ලෝකප්‍රසිද්ධ සිතුවම් 10 ක සැඟවුණු රහස් කිහිපයක්

ලොව ඇතැම් සිතුවම් වසර ගණනාවක් පැරණි වුවත් අදටත් නොවිසුදුණු ප්රෙේහේලිකා වලින් යුක්ත වේ. එම සිතුවම් වල ගැබ්ව ඇති වෙනස් හැඩ තල, රටා හා වර්ණ සංයෝජන මඟින් බැලූ බැල්මට වටහා ගැනීමට අපහසු ගැඹුරු තේමාවන් හා අර්ථයන් නිරූපණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. කෙසේ වෙතත් නවීන තාක්ෂණික අද්‍යනයන් මඟින් ඒවායේ ඇතැම් විශ්මිත කරුණු හෙලිකරගැනීමට චිත්‍රකලාවේ විශේෂඥයින් සමත වී සිටිති. ඒ ආකාරයෙන් සැඟවුණු අරුත් ‍රැසක් හෙලිකරගත හැකි වූ ලෝකයේ සුප්‍රසිද්ධ සිතුවම් 10 ක් ගැනයි මේ සටහන.

1. The Last Supper හෙවත් අවසන් රාත්‍රී භෝජනය නම් සිතුවම

ලියනාඩෝ ඩාවින්චි නම් සුප්‍රසිද්ධ චිත්‍රශිල්පියාගේ සිතුවමක් වන මෙම සිතුවමේද ඔහුගේ අනෙකුත් නිර්මාණ වල මෙන් සැඟවුණු අර්ථ සහා කේත අඩංගු වන බව සොයාගෙන ඇත. ඉතාලි ජාතික පරිගණක තාක්ෂණ ශිල්පියෙකු විසින් සිතුවමේ අන්තර්ගත සැඟවුණු ගීතිකා තනුවක් හඳුනාගැනීමට සමත්ව ඇත. ඔහු පවසන පරිදි සිතුවමේ පුද්ගලයින් විසින් අතේ රඳවාගෙන සිටින පාන් රටාවක් ලෙස බැලූ විට එය සංගීත ස්වරවලට සමානකමක් ඇති බවයි. මෙම තනුව වාදනය කිරීමට උත්සාහ කර තිබෙන අතර එහිදී සියලු දෙනාවම පුදුමයට පත්කරමින් අපූරු මිහිරි ගීතිකාවක් වාදනය වු බව පැවසේ.

2. ‘Scheveningen Sands’ නම් සිතුවම

ඇතැම් සිතුවම් වල ඇති පැරණි බව නිසාම එහි ඇති වටිනා ලක්ෂණ ‍රැසක් නරඹන්නන් හට මගහැරී යයි.2014 වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට පෙර මෙම සිතුවම ද එබඳු ආකාරයේ සිතුවමක් විය. ඊට පෙර මෙම සිතුවම නැරඹූ බොහෝ දෙනෙකුට ඇති වූ ගැටළුව වූයේ වෙරළේ මිනිසුන් ‍රැස්ව සිටින්නේ කුමක් නිසාද යන්න වටහාගැනීමට නොහැකි වීමයි. කෙසේවෙතත්, සිතුවම පිරිසිදු කිරීමේදි හඳුනාගත හැකිවී ඇත්තේ එහි වෙරළට ගසාගෙන ආ තල්මසෙකුගේ ඡායාවක් සිතුවමේ තිබී ඇති බවයි.

3. Self -portrait of Caravaggio නම් සිතුවම

බොහෝ චිත්‍රශිල්පීන් තම සිතුවම් තුල සොයාගත නොහැකි ලෙස ස්ව-ප්‍රතිමූර්තිය නැතිනම් තමන්වම සිතුවම් කිරීම ප්‍රධාන ලක්ෂණයකි. නමුත්, ඒවා අනාවරණය කරගැනීමට වසර ගණනාවක් ගත වී ඇත. මේ එවන් ආකාරයේ සිතුවමකි. මෙහිදී චිත්‍රශිල්පියා සිතුවම තුල ඔහුගේම සිතුවම වයින් බෝතලයක් තුල කැන්වසයක් මත චිත්‍රයක් අඳින ස්වරූපයෙන් ඉතා කුඩා පරිමාණයේ ඡායාවක් ලෙස අන්තර්ගත කර තිබෙන අයුරු ඔබට දැකිය හැකි වනු ඇත.

