ලෝකයේ කිසිම රටක නැති ජපානයේ විතරක් ඇති අපුරූ දේවල් 15ක්

ජපානය කියන්නේ ලස්සන ස්වභාවික පරිසරයක් සහිත අසමසම සංස්කෘතියකට හිමිකම් කියන ආශ්චර්යමත් රටකි. ඒ වගේම දක්ෂයින්ගෙන් සහා නිර්මාණාත්මක අදහස් වලින් පිරුණු රටක්.  ලෝකයේ බිහිවන නවනිර්මාණ ගැන කතා කරනවිට ජපානය තමයි එහි ප්‍රමුඛස්ථානය හිමිකරගන්නේ. ලොව කොහින් වත් සොයාගත නොහැකි තරමේ අපූරු නව නිර්මාණ සිදුකිරීම සඳහා ඔවුන් නිතර පෙලඹෙනවා.  එරටේ රොබෝ තාක්ෂණය වැනි නවීන පන්නයේ තාක්ෂණික උපක්‍රම එදිනෙදා කටයුතු වලදී පවා භාවිතා කරනු ලබනවා. ඒ අනුව තාක්ෂණය කියන්නේ එරට ජනයාගේ ජන ජීවිතයට පවා ප්‍රබලව මුහු වෙලා තිබෙන දෙයක්. ඇත්තෙන්ම ඔවුන්ගේ දෛනික ජීවිතය හරිම වේගවත් රිද්මයකට අනුව ක්‍රියාකරන බවයි පෙනෙන්නේ. දවසෙන් දවස දියුණු වන ජපානයේ නවීන ජිවන රටාවට අනුගත වීම හිතෙන තරම් ලෙහෙසි නැහැ. විශේෂයෙන්ම මෙවැනි අධි වේගී ජීවන රටාවක් ගත කිරීම හැමෝටම නම් පහසු නැහැ කියලයි අපිට නම් හිතෙන්නේ.  ඔබටත්  මේ කරුණු වලින් ඒ බව හොඳින් වැටහේවි. ජපානය ගැන වෙනස්ම කරුණු 15 ක එකතුවක් තමයි මේ.

01. එරට අධ්‍යයන වර්ෂය ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේය

අධ්‍යයන වර්ෂය බෙදා ඇත්තේ ත්‍රෛමාසික ලෙස වන අතර අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේදීය.  සෑම වසරකම පන්ති නැවත ප්‍රතිසංවිධානය කිරීමක් සිදුවේ. ඒ අනුව සෑම සිසුවෙකුටම අලුත් මිතුරන් හඳුනාගැනීමට සිදුවේ. මෙහි අරමුණ දරුවන් හට අනවශ්‍ය ලෙස තම සමීපතමයින් මත යැපීම සිදු නොකල යුතු බව හා බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කරමින් සබඳතා ගොඩනගා ගන්නා අයුරු  ඉගැන්වීමයි.

02. හිම මිනිසෙකු තනන්නේ හිම බොල 2 කිනි.

ලෝකයේ වෙනත් රටවල , ඒ කිව්වේ හිම වැටෙන රටවල අය විනෝදයට වගේ හිම මිනිසුන් හදද්දී හිම බෝල කොටස් 3 ක් භාවිතා කරනවානේ. නමුත්, ජපානයේ වැසියන් සම්ප්‍රදායිකව ඒ සඳහා භාවිතා කරන්නේ හිම බොල 2 ක් පමණයිලු.

03. ජපානයේ ඝාණ්ටානාදය 108 වතාවක් නාද වේ.

එරට බෞද්ධ දර්ශණයට අනුව මිනිසා හට තිරිසන් ආශාවන් 108 ඇති බවත් නව අවුරුදු දා රාත්‍රියේදී එම පවු කමාකරමින් පාරිශුද්ධත්වයට පත්විය හැකි බවත් විශ්වාසයයි. ඒ අනුව සැම දෙසැම්බර් 31 වන දාකම මධ්‍යම රාත්‍රිය පුරාවට එරට විහාරස්ථාන වල ඝණ්ටාර 108 වතාවක් අඛණ්ඩව සෙමින් වාදනය කිරීම සිදුවේ. එය සෑම පුද්ගලයෙකුගේම අභාග්‍යයන් සහ පවු දුරු කරවන බව ඔවුන් විශ්වාස කරති.

