කිරි සහ කුළුබඩු යොදාගනිමින් සාදන ව්යාංසජනයකි. බෙංගාලයේ ජනයා මේවා විවාහ උත්සව ඇතුලු සෑම සැමරුම් අවස්ථාවකදීම සකසනු ලබති.

Mince pies- අයර්ලන්තය

මෙය එංගලන්තයෙන් ආරම්භ වූ අතුරුපස වර්ගයකි. මෙහි පිරවුම ‘මින්ස්මීට්’ හෙවත් කැබලිකල මස් යන අරුත් දුන්නද එහි කිසිඳු මසක් අඩංගු වන්නේ නැත. එය විවිධ පලතුරු කැබලි, යුෂ හෝ ඇතැම් විට එළවළු කෑබලි යොදාගනිමින් සකසන pie අතුරුපසකි

Kimchi dumplings- දකුණු කොරියාව

මේවා ‘මන්ඩු’ යන නමින්ද හැඳින්වේ. එහි පිරවුම සඳහා ඌරුමස් හෝ ටොෆු හෙවත් සෝයා කිරි භාවිතා කරයි. මුහුන් කල ගෝවා වලින් සකසන ‘කිම්චි’ මේ අතරින් වඩාත් ප්රාසිද්ධය. මෙම ආහාරය වාෂ්පකරමින් හෝ උණු ජලයේ තම්බාගනිමින් සකසා ගන්නා අතර අවසානයේ ‘මන්ඩුගුක්’ නම් සුප් වර්ගය සමඟ පිලිගන්වයි.

Crepe tower -ආර්ජන්ටිනාව

මෙය සිසිල්ව පැවතියදි පිලිගන්වන ආහාරයකි. එය ආහාර රුචිය වැඩීමට ලබාදෙන ආහාරයක් විමත් විශේෂයි. මේවා ක්රීමප්, හැම්, චීස්, සලාද කොළ, බිත්තර සහා එළවළු තට්ටුබ ලෙස අතුරමින් සකසන ආහාරයකි.

Glazed baked ham- ජැමෙයිකාව

මෙය ජැමෙයිකාවේ පාස්කු සහා නත්තල් සැමරුම් දිනවලදී ආහාර මේසය රසගැන්වීම සඳහා නොවරදින ආහාරයකි.ක්රැ න්බරි සෝස්, දොඩම්, අන්නාසි, ලෙමන් යුෂ, දුඹුරු සීනි සහා මස්ටඩ් භාවිතා කරමින් සකසන මස් ආහාරයකි.

Spiced hot chocolate -පේරු

මෙම පානය ක්රීම් සහිත උකු සහා සාමාන්යර උණු චොකල්ට් පානයකට වඩා ගුණවත් පානයකි. එළකිරි සමඟ උකුකල කිරි මිශ්ර කරගනු ලබන අතර එයට කොකෝ පවුඩර්, චොකලට් සහා කුළුබඩු මිශ්රරණයක් එක්කරමින් සකසනු ලබන ප්ර ණීත සහා ජනප්රිළය පාන වර්ගයකි.

Feast of the seven dishes -දකුණු ඉතාලිය

එය ‘Festa dei sette pesci’ යන ඉතාලි නමින් හැඳින්වේ. එය එරට සාම්ප්රමදායික ආහාරයක් වන අතර වෙනස්ම මාලු වර්ග 7 කින් සකසන ලද ආහාර බඳුන් 7 කින් සමන්විතය. නත්තල් දා මස් අනුභව නොකර සිටීමේ චාරිත්රායත් සමඟ මෙම විශේෂ මුහුදු ආහාරය නත්තල් කෑම මේසය සරසන ඉතා දිගු අතීතයක් සහිත ආහාර වර්ගයක් ලෙස සැලකේ.

Doro wat -ඉතියෝපියාව

මෙම ස්ටූ ආහාරය කුකුල් මස් සහා එය වඩාත් සැර ගන්වන කුළු බඩු එකතුවකින් සකසන ආහාරයකි. එය මුහුන් කල බටර් වර්ගයකින් සකසන ලද ‘ඉන්ජෙරා’ නම් පැතලි පාන් වර්ගයක් සමග පිලිගන්වනු ලබයි.

