ලෝකයේ ලස්සනම මංගල ගවුම් 10

කාන්තාවකගේ ජීවිතයේ වටිනාම දවස තමයි ඇයගේ විවාහය සිදුවන දවස. ජීවිතයේ අමතක නොවන දවසේ හැඩට ලස්සනට ඉන්න එක තමයි ඇයගේ හීනය වෙන්නේ. බටහිර සම්ප්‍රදායෙන් හැඩවෙන්න කැමති අයට අපූරු මනාලියන්ගේ ගවුම් විලාසිතා අදහස් කිහිපයක්ම පහළින් දැකගත හැකියි. මේ එතෙක් මෙතෙක් බටහිර විලාසිතා ලෝකයේ නිර්මාණය වී ඇති වඩාත් ආකර්ෂණීයම සහා ප්‍රසිද්ධියට පත් වුණු මංගල ගවුම් විලාසිතා 10 කි.

01. ඩයනා කුමරිය ගේ විවාහ මංගල ඇඳුම

1981 වසරේ ජූලි 29 වන දා සියවසේ මංගල්‍ය ලෙස විරුදාවලි ලැබූ බ්‍රිතාන්‍ය රජ පවුලේ චාර්ල්ස් කුමරු සහා ඩයනා කුමරියගේ විවාහ උළෙල දා ඩයනා කුමරිය සැරසී සිටියේ මෙම ගවුම් විලාසිතාවෙනි,  එහි නිර්මාණ සැලසුම් ශිල්පීන් වන්නේ ඩේවිඩ් සහා එලිසබෙත් එමානුවෙල් යන ශිල්පීන්ය. එය අඩි 131 ක් පමණ දිගින් යුත් ඇත්දළ සුදු පැහැ සේද රෙද්දකින් මැසූ එකකි. අඩි 25 කින් යුතු කලාත්මක ලේස් පටි සහා කුඩා මුතු ඇට දහසකට අධිකව භාවිතා කරමින් එය අලංකාර කර තිබිණි.

02. කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල ඇඳුම

ලෝකයේම අවධානය දිනාගත් රාජකීය මංගල්‍යයක් වූ කේට් කුමරියගේ සහා විලියම් කුමරුගේ විවාහය දා ඇය ඇඳ සිටි ගවුම් විලාසිතාව නිර්මාණය කර තිබුණේ ප්‍රසිද්ධ නිර්මාණශිල්පි ඇලෙක්සැන්ඩර් මැක්වීන් විසින් ය. පි‍ටුපසින් ඉතා දිගුවන සේ අලංකාර වේලයකින් සහා ඔටූන්නක් සහිතව ඉතා මිල අධික ලේස් වර්ගයකින් නිමවූ ඇඳුම් විලාසිතාවකි.

03. ග්‍රේස් කෙලීගේ මංගල ඇඳුම

ලෝකප්‍රසිද්ධ ‘Conde Nast Brides’ නම් මැගසිනය මේතාක් ඉතිහසයේ විලාසිතානුකූල බවින් වැඩිම සහා නේත්‍රාකර්ෂණීය පෙනුමක් සහිත මනාලියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ‍රැ‍ඳෙන්නියක් ලෙසයි ඇයව හඳුන්වාදී ඇත්තේ. හොලිවුඩ් නිලි ග්‍රේස් ගේ සහා මොනාකෝ හි කුමරුගේ විවාහය සිදුවූයේ මින් වසර 50 කට පමණ පෙර වුණත් තවමත් ඇය මනාලියක් සේ හැඩවුණු ඇඳුම් විලාසිතාව බොහෝ දෙනා අතර ජනප්‍රියයි.  ඇය ඇත්දළ සුදු පැහැයෙන් යුත් සේද රෙදි, අලංකාර ලේස් පටි සහා මුතු පබලු වලින් හැඩකරන ලද ආකර්ෂණීය ගවුම් මෝස්තරයකි.

04. සාරා ජෙසිකා පාර්කර් විසින් හැඳ සිටි ගවුම් විලාසිතාව

එම කාලීන ප්‍රහසන කතාමාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ කැරී බ්‍රැඩ්ෂෝ විසින් එක් ජවනිකාවකට හැඳ සිටි මංගල ඇඳුම් විලාසිතාව බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් විය. එය නිර්මාණය කර තිබුණේ විවියන් වෙස්ට්වුඩ් නම් ඇඳුම් මෝස්තර ශිල්පිණියයි. එය ඉතා ඉහළ මට්ටමේ ගවුම් විලාසිතාවක් බව කිව යුතුමයි.