04. නත්තල් මාසයේ සංකේතය colonel sanders ය

කර්නල් සැන්ඩර්ස් තමයි ජපානයේ නත්තල් මාසයේ සංකේතය වෙන්නේ. බොහෝ ජපන් වැසියන් නත්තල් දා සන්ධ්‍යාවේ  KFC අවන්හලකට ගොස් බැදපු කුකුල් මස් රසවිඳීම පුරුද්දක් කරගෙන ඇත. නත්තල් කාලයේදි වගේම නව අවුරුදු කාලයේදී එරට ක්ෂණික ආහාර අවන්හල් සඳහා ඉතා විශාල ජනකායක් ඇදී එති. ආරංචි මාර්ග පවසන ආකාරයට ආසන වෙන් කරගැනීමට නම් මාස 2 කකට කලින් වත් අවන්හල සම්බන්ධ කරගත යුතුයිලු.

05. ඔවුන් අත්සන් වෙනුවට සීල් භාවිතා කරති.

ජපන් වැසියන් අත්සන් තැබීම වෙනුවට ‘hanko’ යනුවෙන් හඳුන්වන සීල් එකක් භාවිතා කිරීම ක්‍රමයයි. මේවා සාමාන්‍ය කඩසාප්පු වලින් මිලදී ගත හැකිය. සෑම පුරවැසියෙකුටම සීල් එකක් තිබෙන අතර දෛනිකව එය බොහෝ අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට ඔවුන්ට සිදුවේ.

06. ආහාර ගැනීමේදී අනුගමනය කල යුතු අමුතු සිරිත් විරිත් 

ජපන් ආහාර සිරිත් විරිත්  ඉතා සංකීර්ණ ඒවා වන අතර වඩාත් ඇත්තේ නොකල යුතු නැතිනම් තහනම් දේවල් ය. උදාහරණ ලෙස: ආහාර බඳුන චලනය නොකල යුතුයි, බාගයක් ආහාරයට ගත් කැබලි බඳුනේ ඉතිරි නොකල යුතුයි, ආහාර සිදුරු කරමින් අනුභව නොකල යුතුයි, තනිවම පාන වර්ග වත්කර ගැනීම නොකල යුතුයි …ආදි ඒවාය. කෙසේ වෙතත්, නූඩ්ල්ස් වැනි ආහාර රසවිඳීමේදී තලු මරමින් ආහාරයට ගැනීමට බාධාවක් නැත. ඔවුන්ට අනුව එය ඔබ එම ආහාරය උපරිමයෙන් රසවිඳින බව පෙන්නුම් කරන්නකි. ආහාර ගැනීමේදි ආහාර රසය ගැන කතාබහ කිරීම වැදගත්ය. ආහාර ගන්නා අතර තුර oishii” නැතිනම් ‘රසයි!’ යන වදන කිහිපවරක් නොපැවසීම අවිනීත හැසිරීමක් සේ සලකති. සාමාන්‍යයෙන් ඔවුන් නැවත නැවත එකම දේ පැවසීම සිදුකරති. විශේෂයෙන්ම කාන්තාවක් එසේ සිදුකිරීම ඔවුන්ව ප්‍රීතියට පත්කරන්නකි.

07. Ladies first නෙවෙයි Gentleman first ලෙස සැලකීම

ජපානයේ, පළමුව පිලිගැනීම සහ සත්කාර සැපයීම සිදුකරන්නේ පුරුෂයින් හටයි.අවන්හලකදී, පළමුව ආහාර ඇණවුම් කල හැක්කේ පුරුෂයෙකුටයි. පාන වර්ගයක් වුවද පළමුව පිලිගැන්වෙන්නේ ඔවුන්ටයි.

