ලොව ලස්සනම ලස්සන කාන්තාවන් 12 දෙනා

ලස්සන කාන්තාවකට ඇති ආභරණයක්. බාහිර පෙනුම මත පමණක් ලස්සන තීරණය කරන්න බැහැ. කෙනෙකුගේ ඇතුලාන්තය සහා පෞරුෂයත් ඒ හා සමානව ලස්සන විය යුතුයි. සෑම කාන්තාවක්ම ලස්සනයි’. ලස්සන ගැන ඇති නිර්වචන බොහෝමයි වගේම ඒවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා කියලයි පෙනෙන්නට තිබෙන්නේ. ඊට හේතුවන තවත් කාරණාවක් තමයි වසරින් වසරට ලෝකයේ වඩාත්ම ලස්සන කවුරුන් ද කියා ලැයිස්තු ගත කිරීම. මෙහි ඇති විශේෂත්වය තමයි මේ කිසිඳු කාන්තාවක් තම බාහිර සුන්දරත්වය හේතුවෙන් පමණක්ම මේ ආකාරයෙන් ලැයිස්තුවට පත්වී නොතිබීම.ඔවුන් බොහෝ දෙනෙක් අද ජනප්‍රියත්වයට පත්ව සිටින ස්ථානය දක්වා පැමිණීමට පෙර ජීවිතයේ විවිධ දුෂ්කරතා පසුකර තිබෙනවා. වසරින් වසර වෙනස් වෙන මේ ලැයිස්තුවෙ 2020 වසර හැඩ කරන ලෝකයේ වඩාත්ම ලස්සන කාන්තාවන් දොලොස් දෙනා කවුරුන්ද කියා බලමු.

1 Zozibini Tunzi

උපන් දිනය: 1993 සැප්. 18,උපන් ස්ථානය: Tsolo,Eastern Cape, දකුණු අප්‍රිකාව
උස: 5’10,වෘත්තිය: නිරූපන ශිල්පිණී,සම්මාන සහා ජයග්‍රහණ: 2019 වසරෙ ‘Miss South Africa’ කිරුල, 2019 වසරේ ‘Miss Universe’ කිරුල

2019 වසරේ Miss Universe තරඟාවලියෙන් ජය ලැබූ Zozibini නම් තරුණිය තමයි මේ ලැයිස්තුවේ ඉහළින්ම ‍රැඳි සිටින්නේ. එසේ කිරුල දැරූ ප්ර්ථම කලු සමක් සහිත තරුණිය වන්නේද් ඇයයි. කුඩා ගැහැණු දරුවන්ට අප ඉගැන්විය යුතු වඩාත් වැදගත් දේ වන්නේ කුමක්දැයි වරක් ඇයගෙන් ඇසූ පැනයකට ඇය ඉතා ලස්සන පිලිතුරක් ලබා දී තිබුණා. “මම හිතන්නේ කුඩා ගැහැණු දරුවන්ට වඩාත්ම හොඳින් ඉගැන්විය යුතු වෙන්නේ නායකත්ව ලක්ෂණයි. මේ සමාජයේ ඔබේ ස්ථානය සකස් කරගනිමින් ස්ථාවර වීම හැර වෙනත් කිසිම දෙයක් වැදගත් වෙන්නේ නැහැ.”