Poppy milk -ලිතුවේනියාව

මෙම අතුරුපස පානයක් ලෙස හෝ සුප් එකක් ලෙස හැන්දකින් රසවිඳිය හැකියි. සාම්ප්රරදායික නත්තල් රාත්රී ආහාර වේලේදි අනිවාර්යෙන්ම රසවිඳින ආහාරයක් ලෙස සැලකේ. පොපි ඇට උණු ජලයේ තම්බාගනිමින් පෙරාගෙන සීනි සහා අනෙකුත් රසගන්වන අමුද්රනව්යත එක් කරමින් සකසන පානයකි. මේ සමඟ පොපි ඇට වලින් සැකසූ පේස්ට්රිඅ වර්ගයක් පිලිගැන්වීමත් සිදුවේ.

Herring under a fur coat -රුසියාව

මෙය තට්ටු ලෙස සකසන ලද සලාදයක් වන අතර එය බෙලරුස්,යුක්රේ නය සහා කසකස්ථානය වැනි රටවල් වලද ඉතා ජනප්රියය ආහාරයකි. හුරුල්ලන්,තම්බන ලද අර්තාපල්,කැරට්, ඇපල්,ලූණු තට්ටුල ලෙස අතුරා එහි උඩින් බීට් රූට් වැස්මක් අතුරාගෙන මයෝනිස් වලින් සරසාගනියි.

Brussels sprouts -කැනඩාව

මෙම එළවළු වර්ගය මේපල් සිරප්, බේකන් පීකන් නම් ගෙඩි වර්ගය සමඟ මිශ්ර කරගනිමින් ඉතා රසවත් ව පිසගන්නා ආහාරයකි.

Aletria- පෘතුගාලය

මෙම පැණි රස අතුරුපස සකසන්නේ vermicelli, කිරි, බිත්තර සහා සිනී මිශ්රටකරගනිමින් ය.පැස්ටා සහා පැණිරස සුසංයෝගයක් ලෙස සැකසූ රසවත් ආහාරයකි.

Piftie- රුමේනියාව

කුකුල් මස් හෝ ඌරු මස් වලින් සකසන ආහාරයකි. මස් කැබලි තම්බාගත් වතුරට (ස්ටොක්) එකට මස් කැබලි සමඟ එළවළු ,බිත්තර සහා සුදුලූණු එකතුකරගනිමින් ශීතකරණයේ තබයි. එහිදී ස්ටොක් එක ජෙලි එකක හැඩයට පත් වේ.

Speculaas -බෙල්ජියම

මෙම සාම්ප්රsදායික ඉඟුරු පාන් හෙවත් කුකීස් විශේෂය නෙදර්ලන්තය,ලක්සම්බර්ග්,ජර්මනිය සහා ඕස්ට්රේවලියාවේද ඉතා ජනප්රිමය රසකැවිල්ලකි. ඒවා යම් මිනිස් රූපයක හැඩයට සකසන ඉතා සිහින් සහා ක්රාන්චි ගතියකින් යුතු රසවත් ආහාරයකි.

Fisherman’s soup- හංගේරියාව

කාර්ප් මාලු හෝ වෙනත් ගංඟා ආශ්රි ත මාලු වර්ගයක් භාවිතා කරමින් පැප්රිවකා සහා වෙනත් කුළු බඩු මුසු කර සකසන සැර සුප් පානයකි. එය යුරෝපයේ තිබෙන අතිශයින්ම සැර අධික සුප් වර්ගය ලෙසයි සැලකෙන්නේ.

Wreath cake- නෝර්වේ

නත්තල, නව අවුරුදු උදාව, විවාහ උත්සව, විශේෂ නිවාඩු අවස්ථාවල සකසන මෙය නෝර්වේ සහා ඩෙන්මාරකයේද ජනප්රිාය කේක් වර්ගයකි. එය ‘kransekake’ යන නමින් හැඳින්වේ. මෙය 18 වන සියවසේ සිට පැවත එන ආහාර වර්ගයකි. එය සකසා ඇත්තේ ආමන්ඩ් පිටි වලින් සැකසූ කුකී රවුම් 18 කිනි. ඒවා තට්ටුs ලෙස අතුරා උඩින් අයිසින් වලින් සරසාගෙන ඇත.

Rabanada – බ්රීසීලය

මෙය ප්රංසශ ආහාර සැකසුම් ක්රරමයක් අනුසාරයෙන් සකසන අතුරුපසකි. නැවුම් පාන් කැබලි ,බිත්තර, සහා සීනි සමඟ උකුකල කිරි මිශ්ර කරමින් සකසන මිශ්රිණයක් ගැඹුරු තෙලේ බැදගනියි. මේවා අමුත්තන් හට පිලිගැන්වීමට පෙර සීනි සහා කුරුඳු කුඩු ඉසිමීන් සරසාගනියි.