ලොව ඇති අමුතු ආකාරයේ ‍රැකියා 13ක්

තමන්ගේ ‍රැකියාව ගැන තෘප්තිමත් නැති සහා එහි ඒකාකාරි බවින් විඩාවට පත් වූ බොහෝ දෙනෙක් අපි අතරේම ඉන්නවා. ඇතැම් ‍රැකියා වල ස්වභාවය ගැන අපට සිතාගත නොහැකිතරමට වෙනස්. මෙහෙම ‍රැකියා ලෝකයේ තියනවාද කියා පුදුම හිතෙන තරමේ දේවල් වල පුද්ගලයින් නිරත වෙලා ඉන්නවා. ලෝකයේ ‍රැකියා වල විවිධත්වයක් පවතිනවා. ඒවා අතරේ 8-4 වැඩමුර සංකල්පයට එහා ගිය අමුතු ආකාරයේ ‍රැකියා කිහිපයක් තිබෙනවා .
මේ ‍රැකියා ගැන ඔබ මුළින්ම දැනගන්නේ අද වෙන්න පුලුවන්.

තුරුල්කරගැනීම වෘත්තීය කරගත් ‘’Professional Snuggler’ ‍රැකියාව

හුදකලාව සිටින ඔබව කවුරුන් හෝ තුරුල් කරගන්නවානම්, උණුසුම් කරනවානම් කියා සිතෙනවා නම් ඒ සඳහා විශේෂ වූ සේවාවක් ඇතැම් රටවල් වලදී ලබාගැනීමට ඔබට දැන් හැකියාව තිබෙනවා. ඒ සඳහාම සූදානමින් සිටින වෘත්තීයවේදී තුරුල්කරගන්නන් සපයන ආයතන ගණනාවක්ම බිහිවී තිබෙනවා. මේ විදියේ තුරුල් කරගැනීමේ සේවාවක් සඳහා පැයකට ඩොලර් 60-80 ක් පමණ ඔබට වියදම් කිරීමට සිදුවෙනවා.

වතුරට වැ‍ටුණු ගොල්ෆ් බෝල ඇහිඳීම වෘත්තිය කරගත් ‘Golf Ball Diver’ ‍රැකියාව

මේ ‍රැකියාවේදී සිදුකිරීමට තිබෙන්නේ විල් ,පොකුණු ආදී ජලය පිරුණු තැන් වලට වැ‍ටුණු ගොල්ෆ් බෝල ඇහීඳීමයි. විශේෂයෙන්ම අපිරිසිදු, මඩ පිරුණු ,ඇල්ගී ගහනය සහිත ඇතැම් විට සර්පයන් පවා සිටින තැන් වල තමයි ඔවුන්ට රාජකාරියේ යෙදෙන්නට සිදුවෙන්නේ.

සුරතල් සතුන්ගේ ආහාර රසපරීක්ෂක හෙවත් ‘Pet Food Tester’

සුරතුල්ට ඇති ආදරය නිසාම ඔවුන්ගේ ආහාර වල තත්වය පරීක්ෂාකරගැනීමට බොහෝ දෙනෙක් උනන්දුවෙනවා. මේ රසපරීක්ෂකවරු විසින් ඔබේ සුරතලාගෙ ආහාර වල තත්වය සහා රසය ප්රාමිතියට අනුකූලද කියා සහතික කරනු ලබනවා. ආහාර සුරක්ෂිතතාව සුරතලාටත් සමානව ලැබිය යුතුයි කියායි ඔවුන් විශ්වාස කරන්නේ.

ඇඳේ තත්වය පරීක්ෂා කරන ‘Bed Tester’

ඔවුන්ගේ රාජකාරිය තමයි මෙට්ට සහා කොට්ට වල තත්ව පරීක්ෂාව සිදුකිරීම. ඒ කියන්නේ ‍රැකියාවේදී නිදාගන්නවාට තමයි මේ අයට පඩි ගෙවන්නේ. මෙට්ට වල වල ගැසුණු හෝ ඉදිමුම් ස්වභාවයක් තිබේද කියා වගේම ඇඳේ දාර ශක්තිමත් ද වගේ දේවල් තමයි ඔවුන්ට පරීක්ෂා කිරීමට තිබෙන්නේ.නමුත්, ලෙහෙසියි වගේ පෙනුනත් මේක ඉතා අපහසු රාජකාරියක් කියලයි කියන්නේ.

