ලොව සිටින ලස්සනම පාපන්දු ක්‍රීඩිකාවන් 10 දෙනා

ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි මේ දක්ෂ පාපන්දු ක්‍රීඩිකාවන් කෙරෙහි ආකර්ෂණය වීමට එකම හේතුව පාපන්දු ක්‍රීඩාව පමණක්ම නොවෙයි. ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රීඩා හැකියාව විතරක් නොව ඔවුන්ගේ අතිශය සුන්දර බව නිසාම බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් ඔවුන් වටා ඒකරාශී වී සිටින බව නොරහසකි. ලොව වඩාත්ම ලස්සන පාපන්දු ක්‍රීඩිකාවන් 10 දෙනාගේ ලැයිස්තුවට තේරී පත් වී සිටින්නේ මේ අයයි.

01. Alex Morgan

ඇමෙරිකාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඇය වාර කිහිපයකදීම එරට හොඳම පාපන්දු ක්‍රීඩිකාව ලෙස තේරී පත් වීමට සමත් වූවාය. 2015 වසරේ කාන්තා ලෝක කුසලානය ඇමෙරිකාවට හිමි කරගැනීම සඳහා ද ඇයගේ දස්කම් ද විශාල වශයෙන් හේතු විය.Balon d’Ore හි අවසන් වටයට තේරි පත් වී සිටින ඇය එරට කාන්තා කණ්ඩායමේ සිටින දක්ෂම ප්‍රහාරක ක්‍රීඩිකාවකි.

02. Jessica Landstrom

ස්වීඩන් ජාතික කාන්තාවන්ට පිහිටන බ්ලොන්ඩ් කෙස්කලඹක් ඇයට පිහිටා නැතත් ඇයගේ සුන්දරත්වයේ කිසිම අඩුවක් නැති බව කිව හැකියි. 2011 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදි ස්වීඩනය සඳහා ලෝකඩ පදක්කමක් හිමිකරදිමට ඇය සම්ත් වූවාය.

03. Amanda Ilestedt

ස්වීඩන් ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ඇය එහි සිටින දක්ෂම ගෝල රකින්නියකි. FC Rosengard පාපන්දු සංගමය යටතේ පැවති තරඟාවලි වලදී ඇයගේ ක්‍රීඩා කල කාලය පුරාවට පස් වතාවක් ස්වීඩනයට ජය හිමි කර දීමට සමත් වී තිබුණා.

04. Anouk Hoogendijk

නෙදර්ලන්ත කාන්තා පාපන්දු කණ්ඩායමේ සිටින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවකි.නෙදර්ලන්ත සුපිරි කුසලාන තරඟාවලි දෙවතාවකදී සහ ලීග් තරඟාවලියකදි ජය ලැබීමට ඇය සමත් වූවාය. පාපන්දු ක්ෂේත්‍රයේ ඇය ඉතා ඉහළ ජනප්‍රසාදයක් හිමිකරගෙන සිටින්නීය.

05. Julia Simic

වොල්ෆ්ස්බර්ග් සහ ජර්මනියේ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩිකාවකි.2015 වසරේ ජර්මානු කුසලානය හිමිකරගැනීමට ඇය සමත් වූවාය. කණ්ඩායමේ central midfielder ස්ථානයේ කටයුතු කරන්නේ ඇයයි.

06. Kosovare Asllani

ඇල්බේනියානු සම්බවයක් ඇති ඇය ස්වීඩනයේ ජාතික කණ්ඩායම වෙනුවෙන් සහ French side PSG වෙනුවෙන් ක්‍රිඩාකරයි. ඇයගේ දස්කම් Zlatan ibrahimovic සමඟ සැසඳිය හැකි තරම් ඉහළ දස්කම් දැක්වීමක් ලෙස වරක් සඳහන් වී තිබුණා.

07. Lauren Sesselmann

ඇමෙරිකාවේ උපත ලද ඇය කැනෙඩියාවට ඔලිම්පික් ලෝකඩ පදක්කාක් හිමි කරදිමට සමත් වූ ක්‍රීඩිකාවකි. වර්තමානයේ ඇය Houston Dash කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නීය.

08. Nicole Regnier

කොලොම්බියානු කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරක ක්‍රීඩිකාවකි. ඇය දකුණු ඇමෙරිකානු කුසලාන ජයග්‍රහණය කිරීමට සමත් වූ කොලොම්බියානු 17  න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කලාය.

09. Daniela Cruz

ඇය කොස්ටා රිකා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවකි. ඇය සර්බියානු පළමු ලීග් තරඟාවලියේදි  Red Star Belgrade කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලාය.

10. Sydney Leroux

ඇය Boston Breakers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.ඇමරිකාව සමඟ පැවති 20 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය, Golden boot තරඟාවලිය සහ Balon d’Ore තරඟාවලි ජයග්‍රහණය කිරීමටද ඇය සමත් වූවාය.