ලොව කඩවසම් රාජ්‍ය සේවකයන් 10 දෙනා

වයස අවුරුදු 22 ක් වන Lee Minwei නම් මෙම කඩවසම් තරුණයාගේ ඡායාරූප අන්තර්ජාලයේ කැලඹීමට සමත් වී තිබුණි. ඔහු චංගි ගුවන් තො‍ටුපළේ අතිරේක පොලිස් නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිටියි. කෙසේ වෙතත්, ඔහුගේ ආකර්ෂණීය බව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීමට ලක් වූ දෙයක් වී තිබෙනවා.

01. ඛ්හලෙඩ්-සර්හන්

ඔහු A380 ගුවන් නියමුවරයෙකු ලෙස සේවය කරන්නෙකි. ඔහු ජෝර්දාන් ජාතිකයෙක් වන අතර ඔහුගේ කඩවසම් බව නිසාම ඔහු Instagram සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ජනප්‍රියත්වයට පත්වී සිටින අයෙකි.

02. lukewood88

Luke Wood නමැති මොහු මෙල්බර්න් හි ගිණි නිවන භටයෙකු ලෙස රාජකාරී සිදුකරයි. ඉන් පෙර ඔහු යුධ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ. ඔහුගේ කඩවසම් බව නිසාම Firefighter Australian calender හි පෙනී සිටීමට ඔහු හට අවස්ථාව හිමී වී ඇත. එය වාර්ෂික සුබසාධක වැඩසටහනක් වන අතර ඉන් එම වැඩසටහනට උපයාගත හැකිවී තිබු මුදල ඩොලර් දහසකට අධික වුණු බවයි සඳහන් වෙන්නේ.

03. bendamme

ඔහු වර්තමානයේ සිංගප්පුරු පොලිස් සේවයේ නියුතු නිලධාරියෙක් ලෙස කටයුතු කරයි. වයස අවුරුදු 26 ක් වන Benjamin Cheah හට පොලිස් නිලධාරියෙකු වීමේ ආශාව ඇති වී තිබුණේ ඔහු වයස අවුරුදු 4 ක් වූ කුඩා කාලයේ සිටයි. ඔහු රංගන ශිල්පියෙක් සහා නිරූපණ සිලිපියෙකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් සිටින්නෙකි. C.L.I.F 4 නම් ජනප්‍රිය ක්‍රියාදාම ටෙලිකතාමාලාව හරහා ප්‍රේක්ෂකයින් අතරට ඒමට ඔහු හට හැකියාව ලැබිණි.

04. doctor-mike

People Magazine නම් ප්‍රසිද්ධ ඇමෙරිකානු මැගසිනයට අනුව ලොව සරාගිතම වෛද්‍යවරයා ලෙසින් හඳුන්වා දී ඇත්තේ Mikhail Varshavsky හෙවත් Mike වයි. ඔහුගේ ඡායාරූප දකින ඕනම කෙනෙකුට එය සත්‍යයක් බව සිතේවි. ඔහුගේ Instagram ගිණුමේ සාමාජිකයින් ගණන මිලියන 1.5 ඉක්මවා තිබෙන බවයි සඳහන් වෙන්නේ. ඔහු නිව් ජර්සි හි දෙවන වසර වෛද්‍ය සිසුවෙකි.

05. navyjack

මේ කඩවසම් තරුණයා ඇෆ්ගනිස්ථානයේ සහා ඉරාකයේ පැවති යුධ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදුන් ඇමෙරිකාවේ හිටපු දක්ෂ සොල්දාදුවෙකි.

06. aclowe89

ඔහු ගැන වැඩි විස්තරයක් සන්දහන් නොවුණත් ඔහු දැනට වෙනත් දේශයක යුද පෙරමුණේ සිටින සෙබලෙකු බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් ඔහු ඉතා කඩවසම් නිසාම  දැනටමත් Instagram හි ජනප්‍රිය තරුවක් බවට පත් වී හමාරයි.

07. dr.james.nyc

30 වන වියේ පසුවන Justin James නිව් යෝර්ක් හි සේවය කරන වෛද්‍යවරයෙකි.ඔහුගේ පෙනුම ග්‍රීක දෙවි කෙනෙකුගේ ශරීර ලක්ෂණ වලට සමාන බව බොහෝ දෙනෙක් විසින් අදහස් දක්වා තිබේ. ඔහුගේ සිරුරේ හැඩයත් කොණ්ඩා විලාසිතාවත් නිසා ඔහුගේ ආකර්ෂණීය බව දෙගුණ තෙගුණ වී තිබෙන බව දැකිය හැකියි.

08. pilotamireh

කැප්ටන් Anas ගේ Instagram පි‍ටුවේ  pilot නිල ඇඳුමින් සැරසී ලබාගත ඡායාරූප ‍රැසක් දැකගත හැකියි. ඒ වගේම ගුවන් නියමු ක්ෂේත්‍රය ගැන ඔබ උනන්දුනම් , ඔහු විසින් මෑතකදී ආරම්භ කර ඇති ඔහුගේ blog අඩවියෙන් තොරතුරු ‍රැසක් දැනගන්නට ඔබට හැකියාව ලැබේවි.

09. al-7jraf

මොහු ගිණි නිවන භටයෙකු ලෙස සේවය කරන තරුණයෙකි. මොහු ගැන වැඩි විස්තරයක් සඳහන් නොවුණත් ඔහුගේ ඡායාරූප වලින් නිල ඇඳුමට ඔහු කොතරම් කඩවසම් ද කියා දැකිය හැකියි.

10. pilotpatric

28 හැවිරිදි වියේ පසුවන  patrick ජර්මානු ජාතිකයෙකු වන අතර ඔහු බාර්සිලෝනා සහා බර්ලින් ප්‍රදේශ වල පෞද්ගලික ජෙට් යානා නියමුවරයෙකු ලෙස කටයුතු කරයි. කාය වර්ධන ව්‍යායාම් පිලිබඳ ඉගැන්වෙන blog අඩවියක්ද ඔහුට හිමියි.