ලෝකයේ වැඩි දෙනෙක් නරඹා ඇති චිත්‍රපට 10 ක් මෙන්න

Netflix කියන්නේ මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන තිබෙන content platform එකක්. කැමති තරම් චිත්‍රපට, ටෙලි කතාමාලා, වාර්තා වැඩසටහන් ඇතුලු බොහෝ නිර්මාණ නරඹමින් විනෝදාස්වාදය උපරිමයෙන් අත්විඳීමට මේ අවකාශය තුලදි ඔබට අවස්ථාව හිමිවෙනවා. Netflix හරහා නිකුත් වන චිත්‍රපට ප්‍රමාණය හොලිවුඩයේ ස්ටූඩියෝ හරහා සිනමාහල් වලට නිකුත් කරන චිත්‍රපට වලට සාපේක්ෂව ඉතාමත් ඉහළ ගණනකි. ලෝකය පුරා මේ වන විට Netflix ජාලය වටා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වි හමාරයි.

මේතාක් කාලයක් තුල Netflix අඩවිය හරහා නිකුත් වූ, වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් නරඹා ඇති චිත්‍රපට එකතුව තමයි මේ (මෙහි දැක්වෙන්නේ මෙම Netflix original ලේබලය සහිත චිත්‍රපට අන්තර්ජාලයට නිකුත් කර පළමු සති 4 ඇතුලත ඒවා නරඹා තිබූ ප්‍රේක්ෂයින්ගේ ප්‍රමාණයයි)

01. Extraction-  නරඹා ඇති පිරිස මිලියන 99

Chris Hemsworth සහ Rndeep Hoodaa ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයකි. බංගලාදේශ මත්ද්‍රව්‍ය පාතාල නායකයෙකු විසින් පැහැරගත් තරුණයෙකු මුදාගැනීම වෙනුවෙන් දියත් වන මෙහෙයුමක් වටා මේ චිත්‍රපටයේ කතාව ගෙතී ඇත. මෙය නිකුත් වි ඇත්තේ 2020 අප්‍රේල් 24 වන දායි. කෙසේවෙතත්, තවමත් මෙම චිත්‍රපටය දර්ශකයේ #trending movies කාණ්ඩය යටතේ ඉහළින්ම ‍රැඳී සිටියි.

02. Bird Box- නරඹා ඇති පිරිස මිලියන 89

දෑස් බැඳගෙන එදිනෙදා කටයුතු කිරීමේ අභියෝගය ඔබට මතකද? ලොව පුරා උන්මාදයක් ලෙස පැතිරී ගිය #birdboxchallenge එකට හේතුවී තිබුණේ මේ චිත්‍රපටයයි.ලෝකයේ පශ්චාත් එලිදරවු සමයක් පසුබිම් කරගත් මෙම චිත්‍රපටය  මිනිස් මනසේ ඇති බිහිසුණුම මතකය හෝ දෙය හඳුනාගනිමින් එහි ස්වරූපව තමා තුල මවාගනිමින් එම පුද්ගලයා ඉදිරියට පැමිණ එම පුද්ගලයා භීතියට පත්කරවමින් ඔහු/ඇය අතින්ම ඔහුව/ඇයව මරාදැමීමට පොලඹවන රාක්ෂයෙකුගෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු තම ජීවිතය ‍රැකගැනීමට දරන උත්සාහය වටා ගෙතී ඇති ත්‍රාසජනක චිත්‍රපටයකි.

03. Spenser Confidential- නරඹා ඇති පිරිස මිලියන 85

Mark Wahlberg සහ Alan Arkin ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපට ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටයකි. හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු, තම සහයකයා සහ හිටපු පෙම්වතිය සමඟ කණ්ඩායමක් ලෙස බොස්ටන් පොලිසියේ සේවය කල නිලධාරින් දෙදෙනෙකුගේ මරණය පි‍ටුපස සිටින ඝාතකයින්ව සොයායන මෙහෙයුමක් වටා මෙහි ප්‍රධාන කතා තේමාව ගෙති ඇත.

04. Underground- නරඹා ඇති පිරිස මිලියන 83

ලොව වටා සිටින පුද්ගලයින් 6 දෙනෙකුගේ ජීවිත කතා වටා ගෙතුණු මේ චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය දක්වන්නේ Adria Arjona, Dave Franco, Ben Hardy, Melanie Laurent, Corey Hawkins යන දක්ෂ නලු නිලි පිරිසයි.දැනටමත් මියගොස් ඇතැයි සිතා සිටින මේ පුද්ගලයින් තමට ආවේණික වූ විශේෂ කුසලතාවය තුලින් කණ්ඩායම්ගත වී පළිගැනීම සඳහා යෙදෙන ප්‍රයත්නයක් ගැන මෙහිදී කියවේ.

