ලොව මෙතෙක් අසන්නට ලැබුණු අත්භූත ජීවීන් 10 දෙනා මෙන්න

හොල්මන් චිත්රවපට වල බලලා ලබපු ත්රාූසජනක අත්දැකීම් ඇත්ත ජිවිතයේදී අත්දකින්න ලැබුණොත් ඔබ ඊට කොහොම ප්රවතිචාර දක්වාවිද? අවිවාදයෙන්ම ඕනම ගල් හිතක් තියෙන කෙනෙක් වුණත් අධික බියකින් තිගැස්මකට පත්වෙනු නිසැකයි. අත්භූත දේවල් ගැන ඔබේ ඇති විශ්වාසය කොහොම එකක් වුණත් මේ වගේ දෙයකට මුහුණ දෙන්න සිදුවන ඕනම කෙනෙක් සන්ත්රාමසයට පත්වීම නම් වළක්වන්න බැහැ. අද අපි ඔබට කියන්න යන්නේ ලෝකයෙන් එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු එවන් භයානක අත්භූත ජීවින් ගැනයි.

01. ජර්සි යක්ෂයා (The Jersey Devil)

ජර්සි නම් යක්ෂයා ඇමෙරිකාවේ දකුණුදිග නිව් ජර්සි ප්රාකන්තයේ පයින් බැරන් ප්රාදේශය ආශ්රි තව විසූ අති භයානකම ජීවියෙක් යැයි සැලකේ. මෙම ජීවියා සම්බන්ධ කතාපුවත් 1800 ගණන් වල සිට 20 වන සියවස දක්වාම පැවතී තිබෙනවා. මෙම සත්වයා කුර දෙක සහිත පියාඹන ජීවියෙකු යැයි බොහෝ අවස්ථාවල විස්තර කර ඇත.නමුත්, මේ සත්වයා සම්බන්ධව බොහෝ වෙනස් මතිමතාන්තර පවතියි. පොදුවේ මෙම සත්වයා එළුවෙකුගේ හිසක් සහිත කැන්ගරු වැනි සත්වයැක් බවත්, වවුලෙකුගේ වැනි ලෙස්දර් පියාපත්, අං, නියපොතු සහිත කුඩා අත්, කුර සහ දෙබලක් ස්වභාවයේ වල්ගයක් ඇති බව සඳහන් වේ.එම ජීවියා වේගයෙන් ගමන් කරන බවත් පිට කරන ශබ්දය ලේ වැගිරෙන කෑගැසීමක් ලෙසින් ද විස්තර වේ.

මෙම ජීවියාගේ පුරාවෘතය පැන නගින්නේ තම 13 වන දරුවා බිහිකරන අතරතුර යක්ෂයාට ආරාධනා කල දේශීය මායාකාරියක් වූ ‘මදර් ලීඩ්ස්’ පිලිබඳ කතාවකිනි. ‘මදර් ලීඩ්ස් හා දරුවන් 12 දෙනෙකු සිටි බවත්, ඇය 13 වන වරට ගැබ්ගෙන ඇති බව දැනගත් පසු මෙවර උපදින්නේ යක්ෂයා බව මත පළ විය. 1735 වසරේ කුණා‍ටු සහිත රාත්රි යක දරු ප්ර සූතියේ යෙදි සිටියාය. ඇය වටා ඇගේ මිතුරන් එක්රැහස් වී සිටියහ. ඉපදුණු පසුව දරුවා සාමාන්යර දරුවෙකු මෙන් සිටියද පසුව ස්වරූපය වෙනස් වීමට පටන්ගෙන ඇත. එම දරුවා ළදරු පෙනුමින් ඉහත විස්තර කල ලක්ෂණ සහිත ජීවියා බවට වෙනස්විය. කෙඳිරි ගාමින් කෑගසමින් චිමිනිය ඉහළට පියාසර කිරීමට පෙර වින්නඹු මාතාව මරා දැමීය.මෙම පුවත මුලු පයින්ස් ප්රළදේශයේම පැතිරෙන්නට විය. 1740වසරේ එක්තරා පූජකවරයෙකු වසර 100 කට යක්ෂයාව පළවා හැරියේය. එම යක්ෂයා 1890 වන තෙක් නැවත කිසිවෙකුට දැකගත නොහැකි විය’

02. ෆ්ලැඩ්වුඩ්ස් භුතයා (Flatwoods Monster)

