යුගදිවියට පිවිසි විනු සිරිවර්ධන කසුන් සමග මදුසමය ගතකරනහැටි මෙන්න

පහුගිය කාලය කලා ලොවේ ගොඩක් අයට මංගල සීනු හැඩවුණු කාලයක්. ඒ අතර හිටපු ගොඩක් සුන්දර වගේම ආකර්ශනීය මනාලියක් තමා විනු සිරිවර්ධන කියන්නේ ඉතින් අපි හිතුවා යුගදිවියට එළඹී විනු එක්ක ටිකක් කතා කරන්න මුලින්ම සුබ පතනවා විනු කසුන් දෙපළට සුබ අනාගතයකට කියලම අපි කතාව පටන්ගත්තා, අපි මුලින්ම විනුගෙන් අහපු පළමු පලවෙනි ප්‍රශ්නය තමයි විනුගේ අනාගත සැලසුම් මොනවද කියන එක ඉතින් ඒ ගැටලුවට විනු දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරක් ඇත්තටම නොහිතපු විදියට ගොඩක් දේවල් ලස්සනට සිද්ධ වුණා. ඒ ගැන ගොඩාක් සතුටුයි ඉතින් මම හිතනවා මට ලැබුණේ හොඳම කෙනා කියලා. මගේ ජිවිතේ ඉදිරි සැලසුම් වගේ හැමදෙයක්ම සාර්ථකව කර ගන්න පුළුවන් ගොඩක් හොඳ සහයෝගයක් දෙන සැමියෙක් මට ලැබිලා ඉන්නේ. මොකද ඒකට හොඳම උදාහරණය මගේ විවාහ උත්සවය. මම හිතපු විදියටත් වඩා ඒ දවස ලස්සන කර ගන්න ලොකුම ශක්තියක් වුණේ එයා. මගේ පවුලේ අය සහ ඔහුගේ පවුලේ අය එක්ක ඔහුගෙන් ඒ ලැබුණු ඒ ශක්තිය ධෛර්ය සහයෝගය නැත්නම් ඒ තරම් ඒ දවස ලස්සන නොවෙන්න තිබ්බා. ඉදිරියටත් ලොකු ලොකු බලාපොරොත්තු තියෙනවා. ඒ හැම දේටම ඔහුගේ සහයෝගය අඩු නැතුව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා”.

ඔන්න ඔය විදියට තමා විනු අපිට සැමියා ගැන සහා අනාගත් බලාපොරොත්තු ගැන කිවුවේ, විනු – කසුන් ආදර කතාව පටන් අරන් තියෙන්නේ විවාහ යෝජනාවකින් ඇය ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක් ඇත්තටම මේක විවාහ යෝජනාවක් වුණාට අපිට ඒක ආදරයකට පෙරලා ගන්නනම් ලොකු කාලයක් ගියේ නැහැ. අපේ ආදර සම්බන්ධය ගොඩක් ඉක්මනින් ගොඩ නැගුණා. ඒ දැනුණු බැඳීම් සහ ශක්තිය තමා අපේ ආදර විවාහයක් තරම් දුරට ගෙනාවේ. මේ වෙද්දී අපි දෙන්නටම දැනිලා තියෙන එකම දේ තමයි අපේ ආදරේ පෙර ආත්මයේ ඉඳන්ම පතාගෙන එන්න ඇති කියන එක.

හැබැයි විවාහ දිනය වෙනකන් විනු තමන්ගේ පෙම්වතා ගැන වචනයක් වත් කිවුවේ නෑ අපි නිකමට වගේ විනුගෙන් ඇහුවා ඇයි ඒ කියලා ඇත්තටම ඒකට විශේෂ කාරණා දෙකක් බලපෑවා. එකක් තමයි මම හිටියේ මේ ගැන වැඩිපුර කාටවත් කියන්නේ නැහැ කියන තැන සහ එයා කාලයක් ආශ්‍රය කරලා බලන්න ඕනේ කියන තැන. පවුල් දෙකේ අය හැරුණම මගේ පාසල් මිතුරියන් දෙදෙනෙක්විතරයි කසුන් ගැන මුල ඉඳන්ම දැන ගෙන හිටියේ. අනික් අතට මාධ්‍යට මගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය නැහැ කියන තැන මම ඉන්නවා. පෙම්වතා ගැන කලින් හෙළි නොකළ හේතු ගැන අපිට කිවුවේ ඔය වගේ කතාවක් ඉතින් විනු සිරිවර්ධන සිය සැමියා සමඟින් ලබා ගත් ‍නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. මේ එම චායාරුප ටික

01.

02.

03.

04.

05.