ලොව සිටින ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවන් 10 දෙනා

2017 ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ සාර්ථකත්වයත් සමඟ කාන්තා ක්‍රිකට් කෙරෙහි ලෝකයාගේ අවධානය යොමුවීමට පටන් ගැණිනි. ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන් කෙරෙහි ආකර්ෂණය වීමට එකම හේතුව ක්‍රිකට් පමණක්ම නොවෙයි. ක්‍රීඩා සමාන උළෙල වල් ඇතුලු උත්සව ගණනාවන් වලදී ප්‍රසිද්ධ සිනමා තරුවලටත් වඩා නේත්‍රාකර්ෂණීය විලාසිතාවලින් හැඩවූ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප ලොව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වී ඇත. ඔවුන්ගේ විශිෂ්ඨ ක්‍රීඩා හැකියාව විතරක් නොව ඔවුන්ගේ අතිශය සුන්දර බව නිසාම බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් ඔවුන් වටා ඒකරාශී වී සිටින බව නොරහසකි. ‘Beauty with brains’ ලෙසින් හඳුන්වන එවන් බුද්ධිමත් රූමත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින්ලොව වඩාත්ම ලස්සන ක්‍රිකට් ක්‍රීඩිකාවන් 10 දෙනාගේ ලැයිස්තුවට තේරී පත් වී සිටින්නේ මේ අයයි.

1. එලිස් පෙරී

ඕස්ට්රේලලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවක් වන එලිස් විසින් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පා පන්දු ක්‍රීඩාව හරහා ද අවස්ථා ‍රැසකදී තම රට නියෝජනය කළාය. එරට ක්‍රිකට් සහා පා පන්දු ලෝක කුසලාන තරඟාවලි ද්විත්වය සඳහාම තම රට නියෝජනය කිරීමට සමත් වූ පළමු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. පිතිකරණය, පන්දු යැවීම හෝ පන්දු ‍රැකීම යන තුන් ඉරියව්වේන්ම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් ලෙස ඇය වඩාත් ජනප්‍රිය
ඇය ටෙස්ට් තරඟාවලි 8 ක්, ODI තරඟාවලි 109 ක් සහා T20 තරඟාවලි 110 ක් සඳහා සහභාගි වී ඇත. තුන් ආකාරයේම තරඟාවලි තුල ඇය ලකුණු 4000 සීමාව පසු කර ඇති අතර ඇය ලබාසිටින කඩුලු සංඛ්යා ව 250 කට අධික වේ. T20 තරඟාවලියකදී ලකුණු 1000 ක් සහා කඩුලු 100 ක් දවාගැනීමට සමත් වූ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමටද ඇය එලිස් පෙරී විසින් සමත් විය.

2. සාරා ටේලර්

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩිකාවක් වන සාරා ටේලර් විසින් මෑතකදී තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළාය. ඇය ක්‍රිකට් කණ්ඩායමට තේරීපත් වී ඇත්තේ 2006 වසරේදී වන අතර එතැන් පටන් කණ්ඩායමේ අත්‍යවශ්‍ය ක්‍රීඩිකාවක් බවට පත්වීමට ඇය සමත් වූවාය. ඇය එංගලන්තය වෙනුවෙන් ODI තරඟාවලි 126 ක්, T20 තරඟාවලි 90 ක් සහා ටෙස්ට් තරඟ 10 ක් සඳහා ක්‍රීඩා කර ඇත. සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිතිකරුවෙකු වන ගිල්ක්‍රිස් විසින් වරක් ඇය ලෝකයේ සිටින දක්ෂම කඩුලු රකින්නිය ලෙස හඳුන්වා ඇත. 2009 T20 ලෝක ශූරතාවය සහා 2017 වසරේ ඉන්දියාව පරාජය කරමින් ජය ලැබූ ලෝක කුසලාන තරඟාවලි අවස්ථා ද්විත්වයේදීම ඇය විසින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කලාය. ලොව සිටින සුරූපීම කාන්තා ක්‍රීඩිකාවක් ලෙස ඇය තම වෘත්තීය ගමන්මගේ සාර්ථකත්වයට පත් ක්‍රීඩිකාවක් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව සීටියි.