4. ‘American gothic’ නම් සිතුවම

ග්‍රාන්ට් වුඩ් නම් චිත්‍රශිල්පියාගේ මෙම සිතුවම බැලූ බැල්මට ඉතා සාමාන්‍යය සිතුවමක් සේ පෙණුනත් ඒ දෙස වඩාත් සමිපව බලන අයෙකුට එහි සුවිශේෂී ග්‍රීක මිත්‍යා වන්ට සම්බන්ධ ලක්ෂණ ඇති බව හඳුනාගත හැකි වනු ඇත. එහි කාන්තාව පැලඳසිටින හාරිච්චිය (brooch) පාතාලයේ රජු වූ හේඩීස් විසින් පැහැරගනු ලැබූ පර්සිෆෝන් නම් ග්‍රීක චරිතය නිරූපණය කෙරෙන සිතුවමකි. ඒ අනුව සිතුවමේ සිටින පුද්ගලයා අත ඇති මුල්ලුව සම්භාව්යච චිත්‍ර ‍රැසක දැකිය හැකි හේඩීස් ගේ ත්‍රිශූලයට සමාන වීම අහඹුවක් විය නොහැකි බව විශේෂඥයින්ගේ මතයයි.

5. ‘La Primavera’ සිතුවම

සිතුවමකින් කොතරම් සියුම් දේවල් නිරූපණය කල හැකි දැයි මනාව සපථ කල ත්‍රශිල්පීන් ‍රැසකි. බොටිසෙලී ගේ චිත්‍ර නිර්මාණ ද ඒ ආකාරයේ සියුම් ලක්ෂණ ‍රැසක් තම සිතුවම් තුලින් විදහා දැක්විමට සමත් වූ ඒවා අතර වේ. හොඳ අවධානයකින් බැලූ විට මෙම සිතුවමේ හඳුනාගත් ශාක වර්ග 500 ක් පමණ නිර්මාණකරනයේදී භාවිතා කර ඇති ආකාරය දක්නට ලැබෙන බව පැවසේ. එහි ඇති ඇතැම් ශාක වර්ග ගැන විශේෂඥයින්ට මතුව ඇත්තේ ප්‍රෙහේලිකාවකි. ඇතැම් විට ඒවා පවතින ශාක වල දෙමුහුන් ඒවා හෝ ඔහුගේ පරිකල්පනයෙන් නිර්මාණය කල අලුත්ම ඒවා වියහැකි බව ඔවුන්ගේ මතයයි.

6 ‘The Creation of Adam’ සිතුවම

මයිකල් ආන්ජලෝ යනු චිත්‍රශිල්පියෙකු පමණක් නොව ව්යුගහ විද්‍යාව(anatomy) සම්බන්ධ විශිෂ්ඨයෙකි. මෙම සිතුවමේ දෙවියන් ‍රැඳී සිටින කාප්පය මිනිස් මොලයේ හැඩයට සමාන වීම චිත්රතය සම්බන්ධව අවධානය යොමුකෙරුණු ප්‍රධාන වස්තු විෂයක් විය. මයිකල් යනු අදේවවාදියෙක් ලෙස පල්ලිය කෙරෙහි විශ්වාසයක් නොමැති වූ පුද්ගලයෙකු බව නොරහසකි. මෙම සිතුවම තුල මිනිස් මොලයේ හැඩය ගැබ්කිරීම ඔහු පල්ලියෙන් පලිගැනීමට සිතාමතා සිදුකල දෙයක් විය හැකි බවට මතයක් ඇත.