08. සිප වැලඳගැනීම් කෙරෙහි ඔවුන්ගේ අදහස

ජපන් වැසියන් එය සලකන්නේ පෞද්ගලික ලින්ගික ජීවිතය හා සම්බන්ධ දෙයක් ලෙසයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට සිප වැලඳ ගැනීම් වලින් ආකර්ෂණය, ඇගයිමට, දුක හෝ අනුකම්පාව වැනි කිසිවක් ප්‍රකාශණය නොවන බවයි.

09. පුරුෂයින්ගේ හුදකලා ජිවිත  (hikikomori)

ජපන් ජනගහනයෙන් 7% ක් පමණ පිරිමි ජනගහනය හඳුන්වන්නේ මෙම නමිනි. එහි අරුත වන්නේ සමාජ ජීවිතය පිළිකුල් කරමින් සම්පූර්ණ හුදකලා ජීවිතයකට රිසි පූද්ගලයා යන්නයි. එවැනි පුද්ගලයින් කිසිඳු ‍රැකියාවක් නොකරන අතර තම ඥාතීන් පවුලේ අයගේ ආදායම මත යැපෙති. ඇතැම් හිකිකොමොරි පුද්ගලයින් වසර ගණනන් පුරාවට හුදකලාව ජීවත් වෙති, ඇතැම් විට වසර 10 කටත් වඩා කාලයක් පවා.

10. මාර්ග සඳහා නම් භාවිතා නොවන අතර අංක භාවිතා වේ.

ජපානයේදී ලිපිනයක් හෝ ස්ථානයක් පැවසීමේදී අනුගමනය කරන්න පිළිවෙත (order) වන්නේ : බල ප්‍රදේශය (prefecture), නගරය(city), දිස්ත්‍රික්කය (district), කොට්ඨාසය (section), නිවස (house/apartment) යනුවෙනු. මෙය පවසන විට පළමු ස්ථාන වල නම් ද , අවසාන 3 ඉලක්කම් වලින් පැවසීම සිදුකරයි. දිස්ත්‍රික්ක තුල මාර්ග  ඉලක්කම්ගත කරනොමැති තරම්ය.එබැවින් අදාල නිවස සොයාගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇත. ජපාන මාස වලට ද නම් නොමැති අතර ඒවා ක්‍රමසූචක සංඛ්‍යා (ordinal numbers)වලින් දක්වා ඇත.

11. වැඩිහිටියෙකු  නව සාමාජිකයෙකු ලෙස පවුලට එකතුකරගත හැකියි.

ජපන් ජාතිකයින් තම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නොමැති තරම්ය. ඔවුන් තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ පවුල විසාරණය කරගැනීමට උත්සාහ කරති. සාමාන්‍යයෙන් අපි අසා ඇත්තේ දරුකමට කුඩා ළමුන් පවුලට එකතු කරගන්න බවනේ. නමුත්, ජපානයේ දී නම් ඒ ආකාරයට වැඩිහිටියන් පවා පවුලට සාමාජිකයෙකු ලෙස එකතු කරගැනීමට හැකියාව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දියණියගේ සැමියා තම පවුලේ දරුවෙකු ලෙස බාරගැනීම සිදුවේ. එමෙන්ම දියණියගේ සැමියා හට තම බිරිඳගේ දෙමාපියන් පවුලට බාරගැනීම  පවා සිදුකල හැකියි. ඒ ආදි විවිධ ක්‍රම ලෙස වැඩිහිටියන් සාමාජිකයින් ලෙස පවුල් වලට බඳවාගනිති. මේ ක්‍රමය හරහා පවුලේ උරුමය වැඩි පිරිසක් අතරේ බෙදාහරිමින් රජයට ගෙවන බදු අවම කරගැනිම ඇතැම් අයගේ අරමුණයි.

