ලෝකයේ ලස්සනම පාසල් නිල ඇඳුම් 10

බොහෝ රටවල් වල ඇති අද්‍යාපන පද්ධතීන් තුල පාසල් නිල ඇඳුම අනිවාර්ය අංගයක් සේ සලකනු ලබයි. විවිධ රටවල් වල භාවිතා වන පාසල් නිල ඇඳුම් වල ස්වරූපයන් එකිනෙකට වෙනස් විවිධත්වයකින් යුක්ත වේ. සංස්කෘතීන් අනුව වෙනස් වී ඇති ආකර්ෂනීය පාසල් නිල ඇඳුම් වර්ග කිහිපයක් පහත දැක්වේ.

1. ශ්‍රී ලංකාව

1988 එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ත ප්‍රකාශනය 1994 පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් මුල් වරට පාසල් නිල ඇඳුම් නොමිලේ බෙදා දියයුතු බව යෝජනා වී ඇත. මෙහිදී පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ප්‍රතිපත්තිය පමණක් නොව මෙලෙස පාසල් නිල ඇඳුම්, පෙළ පොත් නෙමිලයේ බෙදා දීම ආරම්භ කර ඇත,

2. ඉන්දියාව

ඉන්දියාවේ රජයේ මෙන්ම පෞද්ගලික පාසල් සිසුන් සඳහා ද පාසල් නිල ඇඳුම් අනිවාර්ය කර ඇත. පිරිමි ළමුන් සඳහා ලා පැහැති කමිස සමඟ සුදු, නිල් හෝ කලු යන වර්ණ වලින් කලිසම් නියම කර ඇත. ගැහැණු ළමුන් කමිස සහා සාය ඇඳිය යුතුය. ඇතැම් පාසල් සඳහා කාන්තා පිරිමි භේදයකින් තොරව ටයිපටි පැලඳීම සහා එකම වර්ගයේ සපත්තු පැලඳීම අනිවාර්ය කර ඇත.

3. හයිටි

ප්‍රංශ අධ්‍යාපන පද්ධතිය අනුමනය කරනු ලබන හයිටි උසස් අධ්‍යාපන පද්ධතිය රජය යටතේ පොදු පාසල් ලෙස ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් එරටේ බොහෝ ප්‍රාථමික අධ්‍යාපන ආයතන වල මෙහෙයවීම් අහා හිමිකාරීත්වය දරනු ලබන්නේ පෞද්ගලික ආයතන විසිනි ය. හයිටියේ භාවිත නිල ඇඳුම් සඳහා තද වර්ණ භාවිතා වේ. ප්‍රාථමික ශ්‍රේණි සඳහා අත් කොට කමිස නිර්දේශ කර ඇති අතර නිල් පැහැති ගින්ගැම් කො‍ටු රෙද්දෙන් නිමවූ කමිසය සමඟ කලිසම් හෝ සාය භාවිතා වේ.

4. තුර්කිය

2012 වසරේදි එරටේ නිල ඇඳුම් ඇඳිය යුතුවීමේ නීතිය ඉවත්කරන ලදි. නමුත්, ඇතැම් පාසල් තවදුරටත් නිල ඇඳුම් ඇඳීම අනිවාර්ය කර ඇත.ද්විතියීක පාසල් වල පිරිමි සිසුන් සඳහා සුදු කමිස සහා අළු කලිසම් අඳිනු ලබති. ශිෂ්යායවන් විසින් සුදු කමිස සහා සාය අඳිනු ලබති. ප්රාළථමික පාසල් සිසුන් අර්ධයක් කලු පාටින් හෝ නිල් පැහැති නිල ඇඳුම් අඳිනු ලබති. කෙසේවෙතත් , විවිධ පාසල් එකිනෙකට වෙනස් නිල ඇඳුම් සම්ප්රනදායන් (dress code) අනුගමනය කරමින් සිටියි. රටේ විවිධ ප්රකදේශ අනුව භාවිතා වන නිල ඇඳුම් විශාල විවිධත්වයකින් යුක්ත වේ.

5. මැලේසියාව

ප්රාමථමික පාසල් වල ශිෂ්යාලවන් සඳහා සුදු කමිසයට උඩින් නාවික නිල් පැහැති ඒප්රrනයක් ඇඳීම හෝ සායට උඩින් සුදු කබායක් ඇඳීම යන අවස්ථා අතරින් එකක් ‍තෝරාගැනීමට හැකියාව ඇත. පිරිමි ළමුන් සඳහා දිගු කලිසම් ඇඳීම අනිවාර්ය අතර උණුසුම් දිනවලදී කෙටි කලිසම් ඇඳීමට නිදහස ලබා දී ඇත. ද්විතීයීක පාසලේදී පිරිමි ළමුන් සඳහා කොළ පැහැති කලිසම් සහා ටයි පටිය, ගැහැණු ළමුන් සඳහා ඔවුන්ගේ අත් වැසෙන ලෙස ඒප්රතනය, කබාය සමඟ සාය ඇඳීම අනිවාර්ය කර ඇත.