7 ‘The Old Fisherman’ සිතුවම

විවිධ කෝණයන් ඔස්සේ නැරඹීමේදි වෙනස් ආකාර වලට දිස් වන සිතුවම් ඇත. සොන්ත්වාරි කොස්කා නම් චිත්‍ර ශිල්පියාගේ මෙම සිතුවමේ මුහුණ දෙයාකාරයක ප්‍රතිබිම්බ දෙකක් ලෙස පිටතට පෙනෙන ආකාරයෙන් සිතුවම් කර ඇත. එහි එක් පැත්තකින් ශ්‍රද්ධාවන්ත මිනිසෙකු යාඥාවේ යෙදෙමින් සිටින ආකාරයත් අනෙක් පැත්තේන් කුණා‍ටු මුහුදේ යාත්‍රා කරමින් සිටින යක්ෂයාගේ බිහිසුණු රුවත් දැකිය හැකියි.

8 ‘The Madonna with Saint Giovannino’ සිතුවම

මෙම සිතුවම ලොව අභිරහස් ස්වරූපයෙන් වැඩිම සිතුවමක් ලෙස සැලකේ. සිතුවමේ හිමිකරු කවුරුන්දැයි නිසියාකාරව නිගමනය කිරීමට අද වනතුරුත් නොහැකිවී ඇති අතර එහි ඇති ඇතැම් ආගන්තුක වස්තූන් පිලිබඳ ලක්ෂණ සංවාදයට තුඩු දී ඇත. සිතුවමේ පසුබිම තුල දැකිය හැකි පාවෙන වස්තුවකට සමාන ඡායාවත් ඒ දෙස රූපයේ සිටින අයෙක් පුදුමයෙන් බලා සිටින ආකාරය ඇඳ තිබීමෙන් චිත්‍රශිල්පියා පෘථිවියෙන් එපිට ජීවය පැවති බව විශ්වාස කල අයෙක් දැයි සැක මතුවී ඇත.

9 ‘Cafe Terrace at Night’ සිතුවම

සුප්‍රකට වැන්ගෝ චිත්‍රශිල්පියාගේ මෙම සිතුවම බැලූ බැල්මට ඉතා සරල ලෙස පෙනුනද එහි ඇත්තේ ඉතා ගැඹුරු අදහසකි. මෙම සිතුවම හරහා ඔහු අවසන් රාත්‍රී භෝජනය නම් ලෝකප්‍රසිද්ධ සිතුවම ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය දැකිය හැකි බව පැවසේ. එහි සුදු හැඳි වේටර්වරයා ජනේලය අසල කුරුසයක ආකාරයෙන් සිටගෙන සිටින ආකාරයත් ඔහු දෙපස මිනිසුන් ‍රැස්ව සිටින ආකාරයත් දැකිය හැකිය. මෙය ‘A modern last supper’ යන්නෙන් ඇතැම් අය හඳුන්වයි.

10 ‘Giotto’s frescoes’ (ජියෝටෝ ගේ බිතුසිතුවම්)

ඉතාලියේ ඇසිසි හි දෙව්මැදුරක ජියෝටෝ විසින් සිතුවම් කල බිතුසිතුවම් කිහිපයක් ප්‍රතිසංස්කරණය කරන අතරේදී එහි සිටි අයට අනපේක්ෂිත සොයාගැනීමක් සිදුකල හැකි වීය. එම සිතුවමේ වළාකුළු අතරේ සැඟවුණු යක්ෂයාගේ සිතුවම ඔවුන් හට දැක ගැනීමට ලැබී ඇත. විශේෂඥයින් විසින් අදහස් දක්වන්නේ මෙය ජියෝටෝ විසින් සිතාමතා ඔහුගේ රසාස්වාදය පිණිස අදින්නට ඇති බව හෝ එසේත් නොමැති නම් ඔහු අමනාපයෙන් සිටි අයෙකුව සමච්ඡලයට ලක් කිරීමට සිතා මෙසේ යක්ෂ රුවක් සිතුවම් කරන්නට ඇති බවයි.