ෆ්ලැට්වුඩ්ස් මොන්ස්ටර් යනු 1952 සැප්තැම්බර් 12 වන දින එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ බ්රැ්ක්ස්ටන් ප්රාoන්තයේ ෆ්ලැට්වුඩ්ස් නගරයේ දැක ඇති බවට වාර්තා වූ හඳුනා නොගත් පිටසක්වල හෝ ගුප්ත ජීවියෙකි. වාර්තාවලට අනුව මෙම සත්වයා විශාල, අවම වශයෙන් අඩි 10 ක් උසයි . මුහුණ රතු පැහැයෙන් යුත් දීප්තියක් ඇති අතර සිරුර කොළ පැහැයෙන් යුක්තය. හිස හදවතක් හෝ ඒස් ඔෆ් ස්පේඩ්ස් නැතිනම් හාරත හැඩයක් ගන්නා අතර, මෙම අමුතු හැඩයෙන් යුත් හිසෙන් මිනිස් නොවන ඇස් ඉදිමී ඇත. ශරීරය විස්තර කර ඇත්තේ මිනිසෙකුගේ හැඩයට සමාන වන අතර සායක් හා සමාන අඳුරු ඇඳුම් වලින් සැරසී ඇත. වාර්තා වන ආකාරයට මේ ජීවියා සතුව දෘශ්යිමාන අත් පිහිටා නොමැති අතර දිගු -වක ගැසුණු නිය පහුරක් පිහිටා ඇත.

03. වවුල් මිනිසා (The Owlman)

‘අවුල්මෑන්’ හෙවත් වවුල් මිනිසා යනු 1976 මැද භාගයේදී කෝර්න්වෝල් හි මව්නාන් ගම්මානයේ දක්නට ලැබුණු බකමූණෙකු වැනි ගුප්ත ජීවියෙකි. . ගුප්ත විද්යා්ත්මක සාහිත්යේයේ දී අවුල්මෑන්’ ඇමෙරිකානු මොත් මෑන් චරිතය හා සැසඳේ. 1976 අප්රිෝයෙල් 17 වන දින මව්නාන් පල්ලියේ කුළුණට ඉහළින් මෙම ජීවියා සැරිසරන අයුරු පළමු වරට දැකගත හැකි විය. පුදුමයට කරුණක් නම්, 1978 අගෝස්තු දක්වා මෙම සත්වයා දර්ශණය වූයේ මෙම පල්ලිය අවට පමණක් වීමය. බකමූණෙකුගේ පෙනුම ඇති මෙම ගුප්ත ජීවියා මිනිසෙකුගේ ශරීර ප්රමමාණයට සමාන ය; කන්, රතු ඇස් සහ කළු පින්සර් වැනි නියපොතු ඇත. සිරුර වඩාත් ප්රණසිද්ධ මොත් මෑන්ට සමානකම් දක්වයි: අළු පැහැයෙන් යුත් විශාල පියාපත් පිහිටා තිබුනු බව සඳහන් වේ. වවුල් මිනිසා දර්ශනය වීමට මොහොතකට පෙර අවට ප්රපදේශයේ සතුන් අමුතු ලෙස හැසිරුණු බවට බොහෝ UFO වාර්තා ද විය – මෙය මොත් මෑන් සිද්ධියට සමාන සිද්ධියකි

04. ක‍ටුසු මිනිසා (Lizard Man of Scape Ore Swamp)