කඩදාසි තුවා පරීක්ෂක හෙවත් ‘Paper Towel Sniffer’

ඔබ භාවිතා කරන කඩදාසි තුවා සුවඳින් යුක්ත හෝ එසේ නොවන ආකාරයෙන් නිපදවා තිබිය හැකියි. කොහොමවුණත්, ඔබට කලින් මේවාගේ සුවඳ පරීක්ෂාව වෘත්තියෙන්ම සිදුකරන අය ඉන්නවා. මේවා නිෂ්පාදනය කරන ආයතනවල සේවය කරන මොවුන් කඩදාවි තුවා වලින් අමිහිරි දුගඳක් හමනවාද , හොඳ සුවඳකින් තිබෙනවා ද කියා පරීක්ෂා කරනු ලබනවා.

Face Feeler

ඔවුන් සේවය සපයන්නේ සම සම්බන්ධ නිෂ්පාදනයන් සිදුකරන ආයතන වලයි. එම නිෂ්පාදන අලුතින් භාවිතා කරන අයගේ සම ස්පර්ෂ කරමින් යම් කිසි වර්ධනයක් හෝ නිෂ්පාදන වලින් ලැබුණු ප්රරතිඵල තිබේ දැයි පරීක්ෂා කරනු ලබනවා. ඒ සඳහා සංවේදී විශේෂ හැකියාවක් තිබිය යුතු වෙනවා. හැමෝටම කල නොහැකි වගකීමක් සහිත ‍රැකියාවක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ. එහිදී ලබා ගන්නා අත්දැකීම් අනුව නිෂ්පාදනයක් භාවිතයට සුදුසුද හෝ සුදුසු නොවේද කියා නිර්දේෂ කිරීමට ඔවුන් වගකීමෙන් බැඳී සිටිනවා.

ඔබ වෙනුවෙන් පෝලිමේ ‍රැඳිසිටින ‘Line Stander’

පෝලිම් වල රස්තියාදු වෙන්න අපි කවුරුත් අකමැතියි. නමුත්, ඒ වෙනුවෙන් මුදලට කෙනෙක් කුලියට ගැනීමට දැන් ඔබට හැකියි. පැය ගණනක් ‍රැඳි සීටීමට වෙන අවස්ථාවක නම් මේ සේවය ඉතාම වටිනවා.

විනෝදජනක ජල ක්රීමඩා පරීක්ෂා කරන ‘Water Slide Tester’

ජල උද්‍යානවන වල සේවය කරන මේ අය විසින් water slider වැනි ජල ක්රී ඩා සැකසුම් මිනිසුන්ගේ භාවිතයට සුදුසු තත්වයේ තිබෙනවාද කියා පරීක්ෂා කර බලනවා. ඔහුගේ වගකීම් වෙන්නේ වාර ‍රැසක් එහි පහළට ගමන් කරමින් අවශ්ය ය වන ජල ප්රඔමාණය නිශ්චය කිරීම, පහළට ගමන් කිරීමට ගත වන සම්පූර්ණ කාලය ගණනය කිරීම, කොතරම් ආරක්ෂාකාරීද සහා විනෝදජනකද කියා තහවුරු කිරීමයි. මෙයත් අපහසු ‍රැකියාවක් වන බවයි පැවසෙන්නේ.

