‘ලමයි වඩාගන්න මම ගොඩක් බයයි’ ළඟදී මවුපදවිය ලැබූ ජනප්‍රිය නිලි තාරුකා කියන කතාව

අහිංසක දක්ෂ නිහතමානි මෙන්ම ප්‍රවිණ රංගන ශිල්පනියක වන ඇය නමින් මුතු තරංගා.පුංචි පැටියෙකු ලැබිමත් සමඟ කිරි සුවඳ මුළු ගෙදරම පිරිලා යද්දි අද අපි මේ සොදුරු කතා බහ ඇය සමගයි. ජිවිතේ සතුට කියන දේ මුතුගේ ලෝකේට අලුත් දෙයක් නොවුනත් අද ඒ සතුට දෙගුන තෙගුන වෙලා කියන්න සැකයක් නෑ. ඇය මේ දිනවල මුළු ජිවිතයම සිය පුංචි පුතුට කැප කර ඇති බවට ඕනම කෙනෙකුට හැගෙන්නේ ඇය නිර්මාණ කටයුතු වල දකින්නට නැති නිසා. හැමෝම ඇය දැන් මවක් විදිහට දකිද්දි ඇය විදින සතුට ඇය ලබන හැඟීම ගැන ඇය පැවසුවේ මෙහෙම දෙයක් “දරුවෙක් කියන්නේ ඕනිම විවාහ වුන දෙන්නෙක්ගේ බලාපොරොත්තුවක්. ඉතින් මටත් ඒ බලාපොරොත්තුව එහෙම්ම තිබ්බා. මවක් කියන හැගිම විදින්න අනිවාර්යයෙන් මවක් වෙන්නම ඕනි. මොකද ඒක උත්තරිතර පදවියක්. ඇත්තටම අම්මා කෙනෙක් වුනහම කෙනෙක් ලබන හැගිම මමත් වින්දා.” කියලයි.

මුතු තරංගා කියන්නේ ඇත්තටම සුන්දරත්වය පිරි ශිල්පිනියක්. ඇයට උපතින්ම ඒ දායාදය ලැබිලා තියෙද්දි ඇය මවක් විමත් සමඟම තවත් ඇය පිරිපුන් සිරියාවන්ත වු බවට සැකයක් නෑ. කෙසේ වුවත් ඇය තව ටික කාලයක් යන තුරු නිර්මාණ වලට දායක නොවෙන බවයි අපිට පැවසුවේ. ඒ මොකද ඇය සිය ජිවිතේ දැන් පුතුට කැප කර අවසන්. ඒ නිසාම ඇය කලා කටයුතු වලින් ඈත්ව සිටින බවයි. ඇය අවසාන වතාවට ප්‍රේක්ෂකයන් හමුවට ආවේ “රැස්” ටෙලි නාට්‍ය සමඟින්. ඉතින් මේ වෙද්දි ඇයව නැවතත් ⁣රංගන ශිල්පිනයක් ලෙස දකින්න ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ ගොඩක් ආසාවෙන්.

ඇයට රංගනය මෙන්ම ගායන හැකියාවද උපතින්ම හිමිවෙලා තියෙනවා ඉතින් ඇය ඇයගේ ගායන හැකියාව පිලිබඳ කිවුවේ මේ වගේ කතාව “මට ගීත ගයනා කරන්න පුළුවන්. ගොඩක්ම නෙවෙයි හැබැයි යම්තාක් දුරට ඒ හැකියාව තියෙනවා. එත් මම මේ දවස් වල දරු නැළවිලි ගී තමා කියන්නේ. මොකද පුතා මට ඒකට අවස්ථාව දිලා තියෙනවා” කියලයි. මවක් වු ගැහැණියක් කෙතරම් වෙනස් වෙනවාද. මුතූගේ කතා බහ පුරාවටම දෝරේ ගැලුවේ මවගේ සෙනෙහස ආදරය. ඒ කොහොම වුනත් මුතූ රංගනයටවත් ⁣පොඩි දරුවෙක් අතට ගන්න බයයි කියලා අපිට ආරංචි වුනා. ඒ නිසා ඒ ගැන අපි ඇ⁣යගෙන්ම ඇහුවා. “මට සමහර නිර්මාණ වල දරුවන් වඩාගෙන රංගනය කරන්න තිබුනා. මම ඒ අවස්ථා බැහැ කියා පැවසුවා. මොකද මම දරුවෝ අතට ගන්න බයයි. අනික මට දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් දැක්කත් බය හිතුනා ඒ කාලේ. හැබැයි අද තත්වය වෙනස්. මට දැන් ඒ හැමදේම සාමාන්‍ය වෙලා.” කියලයි. මුතූගේ පුංචි පැටියා බලන්න ⁣ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආසාවෙන් ඉන්නවා කියන්න දන්නවා. නමුත් වෛරසය නිසාම ඇය රංගනයෙන් ඈත්ව දරුවාගේ ආරක්ෂාව ගැන සිතන නිසාම, අද නැතත් තව ටික දිනකින් ඇගේ මුළු නිවසම ⁣බොහෝ තරූ වලින් පිරෙන බවට සැකයක් නැති බව ඇයද පවසා සිටියා.

01.

02.

03.

04.

05.

06.

07.

08.