වඩාත් භයානක ජීවීන්ගෙන් තවත් කෙනෙක්; කටුස්සා මිනිසා යනු දකුණු කැරොලිනා හි අතහැර දමා ඇති බව කියනු ලබන ලී කවුන්ටි හා ඒ අවට ඇති මඩ වගුරු බිම්වල මලාපවහන හා මඩ වගුර අසල නගරවල උමං මාර්ග තුල ජීවත් වන බවට විශ්වාස කල මිනිස් ස්වරූපයට සමාන උරග ජීවීන් විශේෂයකි .ක‍ටුසු මිනිසා සාමාන්යනයෙන් අඩි 7 ක් උස, දෙපා සහිත සහ විශාල, අඳුරු හිසකෙස් වලින් ආවරණය වී ඇති අතර, අත්, පාද සහ මුහුණේ සමේ කටුස්සන් වැනි සමක් ඇති ජීවියෙක් බව විස්තර වල සඳහන් වේ. සෑම පාදයකම ඇඟිලි තුනක් සහ එක් අතක ඇඟිලි තුනක් ඇති බව කියනු ලැබේ. මෝටර් රථයක් කුඩු කර දැමීමේ හැකියාවට වඩා ඇදහිය නොහැකි තරම් ශක්තියක් මෙම සත්වයාට ඇත. මෙම සත්වයා දර්ශණය විමට පටන්ගෙන තිබුණේ 1988 දී වන අතර වඩාත් ම මෑතදී ,2008 පෙබරවාරි මාසයේ දී නැවත දැකගත හැකි විය. ක්රිවස්ටෝපර් ඩේවිස් විසින් මෙම සත්වයා පිළිබඳ පළමු වරට වාර්තා කරන ලද්දේ 1988 ජුනි 29 වන දින රැකියාවෙන් නිවස බලා යමින් සිටියදී තමාට මෙම සත්වයා මුණගැසුණු බව පවසමිනි. සත්වයා මෝටර් රථය අල්ලා ගැනීමට උත්සාහ කළ අතර ඔහු පැන යාමට තැත් කිරීමේදී එහි වහලය මතට එම සත්වයා පැන්න බවත් පසුව පළා ගිය බවත් ඔහු පවසා සිටියා. පසු විපරම් කර බලන විට ඔහුගේ මෝටර් රථයේ අපෙති කණ්ණාඩියක් විනාශ වී තිබුණු බව සහ මෝටර් රථයේ වහලයේ සීරුම් කැලැල් දැකගත හැකි වූ බව ඔහු කියා තිබුනා.

05. කොකට්රිාස් (The Cockatrice)

කොකට්රිාස් යනු මිථ්යාe මෘගයෙකි, මූලික වශයෙන් කුකුළාගේ හිස ඇති කකුල් දෙකේ මකරෙකි. ඇලෙක්සැන්ඩර් නෙකම් ට අනුව මෙම ජීවියා මැඩියෙකු හෝ සර්පයෙකු ‍රැකි කුකුල් බිත්තරයකින් ඉපිදෙන්නට ඇති බව විශ්වාස කෙරේ. මිනිසුන් ගල් බවට හැරවීම හෝ ඔවුන් දෙස බැල්මක් හෙලීමෙන් පමණක් මිනිසුන් මරාදැමීමේ බොහෝ ඉන්ද්රනජාලික හැකියා මෙම සත්වයාට ඇති බව පැවසේ. එමෙන්ම මෙම ජීවියා ඉගිලිය හැකි සත්වයැක් බව සඳහන් වේ. එංගලන්තයේ හැම්ප්ෂයර් හි ඇන්ඩෝවර් අසල වෙර්වෙල් ගම්මානය මේ සත්වයාගේ පුරාවෘතය හා අතිශය ප්ර්සිද්ධය. මේ සත්වයා වර්වෙල් හි ආරාමයකට පහළින් පිහිටි අඳුරු භූගත ගුහාවක මේ සත්වයා සිරගත කර තබන තුරුම මුලු ගම්මානයම බියවද්දමින් සැරිසරා ඇති බව පැවසේ. මෙම සත්වයා මරාදැමිය හැකි පුද්ගලයෙකු වේ නම් ඔහුට දේපළ ඉඩකඩම් තෑගි ලෙස ලබදීමට පවා නියෝග වී තිබී ඇත. නමුත්, කිසිවෙකු සාර්ථක නොවීය. එක් දිනක් ග්රීමන් නමැති මිනිසෙක් මෙම සත්වයා සිරකර තිබූ ගුහාව දෙසට කණ්ණාඩියක් පහත් කරන්නට විය. මේ සිටින්නේ තමා යැයි හඳුනාගත නොහැකිව තමාගේම ප්රයතිබිම්භය සමඟ පොර බැදූ මේ සත්වයා තෙහෙට්ටුැවට පත්වන තුරුම කණ්ණ්ඩිය හා බොර බැද ඇත.මෙය අවස්ථාවක් කරගනිමින් එම පුද්ගලයා සත්වයා දෙසට පැන විඩාබර වී සිටි සත්වයා මරා දැමීය.

