ලෝකයේ ලස්සනම ගුරුවරුන් 8 දෙනා

ජිවිතයේ වැදගත්ම පාඩම් අපට කියාදෙන්නේ අපේ ගුරුවරුන් විසින්ය. හොඳ නරක කියා දී අපව යහමගට ගැනීමට ඔවුහු නිබඳවම වෙහෙසෙති. නමුත්, කාලය වෙනස් වීමත් සමඟ ගුරුවෘත්තිය කී පමණින් අපගේ මතකයට නැගෙන සාම්ප්‍රදායික සංකල්පයට එහා ගිය නවීන ප්‍රවණතා ලෝකයේ බිහිවී ඇත. ඔවුන් භාවිතා කරන ක්‍රමවේද වෙනස් වී ඇත. පාඩම් ඉගැන්වීමේදී යොදාගන්නා ප්‍රවේශයන් වෙනස් වී ඇත. ඇතැම් රටවල ගුරුවරුන්ගේ ඇඳුම් රටා පවා නවීන තාලයට අනුව වෙනස් වී ඇති අයුරු පවා දැකිය හැක. මේ සෑම සියලු දේ කොයි ආකාරයෙන් වෙනස් වුණත් දරු පරම්පරාවන්ගේ දෑස් පාදන්නේ ඔවුන් වීම වෙනස් වන්නේ නැත. එවන් නවීන පන්නයේ ගුරු පරම්පරාව නියෝජනය කරන ලොව වඩාත් ආකර්ෂණීයම ගුරුවරුන් 8 දෙනෙක් ගැන දැනගනිමු.

1. පැට්රිවස් බ්රීවුන්

වෘත්තියෙන් ගුරුවරියක් වන පැට්රි ස්ගේ ඡායාරූප නිතරම කතාබහට ලක්වෙන බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම ඇයගේ සිඔසුන්ගේ දෙමාපියන් ඒවා ගැන විවේඡනාත්මකව අදහසකින් පසුවෙන බව සඳහන්. කවුරු කොහොම කිව්වත් පැට්රිනස් ගුරුවරිය ඒවා ගැන එතරම් සිතීමට හෝ අවධානය යොමුකිරීමට කාලය ගත නොකරයි. ඇය අඳින පලඳින ආකාරය ගැන ඇය කිසිසේත් ලැජ්ජා නොවන බව සඳහන්. ඇයට සිසුන්ගේ ආදරය නොමදව ලැබීමට ඇයගේ මෙම සෘජු පෞරුෂයත් හේතු වී තිබෙනවා.

2. බෙන්ජවන් සොම්

සොම් ඉතා ලස්සන ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය විසින් තම සිසුන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සඳහා උනන්දු කරවීමට වෙහෙසෙන සහා සිසුන් හට උපකාර කරන ගුරුවරියක් ලෙසත් ප්‍රචලිත වී සිටියි.

3. නිකොලස් ෆෙරෝනි

ෆෙරෝනි ගුරුතුමාගේ කඩවසම් පෙනුම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්ව තිබේ. වරක් ඔහුගේ සි‍ටුන් හට ඔහු එක් අපූරු පොරොන්දුවක් ලබා දී තිබෙනවා. එනම් ඔවුන් අතරින් විශිෂ්ඨ සාමාර්ථ ගන්නා අයගේ නම් ඔහු තම බාහුවේ හෙනා ටැටූ ලෙස සටහන් කරන කරන බවටයි. මේ පොරොන්දුව නිසා ඔහුගේ සිසුන් බොහෝ උනන්දුවකින් ඉගෙනීමේ කටයුතු වල යෙදී තිබූ බවත් ඒ නිසාම ඔහු තම පොරොන්දුව එලෙසින්ම ඉ‍ටුකල බවත් පැවසෙනවා.ඔහු ඔහුගේ වෘත්තිය ගැන දැක්වූ අදහස මෙසේය: ‘මම කුඩා කාලයේදී මට ඕන වුණේ සුපිරි වීරයෙක් වෙන්න. ඊට පස්සේ මනෝවිද්‍යාඥයෙක්, පස්සේ දාර්ශණිකයෙක්, ජනහිතවාදියෙක්, පස්සේ නලුවෙක් වෙන්න… ඒ නිසයි අද මම ගුරුවරයෙක් වෙලා ඉන්නේ’, ඔහු පවසයි.