2 Bella Hadid

උපන් දිනය: 1996 ඔක්. 9,උපන් ස්ථානය: වොෂින්ටන් ඩී සි,උස: මීටර් 1.75,වෘත්තිය: නිරූපණ ශිල්පිණී,සම්මාන සහා ජයග්‍රහණ: ‘Model of the Year’, ‘Social Media Start of the Year’,වසර 24 ක් වුවත් Bella විසින් දැනටමත් විශාල කීර්තියක් අත්පත් කරගත් තරුණියක්.බාහිර රූපයේ පරිපූර්ණ සුන්දරත්වය මනින ඒකකයක් වන Phi අගය නැතිනම් Golden ration of beauty Phi නම් අනුපාතයට අනුව ලොව වඩාත්ම සුන්දර කාන්තාව ලෙස හඳුන්වන්නේ ඇයයි. ඇය ඉතා රූමත් මෙන්ම දක්ෂ නිරූපිකාවකි. කාගේත් නෙත් ආකර්ෂණය දිනා ගැනීමට ඇයට ඇත්තේ විශේෂ හැකියාවක්. නිරූපන ක්ෂේත්රයයේ ජනප්රි ය සහා ඉහළින්ම ‍රැඳි සිටින්නියක ලෙස ඇය ප්‍රසිද්ධ ඇතත් ඇයගේ මිතුරියන් සහා පවුලේ උදවිය ඇයව හඳුන්වන්නේ ඉතා සරල ගතිපැවතුම් ඇති නිහතමානී කෙනෙකු හැටියටයි.

3 Deepika Padukone

උපන් දිනය: 1986 ජනවාරි 5,උපන් ස්ථානය: ඩෙන්මර්කයේ කොපන්හෙගන් හිදි
උස: මීටර් 1.74,වෘත්තිය: රංගන ශිල්පිණි,සම්මාන සහා ජයග්‍රහණ: Filmfare සම්මාන 3 ක් ඇතුලු වෙනස් සම්මාන ‍රැසකට පාත්‍රවී ඇත.බොලිවුඩයේ දැවැන්ත තරු අතරින් කෙනෙක් වන දීපිකා ලොව අධික මිලක් අය කරන නිළියන් අතරින් එක් අයෙකුද වෙනවා. ‘Bajirao Mastan’i,‘Piku’ Padhmaawat ආදී බොහෝ ජනප්‍රියවූ චිත්‍රපටි ‍රැසක ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඇයගේ ප්‍රථම හොලිවුඩ් නිර්මාණය වූයේ Vin Diesel ප්‍රධාන රංගනයෙන් දායකවූ 2017 වසරේ තිරගත වූණු : Return of Xander Cage’ නම් චිත්‍රපටියයි ඇය සතුව ඇඳුම් නිර්මාණ ආයතනයක් පවතින අතර ඉන්දියානුවන්ගේ මානසික සෞඛ්යේ ප්‍රඳවර්ධනය වෙනුවෙන් ඇය ‘ Live Laugh Love’ නමින් පදනමක් ආරම්භ කර තිබෙනවා.

4 Scarlett Johansson

උපන් දිනය: 1984 නොවැ. 22,උපන් ස්ථානය: මෑන්හැටන්, නිව් යෝර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය,උස: මීටර්1.6,වෘත්තිය: රංගන ශිල්පිණි,සම්මාන සහා ජයග්‍රහණ: BOFTA,Golden Globe සම්මාන උළෙලට නිර්දේශ වීම,ඇමෙරිකානු ජාතික රංගන ශිල්පිණියක්, නිරූපණ ශිල්පිණියන් සහා ගායිකාවක් වන ඇය රංගනයට පිවිස ඇත්තේ කුඩා අවදියේ සිටයි. ‘Lost in Translation’ චිත්‍රපටියේ ඇයගේ රංගනය වෙනුවෙන් ඇය සම්මානයකට පවා නිර්දේශ විය. ‘Vicki Cristina Barcelona’, ‘Lucy’ , ‘ Don Jon’ වැනි චිත්‍රපටිවල ඇය රංගන දායකත්වය දැක්වීය

5 Blake Lively

උපන් දිනය: 1987 අගෝ. 25,උපන් ස්ථානය: ලොස් ඇන්ජලීස්. ඇමෙරිකා එක්සත්
උස: ජනපදය මීටර් 1.78,වෘත්තිය: රංගන ශිල්පිණි,සම්මාන සහා ජයග්‍රහණ: ‘Teen Choice Award for Best Breakthrough performance’,ඇය වඩාත් ජනප්‍රියවූයේ ‘Gossip Girl’ නම් ටෙලිකතාමාලාවේ ‘Serena Van Der Woodsen’ චරිතය හරහායි.’Sisterhood of the Traveling Pants’, ‘Green Lantern’, ‘The Age of Adeline’, ‘The Shallows’ යන චිත්‍රපට වල ඇය රංගනයෙන් දායක වූවාය.

