ලංකාවේ ළාබාලතම මහාචාර්යවරියගේ සුන්දර චායාරූප කිහිපයක් මෙන්න

කාලය යනු ආපසු ගත නොහැකි සම්පතක්. අපේ ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක්ම ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා ඒම කාලය ක්‍රමවත්ව කලමනා කර ගැනීම ගොඩක් වැදගත්. ඉතින් අපි අද කතා කරන්නේ එම කාලය කළමනා කරණය කරගෙන අධ්‍යාපන කටයුතු සිදු කර ළාබාල වයසින් මහාචාර්යවරියක් වූ වාසනා මෛත්‍රී හේරත් පිළිබඳව. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වූ වාසනා මෛත්‍රී හේරත්, සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයක් හිමි කරගත් මෙරට ළාබාලතම මහාචාර්යවරිය බවට පත්වෙනවා. මෙම පත්වීමත් සමග ඇය මෙරට සිටින ජනසන්නිවේදනය මහාචාර්යවරුන් අතලොස්ස අතරට, සන්නිවේදන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වෙනවා.

බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා යන විද්‍යාලයවලින් අධ්‍යාපනය ලැබූ වාසනා මෛත්‍රී හේරත් අද්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ කලා අංශයෙන් ඌව පළාතේ විශිෂ්ටතමයන් අතරට එක්වෙමින් A සාමාර්ථ හතරක් ලබාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුත් වෙනවා. ඉන්පසු එම විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ පළමු පංතියේ ගෞරව සාමාර්ථයක් සමඟින් විශේෂවේදී උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා. පසුව ඇය එම විශ්වවිද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස 2004 වසරේදී කටයුතු කරනවා, පසුව ඇය රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස පත්වෙනවා. ඉන්පසු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක කථිකාචාර්යවරියක් ලෙස හේරත් මහත්මිය රාජකාරි අරඹන්නේ වර්ෂ 2006දී. පසුව එම විශ්වවිද්‍යාලයේම කළමනාකරණ පීඨයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කළ වාසනා මෛත්‍රී 2014 වසරේදී ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරියක් ලෙසද කටයුතු කිරීම ආරම්භ කරනවා. 2017දී පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බවට පත්වූ හේරත් මහත්මිය ඒ සියලු කඩඉම් පසුකොට මේ වන විට සන්නිවේදන විද්‍යා පිළිබඳ මහාචාර්ය පදවියද හිමි කරගෙන තිබෙනවා ඉතින් බොහොම කෙටි කාලයකින් ලංකාවේ සිටින ජනසන්නිවේදනය මහාචාර්යවරුන් අතලොස්ස අතරට එක වුන අයට අපි හදවතින්ම සුබපතමු නේද

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.