6. තායිලන්තය

සෑම පාසල් දරුවෙකුම නිල ඇඳුම් ඇඳීම අනිවාර්ය කර ඇත. ප්රා.ථමික පාසලේදි පිරිමි ළමුන් සඳහා කාකි,කලු හෝ නාවික නිල් පැහැයෙන් යුත් කලිසම,අත් කොට කමිසය, වළලුකර වැසෙන ලෙස මේස් පැලඳීම සහා කලු හෝ දුඹුරු වර්ණයෙන් සපත්තු පැලඳීම අනිවාර්ය වේ. ගැහැණු ළමුන් සඳහා බැගි වර්ගයේ ලිහිල් කමිස (පිරිමි ළමුන්ට සමාන) ටයි පටිය වෙනුවට බෝ පටිය සහා කෙණ්ඩ දක්වා දිගු සාය අනිවාර කර ඇත. ඔවුන්ගේ නම් කමිසයේ එම්බ්රො යිඩර් කර තිබීමත් විශේෂත්වයකි.

7. ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවේ සෑම පාසලකම නිල ඇඳුම් ඇඳීම අනිවාර්ය වේ.බොහෝ පාසල් වල ඉතා සාම්ප්රසදායික හා ගතානුගතික නිල ඇඳුම් භාවිතා වන් ආකාරය දැකිය හැකිය. සෑම ශ්රේපණියකටම වෙනස් වර්ණයක් නිර්දේශ කර තිබීම විශේෂත්වයකි.ප්රා ථමික පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රතු සාය හා කලිසම වන අතර ද්විතිය පාසලේ සිසුන්ගේ නිල ඇඳුම් නාවික නිල් පැහැයෙන් යුක්ත වේ.

8. භූතානය

භූතානයේ පාසල් ඩිසුන් සඳහා පාසල් නිල ඇඳුම ලෙස අනිවාර්ය කර ඇත්තේ 17 වන සියවසේ සිට භාවිතා වන එරටේ ජාතික ඇඳුමයි. පිරිමි ළමුන්ගේ ඇඳුම ‘ඝෝ’ යන නමින් හැඳින්වෙන අතර එය උරහිසින් ගැටගසන කබායක් වැනි ඇඳුමකි. ගැහැණු ළමුන්ගේ ඇඳුම හඳුන්වන්නේ ‘කීරා’ යන නමින් වන අතර එය වළලුකර දක්වා දිගු ඝන රෙද්දකි. එයට උඩින් ‘ටෝගෝ’ නම් කෙටි සේද ජැකට්ටු්වක් ද අඳිනු ලබයි.

9. යුක්රේනය

Vogue සඟරාවට අනුව ලොව විලාසිතානුකූල බවින් වැඩිම් නිල ඇඳුම් අතර යුක්රේන නිල ඇඳුම ද වන බව සඳහන් වේ. ගැහැණු ළමුන්ගේ ඇඳුම සුදු මේස්, ජම්පරය ,බ්ලවුසය සහා බෝ පටියකින් සමන්විත වේ. පිරිමි ළමුන්ගේ ඇඳුම ඉතා පිළිවෙල එකක් වන අතර එය දිගු කලිසම, ටයි පටිය, සුදු කමිසය සහා ජැකට්ටුිවකින් සමන්විත ය.ගිම්හාන සෘතුව අවසානවී නැවත පාසල් පැමිණෙන දිනය දා දරුවන් විවිධ විලාසිතා වල ඇඳුම් වලින් පාසල් පැමිණෙන බව සඳහන් වේ.

10. නේපාලය

රජයේ සහා පෞද්ගලික පාසල් දෙවර්ගය සඳහාම පාසල් නිල ඇඳුම් භාවිතය අනිවාර්ය කර ඇත. නිල ඇඳුම් වල වර්ණය තීරණය කිරීමේ අයිතිය පාසල් සඳහා ලබාදී ඇත. ලිංග භේදයකින් තොරව සිසුන් කමිසය,කෙටි ටයි පටිය,ස්වීටරය හෝ ජැකට්ටුුව ඇඳීම කලයුතුය. පිරිමි ළමුන් සඳහා සාමාන්යපය කමිස ඇඳීමට අවසර ඇති අතර ගැහැණු ළමුන් සාය ඇඳීම සිදුකරති.