6 Angelina Jolie

උපන් දිනය: 1975 ජුනි 4,උපන් ස්ථානය: ලොස් ඇන්ජලීස් ඇමෙරිකා එක්සත් ජනපදය
උස: මීටර් 1.69,වෘත්තිය: රංගන ශිල්පිණීයක්, චිත්‍රපටි නිර්මාණශිල්පිණියක්, මානව හිතවාදිනියක්, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක්,සම්මාන සහා ජයග්‍රහණ: ඔස්කාර් සම්මාන ද්විත්වයක්, Screen Actor

Guild සම්මාන ද්විතවයක්, Golden Globe සම්මාන ත්රිතත්වයක්
ලොව සරාගීම ගැහැණිය ලෙස හඳුන්වන ඇන්ජලීනා හොලිවුඩයේ අධික මිලක් අය කරන නිළියකි.Lara Croft Blockbuster චිත්‍රපට හරහා ඇය ජනප්‍රියත්වයට පත්වූවාය. Jolie-Pitt පදනම හරහා ඇය ළමා අයිතීන්, මිනිස් සහා කාන්තා අයිතීන් සම්බන්ධ ගැටලු වෙනුවෙන් ඇය පෙනී සිටියි.

7 Halle Berry

උපන් දිනය: 1966 අගෝ. 14,උපන් ස්ථානය: ඔහියෝ,ඇමෙරිකා එක්සත් ජනපදය
උස: මීටර් 1.65,වෘත්තිය: රංගන ශිල්පිණි,ඇය වෘත්තිය ගමන ආරම්භ කර ඇත්තේ නිරූපිකාවක් ලෙසයි. අදවන වන හොලිවුඩයේ අධික මිලක් අයකරන නිළියක් වීමට ඇයට වරම් ලැබිණි. 2019 වසර වනවිට මුල් චරිත නිරූපණය වෙනුවෙන් ඔස්කාර් සම්මානයකට පාත්ර වූ එකම අප්‍රිකානු- ඇමෙරිකානු සම්භවයක් ඇති නිළිය වූයේ ඇයයි. ඒ Monster’s Ball චිත්‍රපටියේ ඇය කල රංගනය වෙනුවෙනි.

8 Aishwarya Rai Bachchan

උපන් දිනය: 1973 නොවැ. 1,උපන් ස්ථානය: මැන්ගලෝර්, ඉන්දියාව,උස: මීටර් 1.7
වෘත්තිය: රංගන ශිල්පිණී,සම්මාන සහා ජයග්රමහණ: ඉන්දීය රජය විසින් ලබා දෙන පද්ම ශ්රීව සම්මානය ඇතුලු සිනමාව වෙනුවෙන් හිමි වූ සම්මාන ‍රැසකි.,බොහෝ රූප සුන්දරියන්ගේ නම් ලැයිස්තුවල ඉදිරියෙන්ම සිටින ඇය 1994 වසරේ ලෝක රූ ‍රැජින ලෙස කිරුළු පැළඳුවාය. මනිරත්නම් අධ්ය ක්ෂකවරයාගේ ‘Iruvar’ චිත්‍රපටිය හරහා සිනමාවට පිවිසි ඇය ඉන් පසු චිත්‍රපටි ගණනාවකම රංගනයේ යෙදී තිබෙනවා. ඒවා හින්දි, දමිළ, ඉංග්‍රීසී, තෙලිඟු සහා බෙංගාලි භාෂාවලින් නිර්මාණය වූ ඒවාය.

