ලොව සුරූපීම ගායිකාවන් 10 දෙනා මෙන්න

සංගීත වේදිකාව තුල තම ගායන හැකියාවෙන් මෙන්ම අතිශය සුරූපී බවින් ලෝකයක්ම වසඟ කරගැනීමට සමත් වූ  බටහිර සංගීත ක්ෂේත්‍රයේ සිටින ලස්සනම ගායිකාවන් 10 දෙනාගේ ලැයිස්තුවයි මේ.

10. Carrie Underwood

ඇය ඇමෙරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක් මෙන්ම නිළියකි. 2005 වසරේ පැවති American idol සිවුවෙනි අදියරේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි. ඇය ඉපිද ඇත්තේ 1983 වසරේ වන අතර මේ වන විට ඇගේ වයස අවුරුදු 34 කි.  ඇය සතුන්ට දැඩි ලෙස ආදරය කරන තැනැත්තියකි. වයස අවුරුදු 13 සිට ඇය නිර්මාංශික වීමට තීරණය කර තිබේ.

09. Beyonce

ඇමෙරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක් මෙන්ම නිළියක් වන ඇය වේදිකාවට නැතුවම බැරි තරම් ප්‍රසිද්ධත්වයක් උසුලන තරුවකි. 1990 දශකයේ සිට මේ දක්වාම ඇය ජනප්‍රියත්වය හිනි පෙත්තේ සිටින්නීය. Destiny’s child සංගීත කණ්ඩායම් නායිකාව ලෙස ඇය ක්ෂේත්‍රයට පැමිණියේද ඒ මුල් කාලයේදිය. ඒක පුද්ගල තරුවක් ලෙස මේ දක්වා ඇගේ නමින් මිලියන 100 අධික ගීත ඇල්බම් අලෙවි වි ඇත. ඇයට ඇත්තේ ස්වභාවික රූ සපුවකි.

08. Jackie Evancho

Billboard ගීත දර්ශකයේ 200 top ten debut කාණ්ඩයේ ලැයිස්තුව සඳහා තෙවරක්ම තැරි පත් වීමට සමත් වූ නිර්මාණ 3 ක් සහගෝල්ඩ් සහ ප්ලැටිනම් ලේබලයේ ගීත ඇල්බම් ප්‍රමාණයක් නිකුත් කිරීමට ඇය සමත් වී තිබේ. ඇය ඇමෙරිකානු ක්ලැසිකල් ක්‍රොස්-ඔවර් ගායන ශෛලියේ කැපීපෙනෙන ගායන තරුවකි. ඇයට ඇත්තේ අතිශය දුර්ලභ කටහඬකි. රවුම් මුහුණ, කොළ පැහැති ඇස්, දුඹුරු හිසකෙස් මෙන්ම ඇගේ සන්සුන් සුන්දර සිනහව ඇගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

07. Ariana Grande

නිරන්තරයෙන් තරු පුවත් මවන Ariana කියන්නේ ගායනයෙන් වගේම තම සුන්දරත්වයෙන් ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආදරයට-අවධානයට පාත්‍ර වූ තරුවකි. අන්තර්ජාලයේ 2021 වසරේ සුරූපීම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඇයට හිමි වී තිබෙන්නේ  හත් වන ස්ථානයයි. ඇය මෑතකදී සහභාගි වී තිබූ මැන්චෙස්ටර් හි පැවහි සංගීත සංදර්ශණයක ඇති වූ බෝම්බ පිපුරුමකින් මිනිසුන් 50 දෙනෙකුගේ ජීවිත අහිමිවූ බවට පුවත් වාර්තා වී තිබුණා.මෙය ඇගේ සංගීත දිවියේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.

06. Shakira

කොලොම්බියානු ගායිකාවක්, ගීත රචිකාවියක්, නර්ථන ශිලිපිණියක්, නිෂ්පාදිකාවක් මෙන්ම රංග වින්‍යාස පුහුණුකාරිණියක් වන ඇය මුලු ලෝකයේම අතිශය ප්‍රසිද්ධියක් දිනා සිටින සුරූපි ගායිකාවකි. ඇගේ මුහුණේ අහිංසක හැඟීම් ප්‍රකාශනයන්, ඇගේ උණුසුම් සුහදශීලි පෙනුම වගේම ඇගේ මුහුණේ ස්වභවික දීප්තිමත් පෙනුම ඇයගේ ආකර්ෂණීය බව තවත් වැඩිකරවයි.ඇගේ රූපයත් මෙන්ම ඇය ගයන ගීත සැම එකක්ම වගේ අතිශයින්ම සුන්දරයි වගේම ලෝකයේම අතිශයින්ම ජනප්‍රියයි.