4. වින් වික්

වින් වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරයෙක් ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු නිරූපණ ශිල්පියෙක් ලෙසත් සම්බන්ධ වී සිටියි. ඉතා කඩවසම් පෙනුමක් ඇති වින් තමන් කරන දේ උපරිමයෙන් දක්ෂ ලෙස සිදුකිරීමට දක්ෂයෙක් ලෙස ප්‍රචලිත බව සඳහන් වේ.

5. ක්‍රිස් පෙක්

ක්‍රිස් දරුවන් හට ඉගැන්වීමේ දැඩි ආශාවක් තිබී ඇත. ඔහු තම පන්තිකාමරය තුල දරුවන් ක්‍රියාශිලිව පාඩම් සඳහා සහභාගී කරගනිමින් ඉගැන්වීමේ කාර්යයේ යෙදෙයි. ඔහුගේ සිසුන් පොත් කියවීමට ඉතා කැමති බව දැනගන්නට ලැබේ. දරුවන් කැමති දේ ඉගෙන ගැනීමට ඔවුන් හට ඉඩකඩ ලබා දීමේ ඔහුගේ ගුරු ජීවිතයේ රහසයි.

6. පියෙට්‍රෝ බොසෙල්ලි

බැලු බැල්මට ඔහු ගුරුවරයෙක් කියා කිසිවෙකුට සිතාගැනීමටවත් නොහැකි තරම් පියෙට්‍රෝ ඉතාමත් කඩවසම්. පියෙට්රොන තමන් නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරන බව අනෙක් ගුරුවරුන්ගෙන් සඟවා ගැනිමට කටයුතු කර තිබුණා. අන් ගුරුවරු ඔහු කෙරෙහි වැරදි ආකල්පයක් ඇති කරගනියි යනුවෙන් ඔහුට සිතී ඇත. කෙසේ වෙතත් ඔහු වර්තමානයේ වැඩි අවධානයක් තම නිරූපණ කටයුතු සඳහා ලබා දෙමින් සිටියි. නමුත්, ඔහු තම ගුරු වෘත්තිය නම් අතහැර නැහැ. ඔහු විසින් ලොව පුරා දරුවන්ගේ අද්‍යාපනය වෙනුවෙන් ආධාර ලබාදීම සිදුකරනු ලබයි.

7. ජෝර්ඩින් ගොඩාර්ඩ්

ඇය වෘත්තියෙන් ප්‍රාථමික පාසල් ගුරුවරියකි. වරක් ඇය Miss District of Columbia ලෙස කිරුළු පළඳා ඇත. ඉගැන්වීම ඇයට සහජයෙන්ම පිහිටා ඇති දෙයක් බවත් ඇය සිසුන්ගේ ආදරයට පාත්‍ර වූ ගුරුවරියක් ලෙසත් ප්‍රචලිතයි.

8. පාක් හියුන් සියෝ

ඇය දකුණු කොරියාවේ ලස්සනම ගුරුවරිය ලෙස හඳුන්වනු ලබයි. ඇයගේ ඇඳුම් විලාසය ව්‍යාපාරික නියෝජිතවරියකට සමාන බව ඔබට සිතෙනවා ඇති. කෙසේ නමුත්, ඇය ඉතා සරල ආකර්ෂණීය ගුරුවරියක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ. දරුවන් සවිබල ගැන්වීම (empower) කෙරෙහි ඇය වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් වේ.