12. නාන තටාකයට පිරවූ එකම ජලය පවුලේ සියලු සාමාජිකයින් විසින් ස්නානය කරති

නවීන නිවාස වල නම් තිබෙන්නේ වතුර මල් සවිකල ඒකක වේ. ගම්බද නිවාස වල මෙවැනි නාන තටාක සවිකර ඇත. නාන තටාකයක් තිබීම එවැනි ප්‍රදේශ වල සුඛෝපභෝගි දෙයක් ලෙස සැලකෙන්නේ ජල සැපයුම වෙනුවෙන් එරට ජනයා ඉහළ මුදලක් ගෙවීම සිදුකරන නිසාය. නිවසේ සාමාජිකයින් තම වාරයේදී මෙම නාන තටාකයට බැස ස්නානය කරති. ඊට පෙර ඔවුන් හොඳින් ස්නානය කර සිටිති. එබැවින් නාන තටාකයේ ජලය අපිරිසිදු වන්නේ නැත.

13. බීමත් පුද්ගලයින් දුර්ලභ දසුනක් නම් නොවෙයි

ජපන් ජාතිකයින් හට මද්‍යසාර වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු බවත් ඔවුන්ගේ සිරුරේ ඒවා ආමාශය තුලදී බිඳ දමන එන්සයිම ඔවුන් හට නොමැති බව පැවසේ. එබැවින් මග තොටේ බීමත් පුද්ගලයින් දැකිය හැකි දසුන් සුලබය.

1‍4. රැකියාවට ඇබ්බැහි වී තිබීම

ජපාන් ජනයා ‍රැකියා මාරු කිරීම සිදුනොකරති. සාමාන්‍යයෙන් ‍රැකියාවට බැඳුනු ආයතනයේ විශ්‍රාම යාන් තුරු සේවය කිරීම අපේක්ෂිතය. ජපානයේ දිනකට පැය 12-15 ක් පමණ දිගු සේවා කාලයක් ඇති නිසා ‍රැකියා ස්ථානයේ සගයින් දෙවන පවුල හා සමාන සමීප අය බවට පත්වීම සාමාන්‍යයෙන් සිදුවේ. තමන්ගේ මිතුරෙකු තවමත් රාඅජකාරි අවසන් කර නොමැති බව පෙනී යයි නම් අනික් සේවකයින් කාර්යාලයෙන් පිටවීයාමට මැලිවෙති. ඔවුන් ‍රැකියාව සමඟ විවාහ වී ඇති මවයි සාමාන්‍ය මතය වන්නේ. අධික ලෙස සේවය කරමින් මියයාම යන්න අරුත් දෙන karoshi නම් වචනයක් ද ජපන් බසේ ඇත.

15. ආතතින් වලින් මිරිකි සිටියත් සිනහවකින් එය සැඟවීමට උත්සාහ කරන ජපන් වැසියන්

ජපන් වැසියන් නිතරම සිනහසී සිටින සුහදශීලි අය ලෙසයි ලෝකයේ පිලිගැනීම වෙලා තියෙන්නේ. නමුත්, ජපානයේ ඇත්ත තත්වය ඊට වෙනස්. ජපානයේ සියදිවි නසා ගැනීම් අතින් ඉහළින්ම සිටින රටක්. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ‍රැකියා අහිමිවිමයි. එරටේ හුදෙකලාව ගත කරන පිරිස අති විශාල අගයකි. ඔවුන් ඉතා පීඩාකාරී දිවියක් ගත කරමින් සිටිති. නමුත්, ජපන් ජනයා විශ්වාස කරන්නේ තමන් කොපමණ පීඩාවට ආතතියට පත්වි සිටියද පිටස්තර ලෝකයට එය නොපෙන්විය යුතුබවත්, සිනහවකින් එය සැඟවිය යුතු බවත්ය. “ඇතුලතින් විඳවන අතරේ සිනසෙන්න” (smile while you suffer inside) යන අරුත් ඇති පිරුළක් පවා ජපන් බසේ ඇත.