ලංකාවේ හුරතල්ම නිළිය මිෂෙල් දිල්හාරාගේ සුන්දර චායාරූප 25ක්

අපේ රටේ හැමෝගෙම වගේ ආදරේ දිනාගෙන ඉන්න ගොඩක් සුන්දර ඒ වගේම ගොඩක් චාම් සරල රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියන්නේ. 1996 වසරේ උපන් ඇය නිළියක වගේම, කතුවරියක්, සමාජ ක්‍රියාකාරිනියක්, ගායිකාවක්, වගේම ජාත්‍යන්තර කරාටේ රන්පදක්කම ලාභිනියක්ද වනවා. මිෂෙල්ගේ කුඩා කාලයේ එකම හීනය වුනේ ගුරුවරියක් වෙන එකලු. ඒ වගේම ඇය රංගන රංගන ශිල්පිනියක් වෙන්නත් ගොඩක් ආස කලාලු. හැබැයි රංගන ශිල්පිනියක් වෙන්න කලින් ඇය ඇයගේ හීනය ඇය සැබෑ කරගෙන තිබ්බා ඒ ළමා නිවාසයක සහ වැඩිහිටි නිවාසයක ස්වෙච්ඡා ගුරුවරියක විදිහට සේවය කරලා.

මිෂෙල් කියන්නේ නිලියක් වගේම සමාජ සේවිකාවක් ලෙසත් ගොඩක් ප්‍රසිද්දයි ඉතින් ඇයට ඒ දේවල් වලට ගෙදරින් ලැබුණු සහයෝගය පිළිබඳව අපිට කිවුවේ මෙහෙමයි, ”මම මේ හැම දෙයක්ම කළේ මගේ අම්මා තාත්තාගේ ආශිර්වාදය ඇතිව. ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ ලොකුම හයිය වුණේ. අවුරුදු දෙකක් විතර මම ළමා නිවාසවල ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට සේවය කළා. 2016දී මම මුලින්ම මගේ ටෙලිනාට්‍ය වුණ සල්සපුනා ටෙලිනාට්‍යයේ රඟපෑවා. එතනින් පස්සේ මට මාධ්‍යවලින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හරහා මම කරගෙන ආපු සමාජ සේවා කටයුතුවලට මට පිරිස එකතු වුණා. අදටත් මම මට රඟපාලා ලැබෙන මුදලින් 60% සමාජ සේවා කටයුතුවලට වෙන් කරනවා ” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න මිෂෙල් දිල්හාරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.