ලෝකයේ පොහොසත්ම ළමුන් 10 දෙනා

බොහෝ පුද්ගලයින් මුදල් ඉපයීමට දවසපුරා බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු අතරේ උපතින්ම පොහොසතුන් වන පුද්ගලයින් ද ලෝකයේ ජිවත් වෙති. එවැනි දෙමාපියන්ගේ දරුවන් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට සහා විශාල ධනස්කන්ධයකට උරුමකම් කීමට තරම් උපතින්ම වාසනාවන්ත වේ. ඇතැම් දරුවන්ට හිමි වත්කම් ප්‍රමාණය අදහා ගැනීමට නොහැකි තරම්ය. ඒ අතරින් බොහෝ දෙනා හොලිවුඩයේ තරු දරුවන් වන අතර ඇතැම් අය ලොව සුපතල ව්‍යාපාරිකයින්ගේ දරුවන් වීමත් විශේෂයි. ලොව පොහොසත්ම ළමුන් 10 දෙනාගේ විස්තර මෙසේයි.

10. ජේලන් බ්ලෙඩ්සෝ

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 3.5
හේසල්වුඩ් හි ජිවත් වන දොළොස් හැවිරිදි උසස් පාසල් ශිෂ්යයයෙකු වන ජේලන් තාක්ෂණික අංශයේ ප්‍රසිද්ධ ව්යිවසායකයෙක් ලෙස ද කටයුතු කරමින් සිටියි. ග්‍රැකෆික් නිර්මාණකරණය, වෙබ් අඩවි නිර්මාණකරණය ඇතුළු අනෙකුත් තාක්ෂණික සේවාවන් සැපයුම්කරුවෙකු ලෙස ප්‍රචලිත ‘Bledsoe technologies’ ආයතනයේ හිමිකරු වන්නේ ඔහු ය. වර්තමානයේදී, එය ගෝලීය ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමට පවා ඔහු සමත් වී තිබේ. ව්‍යාපාරය ආරම්භ කර වසර දෙකකට පසු ඔහුට එරටේ මිලියනපතියන් අතරට ඒමට හැකියාව ලැබී ඇති බව සඳහන් ය. 2013 වසරේ ඇරඹි එම ආයතනයේ අද වන විට සේවකයින් 150 ක් පමණ සේවය කරති.

9. රිකෝ රොඩ්රිිගෝස්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 4 යි
ඔහු කුඩා අවදියේ සිටම ළමා රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.2009 වසරේ විකාශය වූ Modern Family කතාමාලාවේ ‘Manny Delgado’ චරිතය හරහා ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වීය. ඔහු විසින් ‘Reel life lessons ….so far’ නමින් කෘතියක් ද රචනා කර ඇත. ‘My Name is Earl’, ‘NCIS’ සහා ‘Sesame street’ වැනි ටෙලි කතාමාලා සදහා ද ඔහු රංගනයෙන් දායක වී ඇත.

8. එල් ෆැනින්ග්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 5 කි
ඇමෙරිකානු නිලියක් වන එල් ‘Phobe in Wonderland’ , ‘Somewhere’, ‘We bought a zoo’ සහා ‘Maleficent’ යන චිත්‍රපට වල රංගනයෙන් දායක වී ඇත.

7. ජේඩන් ස්මිත්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8 කි
විල් ස්මිත්ගේ පුත්ර්යා වන ජේඩන් 2006 වසරේ තිරගත වූ ‘The Pursuit of Happiness’ යන චිත්‍රටිය හරහා චිත්‍රපට රංගනයට පිවිසී ඇත. 1984 වසරේ තිරගත වූ ‘The Karate Kid’ චිත්‍රපටයේ 2010 වසරේ ප්‍රති නිර්මාණය සහා 1951 වසරේ තිරගත වූ ‘The Day the Earth Stood Still’ චිත්‍රපටයේ 2008 ප්‍රති නිර්මාණයටත් සඳහා ඔහු රංගනයෙන් දායකත්වය දැක්වීය. 2013 වසරේ තිරගත වූ ‘After Earth’ නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ ඔහු තම පියා සමඟින් එක්ව චරිත නිරූපණයේ යෙදී තිබිණි.