05. Demi Lovato

Barney and friends නම් නිර්මාණය ඔස්සේ ඇය මුල් වරට ක්ෂේත්‍රයට පිවිසියාය. ඇය බාහිරව මෙන්ම අභ්‍යන්තරයෙන් ද ඉතාමත් සුන්දර චරිතයක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. දක්ෂ ගායිකාවක් වන ඇය බොහෝ අවස්ථා වලට හිංසනය පි‍ටුදැකීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬ නැගූ චරිතයක් ලෙස ක්ෂේත්‍රය තුල කැපී පෙනේ. ඇය පවසන පරිදි ඇයගේ ජීවිතය තුල ඇය දැඩිව හිංසනයන්ට ලක්වූ අත්දැකීම් තිබෙන බවයි. ඇය එවැනි අත්දැකීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.ඇගේ විනිතභාවයට මෙන්ම ඇගේ හඬ පෞරුෂයට ආදරය කරන විශාල ප්‍රේක්ෂකාගාරයක් ඇය වටා නිර්මාණය වි තිබේ.

04. Avril Lavigne

සුන්දර හඬකට උරුමකම් කියන ඇයගේ ගීත ද ලොව පුරා අතිශය විශාල ජනප්‍රියත්වයක් දරයි. ඇය සතුව හොඳ ආකර්ෂණීය විලාසිතා ‍තෝරාගැනීමේ අපූරු හැකියාවක් ඇයට ඇති බව පෙනේ. දුඹුරු හිසකෙස්, සුන්දර තොල් සඟල සහ තියුණු ඇස් පිහිටීම ඇගේ සුන්දරත්වයේ කැපී පෙනෙන ලක්ෂණයි. සමාජ සුබසාධන කටයුතු වලදී වඩාත් සක්‍රීයව මැදිහත් වී එයට දායක වන තරුවක් ලෙස ඇය ප්‍රසිද්ධය. ඇය සතුව ඇඳුම් සහ පැලඳුම් නිර්මාණ ව්‍යාපාරයක් සහ සුවඳ විලවුන් නිෂ්පාදන ව්‍යාපාර ජාලයක් පවතියි.

03. Katy Perry

කලු හිසකෙස්, විශාල කොළ පැහැති ඇස් සහ පැහැපත් සුසුදු සමක් ඇති ඇගේ රුව ස්නෝ වයිට්ගේ රුව සිහිපත් කරවයි. ඇය ජනප්‍රිය ගායිකාවක් මෙන්ම නිරූපිකාවක් ද වේ. මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඇය තවමත් ලාබාල පෙනුමක යුවතියක් මෙනි. ඇය වටා විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ඒකරාශී වී සිටියි. ඇයගේ විවාහ ජීවිතය එතරම් සුන්දර එකක් නොවූ බව අසන්නට ලැබෙන අතර බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් ඇයව දෝෂාරෝපණයට ලක්කර තිබුණා. ඇගේ පෞද්ගලික ජීවිතය කොහොම එකක් වුණත් ගායනයෙන් වගේම ප්‍රාසාංගික වේදිකාවේ ඉදිරිපත් කිරීම තුලින් ඇය උපරිම විනෝදාස්වාදායක් තම ප්‍රේක්ෂකයින්ට ලබා දීමට සැම විටම උනන්දුවෙන් පසුවන ගායන තරුවකි.

02. Selena Gomez

ඇය නිරූපිකාවක්, ගායිකාවක් මෙන්ම නිළියක් ද වේ. ඇය වයසින් ඉතා ලාබාල තැනැත්තියක් වුවද මේ වන විට ක්ෂේත්‍රය තුල ඇය බොහෝ දුරක් සාර්ථකව ඉදිරියට පැමිණීමට සමත් වී සිටින්නීය. ගායනයෙන් වගේම සුන්දර පෙනුම නිසා ද ඇය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගැනීමට සමත් වී සිටියි. ඇයගේ හඬ සම්බන්ධ තවත් සුවිශේෂීත්වයක් වන්නේ ඇල්බම් වල මෙන්ම සජීවි වේදිකාවේ ඇගේ ගායනයන් සැම විට එක හා සමාන වීමයි.

01. Taylor Swift

සැබැවින්ම අතිශය සුන්දර මුහුණකට හිමිකම් කියන ගීත ලොවේ සන්නාමයක් බිහි කිරීමට සමත් වූ ගායිකාවක් ලෙස ඇයව හැඳින්වීමට හැකිය. මුහුණ මෙන්ම ඇයගේ හදවත ද ඉතාමත් ලස්සන බවයි බොහෝ දෙනා පවසන්නේ. ඇයගේ ගීත ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන ගණනක් රසවිඳ තිබෙන අතර ඇය බොහෝ අවස්ථාවල ඉහළ පෙළේ සම්මාන සහ නිර්දේශයන් ‍රැසකට පාත්‍ර වී ඇත. අසමසම හඬ පෞරුෂයකට හිමිකම් කියන ඇයගේ ජනප්‍රිය ගීත බොහෝමයක් ඇගේ අතින්ම ලියැවුණු ඒවා බව සඳහන් වේ. ලොව පුරා දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින ඇය මේ ලැයිස්තුවට අනුව 2021 වසරේ බටහිර සංගීත ක්ෂේත්‍රයේ සුරූපීම ගායන තාරකාවියයි.