ලොව විවිධ රටවල භාවිතා කරන අමුතු ආකාරයේ පොදු වැසිකිළි 10 ක්

වැසිකිළි භාවිතා කිරීම දෛනික අවශ්‍යතාවකි. නිවසේදී නම් අපට කිසිඳු ගැටලුවක් නොමැතිව වැසිකිළිය භාවිතා කිරීමට නිදහස තිබෙනවා. නමුත්, නිවසින් පිටතදී ඔබට වැසිකිළි අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔබට ඇති එකම පිලිසරණ තමයි පොදු වැසිකිළියක් භාවිතා කිරීම. පොදු වැසිකිළි වල තත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. නිවසේ තරම් සැපපහසුවක් සහා සනීපාරක්ෂාවක් පොදු වැසිකිළි භාවිතයේදි බලාපොරොත්තු විය නොහැකි තරම්ය. මේ කියන්න සූදානම් වෙන්නේ පොදු වැසිකිළි වලට සම්බන්ධ අපූරු පුවතක්. එකිනෙකට වෙනස් සම්ප්‍රදායන්ට අනුව සකසා ඇති බව නිරීක්ෂණය කල හැකි ලොව විවිධ රටවල භාවිතා කරන අමුතු ආකාරයේ පොදු වැසිකිළි කිහිපයක ඡායාරූප පෙළක් පහත දැක්වේ.

1. රිජැවික්, අයිස්ලන්තය

අයිස්ලන්තයේ ඇති මෙම වැසිකිළි තුල විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප සහිත වැසිකිළි පෝච්චි සවිකර ඇත. බොහෝ දෙනෙකු පවසන්නේ මෙය පුද්ගලයින්ගේ කෝපය පිටකරගැනීමට ඉඩසලසා දී ඇති හොඳ අවස්ථාවක් වන බවයි.

2. සෝල්,කොරියාව

විදේශිකයින් සඳහා ඇති සකසා ඇති මෙම අයිස් වැසිකිළිය පිහිටා ඇත්තේ සෝල් හි ‘ice gallery’ නම් ස්ථානයේයි. එය කලාකෘතියක් ලෙසත් වැසිකිළි අවශ්ය තා සඳහා භාවිතා කල හැකි ලෙසත් සකස් කර තිබීම විශේෂයි.

3. මලාවි, නැගෙනහිර අප්‍රිකාව

මෙම පොදු වැසිකිළි පිදුරු සහා වෙනත් ඉවතලන ද්‍රව්‍යයන් භාවිතයෙන් ඉදිකර ඇත. භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ලෙස සකස් කර තිබීම විශේෂයි.

4. බෙයිජිං, චීනය

ඇතුලත හොඳ පහසුකම් සලසා ඇති බව පිටතින් පෙනෙන මෙවැනි වැසිකිළි බෙයිජිං අගනුවර පුරා දැකිය හැකියි.

5. කෙන්යාව

ඉන්දියානු වැසිකිළි වල පෙනුමට ඉතා සමාන මෙම වැසිකිළි එතරම් පිරිසිදු නැතිබව සඳහන්. මේවා භාවිතා කිරීමෙන් පසු පිරිසිදු කිරීම හෝ නඩත්තු කටයුතු කෙරෙහි එතරම් අවධානයක් ලබා නොදෙන බව සඳහන් ය.

6. චීනය

චීනයේ බහුතරයක් ප්‍රදේශ වල පොදු වැසිකිළි ඉදි කර ඇත්තේ මේ ආකාරයට බව ඔබ විශ්වාස කරනවාද? මෙම වැසිකිළි ඉදිකිරීමේදී පෞද්ගලිකත්වය කෙරෙහි අවධානයක් ලබා නොදී ඇති බව පෙනී යයි.

7. චොන්චිංග්,චීනය

මෙම ස්ථානය වර්ග අඩි 30,000 ක භූමියක විහිදුණු වැසිකිළි 1000 කින් යුත් වැසිකිළි සංකීර්ණයකි. එය තට්ටු හතරකින් යුත් පොදු විවේකාගාරයකි. එහි ඇති වැසිකිළි පෝච්චි වක්‍රාකාර කාන්තා හැඩ, කිඹුල්ලු සහා දේව රූප ආකාරයෙන් සකසා ඇත.

8. ලන්ඩන්, එංගලන්තය

ලන්ඩන් හි firefighter අවන්හල් වල මෙම අමුතු ආකාරයේ පොදු වැසිකිළි දැකිය හැකියි. එහි පෝච්චි වෙනුවට සවිකර ඇත්තේ බාල්දි වීම විශේෂත්වයකි.

9. නෙදර්ලන්තය

නෙදර්ලන්තයේ සෑම ස්ථානායකම පොදු වැසිකිළි ඉදිකර ඇත. එරටේ බියර් ඉතා ජනප්‍රිය පාන වර්ගයක් ලෙස භාවිතා වීමත් ඊට හේතුවක් ලෙස සඳහන් වෙනවා. බියර් පානය කරන්නන් හට නිතර වැසිකිළි අවශ්‍යතා ඇති වන නිසා නගර පුරා මෙවැනි පොදු වැසිකිළි දැකගැනීමට ලැබීම සාමාන්‍ය දර්ශණයකි.

10. ජපානය

squat type, නැතිනම් බිම ඉඳගනිමින් වැසිකිළි භාවිතා කිරීම ජපානයේ ක්‍රමයයි. නමුත්, අද වන විට එම වැසිකිළි වඩාත් නවීකරණය වි තිබෙනවා. ඔවුන් පොදු වැසිකිළි වල උපරිම පිරිසිදුකම පවත්වා ගැනීමට කටයුතු කරති. ජපානයේ ඇති බොහෝ පොදු වැසිකිළි වල භාවිතා කරන්නන් සඳහා බොහෝ සැපපහසුකම් සලසා දී තිබෙනවා. උදා: උණුසුම් වැසිකිළි අසුන්, ‘bidet’ වර්ගයේ මිටි වැසිකිළි පෝච්චි සවිකර තිබීම සහා වියළා ගැනීමේ පහසුකම ඒ අතර වේ.