ලෝකයම කළඹවමින් ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ විසින් අලුත් ලෝකවාර්තාවක් තබයි ද?

ලංකාවේ කළා ලෝකයට පැමිණි නවක රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ස්වර්ණවාහිනියේ විකාශනය වුන ‘හාර කෝටිය’ හරහා ක්‍ෂේත්‍රයට පැමිණි ඇය මේවනවිට ටෙලි නිර්මාණ අටක පමණ ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙනවා. ඒ වගේම ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකටම ඇය සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා. දිනිතිගේ සැබෑ නම වල්ගමගේ දිනිති සේවුවන්දි. ඇයගේ උපන් ගම ගාල්ල, ඒ වගේම දිනිති අධ්‍යාපන හදාරන්නේ ගාල්ල සංඝමිත්තා බාලිකා විධ්‍යාලයෙන්. ඇය වෘතිය වශයෙන් ගුවන්සේවිකාවක්.

ඉතින් අපි අද විශේෂයෙන්ම කියන්න යන්නේ දිනිතේ පිලිබඳ ගොඩක් වැදගත් කතාවක්. පසුගිය දිනක ඇය ‘Hri TV’ යුටියුබ් නාලිකාවේ වැඩසටහනක පෙනී සිටියා. ඒ වැඩසටහන මේ වනවිට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම දිනිති වල්ගමගේ කියන ගාල්ල ප්‍රදේශයේ උපන් මේ සුන්දර රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනිය විසින් ලෝක වාර්තාවක් තබා ඇතිබවට හෙළිවුණා. ඇය එම වැඩසටහනේ 7:42 මිනිත්තුවේදී පවසනවා ඇය දින 12ක් එකදිගට වැඩ කරලා තියෙනවලු නිදාගන්නේ නැතුව, ඉතින් ඇය විසින් බිඳ හෙලලා තිබෙන්නේ 1946 වසරේ උපන් රැන්ඩි ගාඩ්නර් (Randy Gardner) විසින් පිහිටවූ ලෝක වාර්තාවයි. රැන්ඩි ගාඩ්නර් කියන්නේ කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝහි පදිංචි ඇමරිකානුවෙක්. ඔහු වයස අවුරුදු 17දී, දින 11 යි මිනිත්තු 25 ක් එනම් පැය 264.4 නිදි වර්ජිතව සිටමිනුයි. ලොව මිනිසෙකු නින්දක් නොමැතිව ගතකල දීර්ඝතම දින මෙය නම්කොට තිබෙනවා. රැන්ඩි ගාඩ්නර් විසින් බිඳ හෙලලා තිබෙන්නේ ‘ටොම් රවුන්ඩ්ස්’ සතුව තිබූ පැය 260 ක පෙර වාර්තාවයි. ඉතින් ලංකාවේ තරුණියක් වන දිනිති වල්ගමගේ විසින් දින 12ක් නිදි වර්ජිතව සිටමින්, රැන්ඩි ගාඩ්නර් සතුව තිබු දින 11හේ වාර්තාව වාර්තාව බිඳ දැමීම ජාතියක් වශයෙන් අපට විශාල ආඩම්බරයක්, ඉතින් ඇයට තව තවත් මෙවැනි විශ්මිත දේ කිරීමට හැකියාව ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙම පින්තූර එකතුවේ මුලින්ම තිබෙන්නේ පෙර ලෝකවාර්තාවට හිමිකම් කියූ රැන්ඩි ගාඩ්නර්ගේ පින්තුරයක්. ඒ වගේම අනිත් සියලුම පින්තූර ලංකාවෙන් නව ලෝක වාර්තාවක් තැබූ දිනිතිගේ පින්තූර කිහිපයක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.