06. බුන්යිප් (The Bunyip)

බනිප් යනු ඕස්ට්රේිලියානු ආදිවාසී මිථ්යා් කථාවල බිහිසුණු ජීවීන්ගෙන් එක් අයෙක් වන අතර, වගුරුබිම්, ගංගා සහ ජල තටාකවල සැඟවී සිටින බව කියනු ලැබේ. පොළොව මත ඇවිදීමට හැකියාව තිබුණු තරු මාලුවෙක් යැයි ද පැවසේ. 19 වන ශතවර්ෂයේ වෙනත් පුවත්පත් වල විස්තර කර ඇත්තේ එය බල්ලෙකු වැනි මුහුණක්, අඳුරු ලොම්, අශ්වයෙකු වැනි වලිගයක්, ෆ්ලිප්පර් සහ වොල්රස් වැනි ඇත්දළ හෝ අං හෝ බිල් වැනි තාරාවෙකු ගේ ලක්ෂණ ඇති රූපකායක් බවයි. බුනිප් කුරුල්ලෙකුගේ සහ කිඹුල් ලක්ෂණ ඒකාබද්ධ වූ ජිවියෙක් ලෙස 1845 වසරේ එක්තරා ඕස්ට්රේකලියානු පුවත්පතක් වාර්තා කර තිබුණි.

සිරුර සහ පාද කිඹුලෙකුට අතිශය සමාන බවත්, පසුපස පාද ඝනකම් සහ ශක්තිමත් බවත් ඉදිරිපස ගාත් වඩාත් දිගුව පිහිටා ඇති බවත් සඳහන් වේ. ජලයේදී මැඩියෙකු මෙන් පිහිනන බවත්, ගොඩබිම ඇවිදින විට පසුපස ගාත් භාවිතා කරමින් හිස සෘජුව ඇවිදින බවත් එම ඉරියව්වේදි මෙම ජීවියාගේ උස අඩි 12-13 ක් පමණ වන බවත්ය.

07. සිග්බින් (The Sigbin)

සිග්බින් යනු පිලිපීනයේ සිටි බිහිසුණු ජීවීන්ගෙන් කෙනෙකි. හිස පහත් කොට පිටුපසට කකුල් තබා පසුපසට ගමන් කරන අතර ගොදුරේ රුධිරය ඔවුන්ගේ සෙවනැලි තුලින් උරා බොන බව පැවසේ. සිග්බින්ට අනෙකුත් ජීවීන්ට, විශේෂයෙන් මිනිසුන්ට නොපෙනෙන සේ සැඟවීයාමට හැකියාව ඇත. අං රහිත එළුවෙකුට සමාන , ඉතා විශාල කන් ඇති , අත් යුගලයක් හා දිගු, කසයක් ලෙස භාවිතා කළ හැකිය නම්යටශීලී වලිගයක් මෙම සත්වයාට පිහිටා ඇත..

සිග්බින් ඔක්කාර ගන්ධයක් නිකුත් කරන බව කියනු ලැබේ. ළමයින් ගිල දැමීමට සොයමින්, පසුපසට කකුලුවෙකු මෙන් ඇවිදීමේ ප්රෙවණතාවක් ඇත. 2005 දී බෝර්නියෝ හි විද්යාඔඥයින් පිරිසක් විසින් “බළල්-හිවලෙකු වැනි මාංශ භක්ෂකයෙකු” සොයා ගන්නා ලදී. එහි ඉදිරිපස කකුල් වලට වඩා පි‍ටුපස පාද පහළින් පිභිටා ඇති ආකාරය හඳුනාගත හැකිවිය. මෙම විශේෂය සිග්බින් පුරාවෘත්තවල මුල් පදනම විය හැකි යැයි අනුමාන කෙරේ. තවත් සමහරු අතීතයේ අනුමාන කර ඇත්තේ කැන්ගරුවන්ට සමාන සම්භවයක් ඇති ඇත්තම සිග්බින් සත්ව විශේෂයක් සිටිය හැකි බවයි.

08. කැන්වි දූපතේ අද්භූත ජීවියා (Canvey Island Monster)

කැන්වි අයිලන්ඩ් මොන්ස්ටර් යනු 1953 නොවැම්බරයේ එංගලන්තයේ කැන්වි දූපතේ වෙරළ තීරයෙන් සොයාගත් අසාමාන්ය සත්වයෙකුට නොවෙනස් වැල්ලට ගසාගෙන විත් තිබූ සත්ව මලකඳකටය.1954 අගෝස්තු මාසයේදී සොයා ගන්නා ලද . මෙම සත්වයාට දුඹුරු සමක්, කරමල සහ විශාලව පිටතට නෙරා ඇති ඇස් පිහිටා තිබී ඇත. තියුණු සහ කුඩා දත් පිහිටීමක් ඇති මෙම ජීවීන් විශේෂයේ මෙතෙක් හමුවූ සිරුරු ගණන 2 කි. මොවුන් එක්තරා මාලු විශේෂයක් විය හැකි දැයි සැක පළ වී ඇත.