05. Murder Mystery- නරඹා ඇති පිරිස මිලියන 83

Adam Sandler සහ Jennifer Aniston ප්‍රධාන රංගන දායකත්වය දක්වන මේ චිත්‍රපටය හාස්‍ය උත්පාදක ගණයේ චිත්‍රපටයකි. පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිඳ මරණ පරීක්ෂණයක් අතරතුරදී යුරෝපයේ සුඛෝපභෝගී සංචාරයක නිරත වීම මෙහි කතා තේමාවයි.

06. The Irishman– නරඹා ඇති පිරිස මිලියන 64

Martin Scorsese ගේ අධ්‍යක්ෂණයක් මෙන්ම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය Steven Zaillian ගේ තිරපිටපතකි. මෙය අපරාධ-නාට්‍යානුසාර ගණයේ චිත්‍රපටයකි. මෙය ‘I Heard You Paint Houses’  නම් 2004 වසරේ ලියැවුණු නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි. දරුණු අපරාධකරුවෙකු සහ ඔහුගේ පවුල  ඝාතනය කිරීමට නියෝග ලැබූ කුලී මිනීමරන්නෙකු වන ට්‍රක් රථ රියදුරෙකු තම අතීතය ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් සිහිපත් කරන සිදුවිමක් වටා මෙහි කතාව ගෙතී ඇත.

07. Triple Frontier- නරඹා ඇති පිරිස මිලියන 63

මෙම ක්‍රියාදාම චිත්‍රපටය හිටපු ඇමෙරිකානු ඩෙල්ටා බලකා සොල්දාදුවන් පිරිසක් වටා ගෙතී ඇත. Ben Affleck, Oscar Isaac, Charlie Hunnam, Garret Hedlund, Pedro Pascal යන සුපිරි නලුවන් මෙහි ප්‍රධාන චරිත නිරූපණයේ යෙදී සිටියි.දකුණු ඇමෙරිකානු අපරාධ කල්ලි නායකයෙකු යටතේ සිට දැවැන්ත ආයුධ සන්නද්ධ මුදල් සොරකමකට සැරසෙන මොවුන් මුහුණ දෙන සිදුවීම් පිලිබඳව චිත්‍රපටය නිර්මාණය වී ඇත.

08. The Wrong Missy- නරඹා ඇති පිරිස මිලියන 59

මෙය ප්‍රේමාන්විත-ප්‍රහසන ගණයේ චිත්‍රපටයකි, David Spade, Molly Sims, Lauren Lapkus ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය ටිම් නම් පුද්ගලයා සහ Missy යන එකම නම ඇති තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවන සබඳතාව වටා ගෙතී ඇත.

09. The Platform- නරඹා ඇති පිරිස මිලියන 56

කුසගින්න තේමාකරගත් අතිශය සංවේදී චිත්‍රපටයක් වන මෙය ස්පාඤ්ඤ නිර්මාණ කාරයකි.  සිරකඳවුරක් ,මාස 6 ක ස්වෙච්ඡා කාලයක් වෙනුවෙන් සිරකඳවුරට පැමිණෙන පුද්ගලයෙක්, ‍රැඳවියන් සහ දිනකට එක්වරක් හුවමාරු වන විශාල ආහාර බඳුනක් යන සිද්ධි ඔස්සේ එහි කතාව ගලා යයි.

10. The Perfect Date– නරඹා ඇති පිරිස මිලියන 55

තරුණයෙකු උසස් පාසල් ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් වටා දිවෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Noah Cetineo විසිනි. තමන්ව පෙම්වතා බවට පත්කරගැනීමට තරුණියන්ට පහසු වන පරිදි ඔහු මෘදුකාංගයක් සකසයි. පරිපූර්ණ පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් ඔහු තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වේ. එක් දිනක් ඔහුට ඔහුගේ සිත්ගත් තරුණිය ඔහුට මුණගැසෙයි. එතැන් පටන් ඔහුගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදුවීමට පටන්ගනියි. එම සිදුවීම් මාලාව ඔස්සේ මෙම ප්‍රේමණීය- හාස්‍ය උත්පාදක චිත්‍රපටය නිර්මාණය වි ඇත.