9 Beyonce Knowles

උපන් දිනය: 1980 සැප්. 4 ජනපදය,උපන් ස්ථානය: හූස්ටන්, ටෙක්සාස් ,ඇමෙරිකා එක්සත්
උස: මීටර් 1.69,වෘත්තිය: ගායිකාවක්, ගීත රචිකාවක්, රංගන ශිල්පිණියක්,සම්මාන සහා ජයග්‍රහණ: Grammy සම්මාන 22 සහා නිර්දේශ 62,එම සම්මාන උළලේ වැඩිම වාරයක් නිර්දේශ වු සහා වැඩිම වරක් සම්මානයට පාත්‍රවූ දෙවැන්නා ඇයයි. Queen B යන අන්වර්ථ නාමයෙන් ඇයගේ ප්‍රේක්ෂයින් ඇයව හඳුන්වයි. අද වන විට ඇයගේ නාමය සන්නාමයක් බවට පත් වී තිබෙනවා. හිප් හොප් ගායක Jay-z සාම්ඟින් ඇය විවාහ වී සිටියි,.

10 Priyanka Chopra

උපන් දිනය: 1982 ජූලි 18,උපන් ස්ථානය: ජාම්ශෙඩ්පූර්, ඉන්දියාව,උස: මීටර් 1.69,වෘත්තිය: රංගන ශිල්පිණි,සම්මාන සහා ජයග්‍රහණ: National Film සම්මාන සහා සහා Film Fare සම්මාන 5 ක්,2000 වසරේ ලෝක රූ ‍රැජිණ ලෙස කිරුළු දැරුවේ ඇයයි. ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ වන්නේ Barfi, Bajirao Mastani,Fashion,MaryKom යන චිත්‍රපටියයි. 2015 වසරේ සිට ඇමෙරිකානු ABC නාළිකාවේ විකාශය වූ Quantico කතාමාලාවේ ඇය රංගනයෙන් දායක වන්නීය. ටයිම්ස් සඟරාවට අනුව ලෝකයේ වඩාත් බලපෑමක් සිදුකල හැකි පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 100 අතරින් ඇයත් එක් අයෙකි.

11 Gal Gadot

උපන් දිනය: 1985 අප්රේ ල් 30,උපන් ස්ථානය: ඊශ්‍රායිලය,උස: මීටර් 1.78,වෘත්තිය: රංගන ශිල්පිණි,සම්මාන සහා ජයග්‍රහණ: Wonder Woman චිත්රීපටිය හරහා ජනප්‍රිය වූ ඇය එහි රූගතකිරීම් කරන සමයේදී ඒ වන විටත් පස් මසක ගැබිණියකව සිටීම බොහෝ දෙනාගේ අවධානය දිනාගනු ලැබුවා. මේ චිත්‍රපටිය ගැහැණු පිරිමි දෙපාර්ශවයම නැරඹිය යුතු බවයි ඇයගේ අදහස.

12 Emma Watson

උපන් දිනය: 1990 අප්‍රේල් 15,උපන් ස්ථානය: ප්‍රංශය,උස: මීටර් 1.65,වෘත්තිය: රංගන ශිල්පිණි
සම්මාන සහා ජයග්‍රහණ: ‘Harry potter’ චිත්රයපටිය සඳහා සම්මාන 12 කට අධික සංඛ්යාසවක්,ඇය අතිශයින් ජනප්‍රියත්වයට පත් වූයේ Harry Potter කතා මාලාව හරහාය. ලොව වඩාත් බලපෑමක් කල හැකි සුපිරි තරු අතර ඇයත් එක් අයෙක්. බ්රෞවන් සරසවියේ උපාධිධාරිනියකි. ‘Perks of Being a Wall flower’, ‘Noah’, ‘Beauty and The Beast’ යන චිත්‍රපට ඔස්සේද ඇයව දැක ගත හැකියි.