3. ස්ම්රිතී මන්දනා

මෑතකාලීනව බිහිවි සිටින දක්ෂ පිතිකාරිනියක් වන ස්ම්රිතී ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කියා සුපර් ලීග් තරඟාවලිය, කාන්තා බිග් බෑෂ් ලීග තරඟාවලිය සහා වෙනත් ජාත්‍යන්තර තරඟාවලි ‍රැසකදී තම දක්ෂතා දැක්වීමට සමත් විය. ඇය CEAT අනුග්‍රයෙන් පැවති වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට ද සමත් වූවාය. ඇය විසින් ODI තරඟ 50 කදී, T20 තරඟ 59 කදී හා ටෙස්ට් තරඟ 2 කදී ඉන්දියානු කණ්ඩායම් නියෝජනය් කිරීමට සමත් වී ඇති අතර එහිදී පිළිවෙලින් ලකුණු 1951 ක්, 1319 ක් සහා 81 ක් ලෙස තරඟාවලි තුලදී ලකුණු ‍රැස්කිරීමට සමත් වූවාය.ODI තරඟාවලියේදී ඇය මිතලි රාජ් වෙනුවට කණ්ඩායමේ නායකත්වයට පත්වීමට බොහෝ විට ඉඩ ඇති බව සඳහන්ය.

4. මෙග් ලැනින්ග්

2011 වසරේ එරෙහිව පැවති තරඟාවලිය නියෝජනය කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පිවිසි මෙග් වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකාව බවට පත්වීමට සමත්ව සිටියි. දෙවන ක්‍රීඩා වාරයේදී ඇය වාර්තා කල ලකුණු සංඛයාව පමණක් 103ක් විය. වසර 18 කට පසු පිරිමි හෝ කාන්තා ජාත්‍යන්තර ශතකයක් ලබාගැනීමට සමත් වූ ලාබාලතම ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව බවට පත් වීමට ඇය සමත වූවාය. ඉන් වසරකට පසු නවසීලන්තයට එරෙහිව පන්දුවාර 45 කදී වේගවත්ම ශතකය වාර්තාකිරීමට ද ඇය සමත් විය. වයස 21 දී කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලද ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය 2014 සංචිතයට නම් කර තිබිනි.2015 වසරේ විස්ඩන් ලොව නැගී එන ක්රිකකට් ක්රී1ඩිකාවට හිමි සම්මානය දිනාගැනීමටද ඇය සමත් වූවාය.

5. ඩේන් වැන් නියේකර්ක්

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා ඩේන් එරට නියෝජනය කරන ජේෂ්ඨ ක්‍රිඩිකාවන් අතරින් අයෙකි. 2009 වසරේ ලෝක කුසලාන තරඟාවලිය සඳහා නියෝජනයට වරම් ලැබූ ඇය ජාත්‍යන්තර ක්‍රිකකඩ් ක්‍රීඩාවට පිවිසීමට අවස්ථාව හිමිකරගත්තාය. තුන් ඉරියව් ක්‍රී ඩිකාවක් ලෙස දස්කම් පෑ ඇය 2016 වසරේ මිග්නොන් ඩු ප්රීකස් වෙනුවට උපනායිකා ධූරයට තේරිපත් වූවාය. ODI තරඟාවලි 99 ක් , T20 තරඟාවලි 76 ක් සහා එක් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා තම රට නියෝජන කර ඇති ඩේන් විසින් ‍රැස් කර ඇති මුලු ලකුණු සංඛයාව 3000 ඉක්මවයි.

6. සනා මිර්

හිටපු පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩාය නායිකා සනා මිර් ඇගේ දඟ පන්දුයැවීමේ කුසලතාවය හරහා පිතිකරුවන් ‍රැසක් දවාගැනීමට සමත් වූ ක්‍රීඩිකාවක් ලෙස වඩාත් ප්‍රචලිතය. පාකිස්ථානු තරුණියන් ‍රැසක් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තියක් ලෙස ‍තෝරාගැනීම සඳහා උනන්දුකරවීමට ඇය විශාල පරිශ්‍රමයකින් කටයුතු කර ඇත. ODI තරඟ 118 කදී සහා T20 තරඟ 105 කදී ඇය දවාගත් කඩුලු සංඛ්‍යාකව පිළිවෙලින් 147 ක් සහා 88 ක් විය. ලබාගත් ලකුණු සංඛ්‍යාව පිළිවෙලින් 1605 ක් සහා 802 ක් විය. 2010 සහා 2014 වසර වලදී ආසියානු තරඟාවලිය නියෝජනය කරමින් පාකිස්ථානය වෙනුවෙන් රන් පදක්කම් 2 ක් දිනාගැනීමට ඇය සමත් විය. ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස වඩාත් සුරුපී පෙනුමක් ද ඇයට හිමිය.