‘Snake Milker’

සර්ප විෂ හොඳ ඖෂධයකි. විශේෂයෙන්ම ප්ර ති-විෂ නිෂ්පාදනයට මේවා බහුලව භාවිතා වේ. ඒ වෙනුවෙන් වාර්ෂිකව සර්ප විෂ විශාල ප්රිමාණයක් අවශ්යාය වෙනවා. සර්පයින්ව (ඇතැම් වර්ග පමණක්) ප්ලාස්ටික් බහාලුම් වලට දමා ඔවුන්ගෙන් විෂ ලබා ගැනීම සහා කිරි පෙවීම තමයි මොවුන්ගේ රාජකාරිය වෙන්නේ. සර්පයින්ගේ ජීවිත ආරක්ෂාකරමින් ඔවුන්ව ‍රැකබලාගැනීමට මොවුන් යොදවාතිබෙනවා.

ශරීරාංග නිරූපිකාවන් නැතිනම් Body Part Model රැකියාව

නිරූපිකාවක් වීමට නම් හැඩැති සිරුරක් සහා අතිශය සුන්දර කමක් තිබිය යුතුමයි කියා නිර්ණායක තිබෙනවා. නමුත්, මේ ගුණාංග නැතත් යම් කෙනෙකුගේ අත්, කකුල් ඉතා ආකර්ෂණීය ස්වභායක් ගනියි නම් එවැනි අය සඳහා තිබෙන ‍රැකියාවක් තමයි මේ. නිෂ්පාදනවල ප්රයචාරණයට අදාලව සිරුරේ ස්වභාවයන් නිරූපණය කිරීමට කැත හෝ ලස්සන භේදයකින් තොරව පෙනී සිටිමට හැකියාව තිබෙනවා.

පණුවන් ඇහිඳින්නා( ‘Worm Picker’)

මාලු බෑමට යන අයට පණුවන් විකිණීම තමයි මොවුන්ගේ ‍රැකියාව වෙන්නේ. ඒ වගේමයි ඇතැම් සාප්පුවලටත් ඔවුන් පණුවන් සපයනු ලබනවා.

‘Stunt Tester’

‘X Factor or Fear Factor’ වැනි රූපවාහිනි වැඩසටහන් වල කෘමීන් පණ පිටින් ආහාරයට ගැනීමට අභියෝග කරන වැඩසටහන් සඳහා සේවය සැපයීමයි මොවුන් විසින් සිදුකරනු ලබන්නේ. මේ අප්රිහයජනක අභියෝගය වන කෘමීන් ඇත්තෙන්ම ආහාරයට ගැනීමට සුදුසු තත්වයේ සිටියි දැයි පරීක්ෂා කිරීම තමයි මේ අයගේ රාජකාරිය වෙන්නේ. ඇත්තෙන්ම එහිදී වෙන්නේ අභියෝගයට ලක් වෙන අය වෙනුවට මේ අය ආදේෂක ලෙසින් නැතිනම් Stunt ශිල්පීන් ලෙසින් භාවිතාකිරීම. ඔවුන්ගේ ජීවිත අවදානමේ හෙලමින් අන් අයට සිදුවිය හැකි අනතුරු වලින් වළක්වාගැනීමයි ඔවුන් එහිදී සිදුකරන්නේ. මේ ‍රැකියාවේ ඇති අවදානම් ස්වභාවය නිසාම මේ අයට ඉහළ ගෙවීමක් ලැබෙන බවයි පැවසෙන්නේ.

‘Armpit Sniffer’
‘Deodrant’ නිෂ්පාදන ආයතන වෙනුවෙන් සේවය කරන මේ අයට පැවරෙන රාජකාරිය තමයි එම නිෂ්පාදන භාවිතයේදි තත්වය පරීක්ෂාකිරීම. ඔවුන් ග්රීකෂ්මයෙන් යුත් කාමරවල හෝ පිටත තැන් වල තමයි දවසේ බොහෝ කාලයක් වැයකරන්නේ. පැයකට කිහිළි 60 ක් ඉවකරමින් පරීක්ෂා කිරීමට මොවුන්ට සිදුවෙනවා. ඔවුන්ගේ අරමුණ තමයි නිෂ්පාදනය කොතරම් ඵලදායිද කියා හඳුනාගැනීම. ඒ අනුව ඔවුන්ගේ සොයාගැනීම් වාර්තා ලෙස සකස් කරමින් ආයතනයට දැනුම් දීමයි ඔවුන් සිදුකරන්නේ.