6. ඇබිගේල් බ්රෙුස්ලින්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12 කි
වයස අවුරුදු තුනේදි වෙළඳදැන්වීමක පෙනි සිටි ඇබිගේල් හට රංගන ශිල්පිණියක් සහා ගායිකාවක් ලෙස ඇගේ වෘත්තිය ජීවිතය ආරම්භ කිරිමට ලාබාල වයසේදීම අවස්ථාව ලැබී ඇත. බොක්ස් ඔ‍ෆිස් වාර්තා පිහිට වීමට සමත් වූ ‘Signs’ 2012 වසර චිත්‍රපටය හරහා ඇය රංගනයට පිවිසීමට සමත් විය. 2006 වසරේ ඇය රඟපෑ ‘Little Miss Sunshine’ නම් චිත්රවපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඇකඩමි සම්මාන කිහිපයක්ම දිනාගැනීමට ඇය සමත් වී තිබේ. ඇය රඟපෑ අනෙක් චිත්ර්පට අතර ‘No Reservations’, ‘Zombieland’, ‘August : Osage County’ සහා ‘Ender’s Game’ යන චිත්රරපට ඉතා ජනප්රිlය වීය.

5. වැලෙන්ටිනා පැලෝමා පිනෝල්ට්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 12 කි
මෙක්සිකානු – ඇමෙරිකානු නිලියක්, නිෂ්පාදිකාවක් සහා අද්‍යක්ෂකවරියක් වන සල්මා හායෙක් සහා ප්රංඇශ බිලියනපතියෙකු වන ෆ්‍රෑන්කොයිස් හෙන්රි පිනෝල්ට් ගේ දියණියයි. නමුත්, ඇයගේ මව සහා පියා සතු වත්කම් වල ප්‍රමාණය අනුව ඉදිරියේදී ඇය මීටත් වඩා ධනස්කන්ධයකට හිමිකම් කියනු ඇත.

4. නික් ඩී’ ඇලොයිසිඕ

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 30 කි
පරිගණක වැඩසටහන් ක්‍රියාකරුවෙකු වන නික් ජීවත් වන්නේ එක්සත් රාජධානියේයි. ඔහු අන්තර්ජාල ව්‍යාපාරයෙකු බවට මුලින්ම පත්වන විට ඔහුගේ වයස අවුරුදු 15 කි. ඔහු විසින් yahoo සමාගමට අලෙවි කල ‘iOS app summly’ නම් මෘදුකාංගය නිසා බොහෝ දෙනෙකු ඔහුව තාක්ෂණික විශිෂ්ඨයෙකු ලෙස හැන්දින් වූ බව සඳහන් වේ. එම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ පුවත්පත් ලිපි සංක්ෂිප්ත කරමින් දළ අදහස භාවිතා කරන්නා හට දැනුම් දීමට කටයුතු කිරීමයි. ඔහුගේ එම නිර්මාණය සඳහා Wall Street නම් සඟරාව විසින් ඔහුට වසරේ නවනිපැයුම්කරු යන විශේෂ නාමය පිරිනමා ඇත. Times සඟරාවට අනුව ලොව වඩාත් බලපෑම් කල හැකි යෞවනයන්ගේ ලැයිස්තුවට ඔහුද අයත්ය. වර්ත්තමානයේ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාගලයට අනුබද්ධ හර්ට්ෆෝර්ඩ් උසස් පාසලේ පරිගණක විද්යාවව හා දර්ෂණවේදය පිළිබඳව හදාරමින් සිටියි.

3 ඩැනියෙලින් බර්ක්හෙඩ්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 59 කි
ඇනා නිකොල් ස්මිත් ගේ සහා ලැරී බර්ක්හෙඩ් යුවලගේ දියණිය වන ඩැනියෙලින් උපත ලබා ඇත්තේ 2006 වසරේ දීයි. ඇගේ මව මින් පෙර සිටි ඇමෙරිකානු නිලියක් සහා නිරුපිකාවකි.

2. නොක්ස් සහා විවියන් ජොලී පිට්

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 67.5 කි
හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලී සහා බ්රැලඩ් පිට් යුවලගේ නිවුන් දරුවන් වන නොක්ස් සහා විවියන් උපත ලබා ඇත්තේ 2008 වසරේ ප්‍රංශයේදීයි. ඔවුන්ගේ මුල්වරට මාද්‍ය ට නිකුත් කර තිබූ ඡායාරූපය අලෙවි වී තිබුණේ ඩොලර් මිලියන 14 කටය. එය මේතාක් කාලයක් තරු ඡායාරූපයක් වෙනුවෙන් වියදම් කර ඇති වැඩිම මුදල ලෙස සැලකේ.

1 ජෝර්ග් ඇලෙක්සැන්ඩර් ලුවි කුමාරයා

නිල වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියනයකි.
එංගලන්තයේ විලියම් කුමරුගේ සහා කේට් කුමරියගේ පුත් ජෝර්ජ් කුමරු ලොව ධනවත්ම දරුවා ලෙසයි සැලකෙන්නේ. ඔහුගේ වයස අවුරුදු 5 යි. බ්‍රිතාන්‍ය රජ පවුල ලොව සිටින ධනවත්ම පවුල් අතරින් එකකි.