7. ප්‍රියා පූනියා

වත්මන් ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් පිතිකරණ ශූරියක් වන ප්‍රියා සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ දිගු ගමනක් ඇති බව විචාරක මතයයි. ජාතික මට්ටමේ ක්‍රීකාවක් ලෙස ඇය දැනටමටහ් මංගල ශතකය වාර්තා කර ඇති අතර ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරඟාවලි සඳහා ඉන්දියාව නියෝජනය කිරීමට ඇය සංචිතයට තේරීපත් වනු ඇත. ලොව සිටින ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෙස ඇය හඳුන්වනු ලබන අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි ක්‍රිකට් තරඟාවලියේදි ඇය කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි ප්‍රේක්ෂයකින් අපේක්ෂාවෙන් සිටිති.

8. හෝලී ෆර්ලින්ග්

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේග පන්දු යවන්නියක් ලෙස ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත. 2013 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේදී තරඟ වාර 4 කදි ඇය දවාගත් කඩුලු සංඛ්‍යාව 9 ක් විය. ක්වීන්ස්ලන්ඩ් හි වසරේ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස පිදුම් ලද පළමු ක්‍රීඩිකාව වන්නේද ඇයයි. ඇය ටෙස්ට් තරඟාවලි 3 කදී කඩුලු 3 ක් ද, ODI තරඟාවලි 22 කදී කඩුලු 24 ක් සහා T20 තරඟ 9 කදී කඩුලු 5 ලෙස දවාගැනීමට සමත් වූවාය. 2013 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ICC කණ්ඩායම නියෝජනය කල 12 වන පුද්ගලයා ලෙස ඇය හඳුන්වනු ලැබීය.

9. ඉසොබෙල් ජොයිස්

1999 ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලියක් හරහා අයර්ලන්ත කණ්ඩායමට එක්ව ක්‍රීඩා කිරීමට ඇයට අවස්ථාව ලැබී තිබුණි. ප්‍රසිද්ධ දකුණත් හා වමත් පිතිකාරිණියක් ලෙස ඉහළ පෙළේ ක්‍රිකට් තරු අතර ඇයගේ නමත් සඳහන් වේ. ඇය විසින් අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 1 ක්,ODI තරඟ 79 ක් සහා T20 තරඟ 55 ක් සඳහා ක්‍රීඩා කර තිබෙන අතර ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 2000 කට ආසන්නය. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ඇය ලබාගත් මුළු කඩුලු සංඛ්‍යාව 100 කට අධිකය.

10. ඊශා ගුහා

හිටපු එංගලන්ත ක්‍රීඩිකාවක් වන වර්තමාන ක්‍රිකට් විස්තර විචාරිකාවක් ලෙස කටයුතු කරන ඊශා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට පිවිස ඇත්තේ 2001 වසරේදීයි. 2009 වසරේ T20 ලෝක ශූරතාව සහා ICC ලෝක කුසලානය හිමි කරගැනීමට සමත් වූ එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට ඇය සමත් වූවාය. ටෙස්ට් තරඟ 8 ක් , ODI තරඟ 83 ක් සහා T20 තරඟ 22 කදී ඇය දවාගත් මුළු කඩුලු සංඛ්‍යාණව 150 කට අධිකය.2012 වසරේ මාර්තු 9 වන දින ඇය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කලාය. සාර්ථක ක්‍රිකට් ක්‍රීකාවක් මෙන්ම ලොව ලස්සනම් ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් අයෙක් ලෙසත් ඇයව හැඳින්වෙනු ලබයි.