ලෝකෙම අවදානය දිනාගත් වෙළඳ දැන්වීම් 19 ක්

භාණ්ඩ අලෙවිකරණයේදී වැඩිම අවධානයක් ලබාදෙන්නේ එහි ප්‍රවර්ධන හා ප්‍රචාරක කටයුතු සඳහායි. භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයින් අතරට ගෙන යාමට රූපණ මාධ්යුය භාවිතයෙන් සිදුකරනු ලබන ප්‍රචාරණයන් විශාල බලපෑමක් සිදුකරන බව නොරහසකි. නමුත්, පාරිභෝගිකයින්ගේ මතකයේ ‍රැ‍ඳෙන ආකාරයේ වෙළඳදැන්වීම් බිහිවන්නේ කලාතුරකිනි.
ප්‍රේක්ෂක අවධානය දිනාගනිමින් ඔවුන් තුල කුතුහලයක් මෙන්ම අවශ්‍යතාවක් නිර්මාණය කිරීමට තරම් සමත් වූ වෙළඳදැන්වීම් නිර්මාණය කල ලෝකප්‍රසිද්ධ ව්‍යපාර සන්නාම කිහිපයකි. එසේ පාරිභෝගිකයින්ගේ මතකයේ ‍‍රැඳුණු අතිශය නිර්මාණශීලී වෙළඳ ප්‍රචාරණයන් කිහිපයක ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ.

• Braun නම් හිසකෙස් අලංකරණ උපකරණ නිෂ්පාදන ආයතනයේ වෙළඳදැන්වීමක්.

• නීරෝගි දත් දෙපලකට යනුවෙන් ප්‍රචාරය වූ Colgate වෙළඳදැන්වීමක්

• වෙන කිසිවක් අදාල නැහැ OREO වෙළඳදැන්වීමක්

• තැන තැන කුණු දැමීම ඔබ ගැන බොහෝ දේ පවසයි Toronto ආයතනයේ වෙළඳදැන්වීමක්

• වෙනත් සේවාවන් DHL – DHL සමාගමේ වෙළඳදැන්වීමක්

• SPARTAN Golf Club හි ප්‍රචාරක දැන්වීමක්

• සැහැල්ලුබව Lays නිෂ්පාදනවල වෙළඳදැන්වීමක්

• විදුලිය බුද්ධිමත්ව පරිහරණය කරන්න Eskom ආයතනයේ ප්‍රචාරක දැන්වීමක්

• බස් රථයක ඇති කෝපිහලක් Bus Café Erbil හි වෙළඳදැන්වීමක්

• නත්තල් සමයේ ප්‍රචාරය වූ Mercedes -Benz ප්‍රචාරක දැන්වීමක්

• රාත්‍රියේදීත් විවෘතයි McDonald’s ආයතනයේ ප්‍රචාරක දැන්වීමක්

• හෙට දවස පටන්ගන්නේ අද රාත්‍රියෙන් – IKEA කොට්ට සහා මෙට්ට නිෂ්පාදන සමාගමේ වෙළඳදැන්වීමක්

• කෝපි මුලු ජීවිතයම කරගත් අයට – Nescafe වෙළඳදැන්වීමක්

• ඔබට, එය නිකම්ම කුඩා හිඩැසක් පමණක් වියහැකියි – හොං කොන්ග් හි පිහි‍ටුවා ඇති PHAB Association නම් විශේෂ අවශ්‍යතා සහා ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ප්‍රචාරක දැන්වීමක්.

• බසය නවත්වන සෑම නැවතුමකදීම දොර‍ටු විවෘත කරනවිට වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්වයෙකු අතුරුදහන් වී යයි – World Wildlife Fund සංවිධානයේ ප්‍රචාරණයක්

• කිසෙදෙයක් මේ තරම් වේගවත් නැහැ – Ultra Ajax ආයතනයේ වෙළඳදැන්වීමක්

• Royal Baking Powder තියෙන නිසා උස ගොඩනැගිල්ලක් තරම් විශාල කේක් එකක් වුණත් හදන එක ගැටලුවක් නෙවෙයි – Royal Baking Powder ආයතනයේ ප්‍රචාරණ දැන්වීමක්

• ගොඩබිමක් ද? පොලිතින් එකක් ද? – National Geographic නාළිකාවේ ප්‍රචාරණ දැන්වීමක්

• ජිවිතය මැද අර්බුධ / රෑ මැද අර්බුධ – Domino’s පීසා ආයතනයේ ප්‍රචාරක දැන්වීමක්