ලොව කඩවසම්ම පාපන්දු ක්‍රීඩකයින් 10 දෙනා

ලොව ජනප්‍රියම අංක #1 ක්‍රීඩාව වන්නේ පා පන්දු ක්‍රීඩාවයි. මෙම ක්‍රීඩාව වටා නිර්මාණය වී ඇති පාපන්දු ලෝලීන්ගේ ප්‍රේක්ෂකාගාරය සිතාගත නොහැකි තරම් රටවල් ගණනාවක විහිදි ඇත්තකි. පාපන්දු පිටියේ බොහෝ දෙනෙකු පෙනුමින් නලුවන්ටත් වඩා කඩවසම් බව නොරහසකි. පාපන්දුවෙන් ලොවක් වසඟ කල දක්ෂ ක්‍රීඩකයින් අතරින් ලොව අතිශය කඩවසම් පාපන්දු ක්‍රීඩකයින් 10 දෙනාගේ ලැයිස්තුව තමයි මේ.

Asmir Begovic

බොස්නියානු ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් පන්දු රකින්නෙකු ලෙස තරඟ කරන ඔහු මේ වන විට පසුවන්නේ 28 වන හැවිරිදි වියේය. ඔහුගේ උස අඩි 6’6 කි. ඔහු එරට Cheslea Football Club හි සාමාජිකයෙකුද වේ. ඔහුට පාපන්දු ක්‍රීඩාවට මෙන්ම ඉංග්‍රීසි,ප්‍රංශ,ජර්මානු බස සහා බොස්නියානු බස චතුරව හැසිරවිය හැකි දක්ෂයෙකු ලෙස ද ප්‍රචලිතය.

Yaya Toure

Manchester City Football Club හි සාමාජිකයෙකු වන 33 වන හැවිරිදියේ පසුවන මොහු Ivory Coast ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියි.2015 වසරේ පැවති ‘African Cup of Nations’ පාපන්දු තරඟාවලියේදි ඔහු ඉහළ දස්කම් දැක්වූවේය. ඔහු 2018 වසරේ ලොව සරාගීම පාපන්දු ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුවට ද ඇතුලු විය. ඔහු Puma’, ‘Nissan’ සහා Airtel Africa’ යන සමාගම් වල සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කරයි.

Claudio Marchisio

30 හැවිරිදි Claudio ඉතාලි ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු Juventus  පාපන්දු කණ්ඩායමේ සාමාජිකත්වය ද දරයි. ඔහුගේ ඇස් සහා ‍රැවුල් විලාසිතාව කාන්තා ආකර්ෂණය දැඩිව ලැබීමට හේතුවක් වී ඇති බව පෙනේ. ඔහු Hugo Boss වෙළඳ සන්නාමය වෙනුවෙන් නිරූපණ ශිල්පියෙකු ලෙස ද දායක වෙමින් සිටියි.

Theo Walcott

එංගලන්ත පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කරන Thoe එරට සිටින දක්ෂ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහුගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය නිසාම ඔහු ඉතා දක්ෂ ක්‍රිඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියි. ඔහුගේ සමාජ ජාලා ගිණුම් වල වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් කාන්තාවන් වීම ඔහුට ඇති ආකර්ෂණය හොඳින් තහවුරු කරයි. ඔහු ලොව සරාගීම පාපන්දු ක්‍රීඩක ලැයිස්තුවේද ඉහළින්ම නම් දරා සිටින ක්‍රීඩකයෙකි.

James Rodriguez

වයස අවුරුදු 24 ක් වන ඔහු රියල් මැඩ්‍රිඩ් සහා කොලොම්බියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහුගේ කඩවසම් පෙනුම නිසාම ඔහුට ලැබෙන කාන්තා ආකර්ෂණයෙන් නම් කිසිම අඩුවක් නැති බවයි අසන්නට ලැබෙන්නේ. 2014 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී තරඟාවලියේ අපේක්ෂිත ගෝල සියල්ල ‍රැස් කල හොඳම ලකුණු ‍රැස්කරන්නා බවට පත්වීමට ඔහු සමත් විය. 2010 වසරේ ඔහු Daniela Ospina සමඟ විවාහ වූයේය.

Sergio Ramos

ඔහු Real Madrid සහා ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරන දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියි.

Oliver Giroud

27 වන හැවිරිදි වියේ පසුවන ඔහු Arsenal පාපන්දු කණ්ඩායම සහා ප්‍රංශ ජාතික කණ්ඩායම නියෝජනය කරන පාපන්දු තරුවකි.ඔහු නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කරමින් සිටියි.

Neymar Jr. Dos Santos

බ්‍රසීල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු ලෝකයේම දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගැනීමට සමත් වූ පාපන්දු ශූරයෙකි.  බ්‍රසීල කණ්ඩායමේ නායකත්ව ධූරය දරන්නේ ද ඔහුයි. ඔහුගේ කොණ්ඩා විලාසිතාවන් විලාසිතා ‍රැළි නිර්මාණය කිරීමට සමත් ඒවා බව නොරහසකි.

David Beckham

එංගලන්ත පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල ඔහු මේ වන විට පාපන්දු ක්‍රීඩාවට සමුදී තිබෙනවා. ඔහු මේ වන විට පසුවන්නේ 41 වන වියේයි. නමුත්,  ලොව කඩවසම්ම පාපන්දු ක්‍රීඩකයෛන්ගේ ලැයිස්තුවේ තවමත් ඔහුට ලැබී ඇත්තේ ඉතා ඉහළ ස්ථානයක්. ආකර්ෂණීය පෞරුෂත්වය සහා විලාසිතානුකූල බව නිසාම ඔහුට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ නම් අඩුවක් නැති බවයි පෙනෙන්නේ. ඔහු මේ වන විට ඔහුට අයත් ව්‍යාපාර කටයුතු සහා වෙනත් ව්‍යාපාර සන්නාම සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටියි.

Christiano Ronaldo

එදා මෙදා කාලය තුල පාපන්දු පිටියෙන් බිහි වූ කඩවසම්ම සහා සරාගීම පාපන්දු ක්‍රීඩකයා ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ. කවුරුත් ඊට විරුද්ධ වන එකක් නම් නැහැ. මොකද ඔහු ඒ තරමටම හැඩකාර වගේම දක්ෂ පාපන්දු ලෝක ශූරයෙකු නිසා. ඔහුගේ කැපී පෙනෙන උස සහා ආකර්ෂණිය කාය ලක්ෂණ නිසාම ඔහුගේ නම පාපන්දු ක්‍රීඩාවට උනන්දුවක් නැති අය අතරේ පවා ජනප්‍රිය වී ඇත. පාපන්දු ලෝක වාර්ථා පවා පිහි‍ටුවීමට සමත් වී ඇති ඔහු වර්තමාන පෘතුගාල පාපන්දු ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරමින් සිටියි.