09. පොප් ලික් යක්ෂයා (Pope Lick Monster)

පොප් ලික් මොන්ස්ටර් යනු අර්ධ මිනිසෙකු, අර්ධ එළුවෙකු සහ අර්ධ බැටළු සත්වයෙකු පිළිබඳ පුරාවෘත්තයකි. ඔහු කෙන්ටකි-ලුයිස්විල් හි පොප් ලික් ක්රීතක් හරහා නොර්ෆොක් දක්ෂිණ දුම්රිය මාර්ගයට යටින් ජීවත් වන බව විශ්වාස කෙරේ. පොප් ලික් යක්ෂයා මිනිස් සහ එළු දෙමුහුන් විකෘතියක් ලෙස පෙනේ. බලසම්පන්න, ලොම් වලින් වැසී ඇති එළු කකුල්, ඇලබාස්ටර් සම සහිත මුහුණක්, නාසය සහ පුළුල් ඇස් ඇති ජීවියෙක් ලෙස විස්තර වේ. නළලෙන් නෙරා ඇති කෙටි-තියුණු අං, දිගු කෙස් කළඹක් සහිත කකුල් වල ලොම් පිහිටා ඇත.

සත්වයාගේ මූලාරම්භය සහ ගොදුරු සොයාගැනීමට සත්වයා භාවිතා කරන ක්රයම පිළිබඳව බොහෝ නාගරික ජනප්රයවාද පවතී. 1800 අග භාගයේදී කැනේඩියානු පාළු වනාන්තර වල අමුතු වන සතුන් සැරිසරන බවට කටකතා පැතිර ගියේය. ප්ර දේශවාසීන් මේ සිද්ධිය හැඳින්වූයේ පාප් ලික් මොන්ස්ටර් යනුවෙනි. සත්වයා පිළිබඳ කතන්දර සර්කස් හිමිකරුවෙකුගේ අවධානයට ලක් විය. ඔහු රාක්ෂයා අල්ලාගෙන ඔහුගේ සර්කස් ප්රිදර්ශනයේදී ප්රවදර්ශනය කිරීමට පටන් ගත්තේය. නමුත් මේ පුද්ගලයා රාක්ෂයාට දරුණු ලෙස වද හිංසා කර ඇති අතර පීඩිත යක්ෂයා මිනිසුන් කෙරෙහි වෛර බැඳගන්නට විය.

එතැන් පටන් මිනිසුන් පවසන්නේ රාක්ෂයා පාප් ලික් ක්රීික් හි ජීවත් වන බවත් මිනිසුන්ව ඔවුන්ගේ විනාශයට ඇද ගන්නා බවත්ය.

10. ලේක් වර්ත් හි යක්ෂයා (Lake worth Monster)

මෙම ජීවියා උතුරු ඇමෙරිකාවෙන් හමුවු අත්භූත ජීවියෙකි.ටෙක්සාස් ප්රා න්තයේ ෆෝර්ට්වර්ත් පිටතින් පිහිටි ලේක්වර්ත් නම් ප්රtදේශයේ මෙම සත්වයා සිටින බව පැවසේ. මෙම භයානක ජීවියා අර්ධයක් මිනිසෙකු අර්ධයක් එළුවෙකුගේ ස්වරූපය ගනියි. මෙම සත්වයාව ඇතැම් පිරිස් දැක තිබෙන අතර කෝපාවිෂ්ට වූ මෙම සත්වයාගේ ප්ර.හාරයට ලක්වූවන්ද සිටිති. 1969 ගිම්හාන සෘතුවේ රාත්රිියක මෙම ජීවියා පළමු වරට දැක තිබුණි. එදින එක්තරා පෙම් යුවල තිදෙනෙකු තම මෝටර් රථ වලින් ජලාශය අද්දරට වී දර්ශණය නරඹමින් සිටි ඇති අතර එක්වරම විශාල යක්ෂයෙක් බඳු ජීවියෙක් එක් මෝටර් රථයක් උඩට පැන සිටි අයුරු ඔවුන්ට දැකගත හැකි විය. මේ පුවත Fishy Man-Goat terrifies couples parked at Lake Worth යන සිරස්තලය සහිතව පුවත්පත් වල මුල් සිරස්තලය ලෙස වාර්තා වී තිබුණා. මෙම සිද්ධියට මුහුණ දුන් පිරිස තමන් දු‍ටු ජීවියා අර්ධයක් මිනිසෙක් අර්ධයක් එළුවෙක් වැනි පෙනුමක් තිබූ ලොම් සහ කොරපොතු වලින් වැසුණු ජීවියෙක් බව පවසා තිබුණා.