05. ජැක්ලින් කෙනඩිගේ විවාහ මංගල ඇඳුම

1953 වසරේ පැවති හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් කෙනඩි සහා ජැක්ලින්ගේ විවාහ දා ඇය සැරසී සිටියේ මෙම ගවුම් විලාසිතාවෙනි. එය off-the-shoulder වර්ගයේ දිගු සහා අලංකාර වේලයක් ද සහිත ගවුම් විලාසිතාවක් විය.

06. ඇන්ජලීනා ජොලී

හොලිවුඩයේ සුපිරි තරු යුවලක් වූ ඇන්ජලීනා ජොලී සහා බ්‍රැඩ් පිට් ගේ විවාහය සිදුවූයේ 2014 වසරේ ප්‍රංශයේදීය. ඇගේ ඇඳුම් විලාසිතාව ඇයගේ දරුවන් 6 දෙනාගේ නිර්මාණශීලී අදහස් වල සංකලනයක් බවයි සඳහන් වන්නේ. ඇයගේ විලාසිතා නිර්මාණකරු ඇටේලියර් වර්සාස් හට ඇය ප්‍රකාශ කර තිබුණේ තම සේද ගවුම් විලාසිතාව තම දරුවන්ගේ චිත්‍ර වලින් හැඩකර දෙන ලෙසයි. වෙනස්ම අදහසක් වගේම අපූරු මංගල ගවුමක්!

07. මර්ලින් මොන්රෝ

සුන්දරත්වයේ සංකේතය ලෙස හැඳින්වු ප්‍රසිද්ධ නිලි මර්ලින් මොන්රෝ ගේ විවාහ මංගල ඇඳුම සාම්ප්‍රදායික විවාහ මංගල ඇඳුම් මෙන් නොව තරමක් වෙනස් එකක් විය. එය තද දුඹුරු පැහැයෙන් යුත් සුදු පැහැති කොලරයක් සහිත ගවුමක් විය. මෙය ඇයගේ දෙවන විවාහය වූ අතර ඇය අතිනත ගත්තේ ප්‍රසිද්ධ බේස්බෝල් ක්‍රීඩක ජෝ ඩිමැගියෝත් සමගයි.

08. ‘The Twilight Saga’ චිත්‍රපටපෙළේ රඟපෑ ක්‍රිස්ටන් ස්‍ටුවර්ට් සැරසී සිටි ගවුම් විලාසිතාව

ඇය රඟපෑ Bella Swan නම් චරිතය වෙනුවෙන් ඇය සැරසී සිටි මෙම අලංකාර විවාහ මංගල ඇඳුම දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් විය. එය නිර්මාණය කර ඇත්තේ කැරොලිනා හෙරේරා නම් ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිණිය විසිනි.මෙහි තක්සේරු වටිනාකම ඩොලර් 35,000 ක් බවයි පැවසෙන්නේ. නමුත්, ඩොලර් 800 ක් වැනි මුදලකට මීට සමාන ඇණවුමක් ඔබට online ක්‍රමයට මිලදි ගත හැකියි.

09. රෙනේ සෙල්වෙජර්

2005 වසරේ සිදුවූ ඇයගේ විවාහය දා ඇය සැරසී සිටියේ මෙම ගවුම් විලාසිතාවෙනි. ඇය ඉතා සරල සැරසිලි අවම නමුත් වඩාත් ලස්සන මෝස්තරයක් සහිත මංගල ගවුම් විලාසිතා අදහසකි.

10. වික්ටෝරියා බෙකම්

ප්‍රසිද්ධ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිණි වික්ටෝරියා සහා පාපන්දු ලෝක ශූරයෙකු වන ඩේවිඩ් බෙකම් අතර විවාහය සිදුවූයේ 1999 වසරේදියි. ඇයගේ ගවුම ෂැම්පේන් පැහැයෙන් යුතු අදි 20 ක් පමණ දිගින් පි‍ටුපසට ඇදෙන සේ කොටසකින් යුතු විලාසිතාවක් වූ අතර එය නිමවා තිබුණේ වේරා වොන්ග් නිර්මාණ ශිල්පිණිය විසිනි.