ලංකාවේ නැති ලෝකේ අනිත් රටවල්වල ඇති අපූරු දේවල් 10 ක්

ලෝකයේ විවිධ රටවල් වල පවතින්නේ එකිනෙකට වෙනස් වූ අසමසම සංස්කෘතින් සහා සම්ප්‍රදායන් ය. ඔවුන් විසින් අනුගමනය කරන ඇතැම් ආචාර විධි සහා පුරුදු තේරුම් ගත හැක්කේ ස්වදේශිකයින්ටම පමණි. කොහොම වුණත් විදේශයන් හි සංචාරය කරන විට ඒ ඒ රටවල සංස්කෘතීන් වල ගරු කරමින් විනීතව හැසිරීම ඉතා වැදගත් දෙයකි. ඇතැම් අවස්ථා වල ඔබේ හැසිරීම්,ප්‍රකාශනයන් සහා පිළිවෙත් ඒ ඒ රටවල් වල පුද්ගලයන් විසින් තමන්ට සිදුකල අවමානයක් අපහාසයක් ලෙස සිතීමට ඉඩ තිබෙනවා. ඒ ඒ රටවල තිබෙන වෙනස් වෙනස් දේවල් ගැන විවේඡානාත්මකව බලන එකනම් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. ඒ නිසා හැකිතාක් ඒවාට ගරුකරන එකයි ඔබට කල හැකි හොඳම දේ වෙන්නේ.අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඇතැම් විදේශ රටවල් වල පවතින එවැනි අසාමාන්‍ය දේවල් කිහිපයක් පිලිබඳවයි. විනෝද වෙන්න යන ගමන අතරතුරදී ගැටලු- අපහසුතා ඇති කරගන්න ඕන නෑ නේද? එහෙනම් පහත සඳහන් රටවල් වල සංචාරය කරන විට මේ කරුණු ටිකත් මතකයේ තියාගන්න!

ජපානයේ බොහෝ මාර්ග වලට නම් නොමැත.

 ජපානයේ මාර්ග සඳහා නම් වෙනුවට භාවිතා වන්නේ කොට්ඨාස (block) සහ කාණ්ඩ අංක වේ (section numbers). “මම වැඩකරන්නේ 6 වන block එකේ”, “මම ජීවත් වෙන්නේ 3 වෙනි section” එකේ යැයි ඔවුන් තම ලිපින පවසති. නමුත්, ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග සඳහා නම් භාවිතා වේ. මෙම ක්‍රම ඉතා ක‍ටුක අත්දැකිමක් ලෙස මුලදි ඔබට දැනෙන්නට පුලුවන්, නමුත්, Map එකක් නිතරම ඔබ අතේ තබාගත්තොතින් තත්පර කිහිපයකින් ඔබට යාමට අවශ්‍ය තැන ඉක්මනින් සහ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔවුන් විසින් අනුගමනය කරන මේ ක්‍රමවේදය.විශාල නගරයක පාරවල් වල නම් හෝයන්වාට වඩා අංකයකින් සොයාගැනීමට තිබිම සංචාරකයින්ට හට ඇතිවන් ගැටලු අපහසුතා ‍රැසක් අව්ම කරවන අපූරු ක්‍රමයකි.

නෙදර්ලන්ත වැසියන් ජනෙල් හෝ දොර රෙදි තිර වසාදමන්නේ නැත.

නෙදර්ලන්තය වැනි ඇතැම් යුරෝපා රටවල ජනෙල් සඳහා ජනෙල් රෙදි (curtains) භාවිතා නොකරයි. එය ඉතා අසාමාන්‍ය දෙයක් සේ ඔවුන් සලකති. මේ නිසා ඕනම නිවසක ඇතුලත දෙස බලන විට පැහැදිලිව දැකිය හැකියි. පෞද්ගලිකත්වයට එය කොතරම් බාධාවක් ද කියා අපිට සිතෙන්න පුලුවන්. නමුත්, ඔවුන් හට එසේ සිතෙන්නේ නැත්තේ පෞද්ගලිකත්වය කෙරෙහි ඔවුන් තුල ඇති ආකල්ප අපට වඩා හාත්පසින්ම වෙනස් ඒවා නිසාය. ඇත්තෙන්ම කියනවා නම් එරට වැසියන් අනෙක් පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ඉතා ඉහළින් ගරුකරති. ඔවුන් කිසිවිටෙක වෙනත් අයෙකුගේ නිවස දෙස විපරමින් එබී බැලීම සිදුනොකරති.

සිංගප්පූරු  වැසියන් තම රෙදි වියළා ගන්නේ උණබට කණු වලය

සාමාන්‍යයෙන් අපි රෙදි වියළා ගන්නේ ලණු වැල් වල යි. නමුත්, සිංගප්පුරු වැසියන් භාවිතා කරන්නේ උණබටය. නමුත්, වර්තමානයේදී මේවා වෙනුවට ප්ලාස්ටික් බට භාවිතා කරන ආකාරයත් දැකිය හැකියි.

තුර්කියේ කුකුල් මස් වලින් වලින් සකසන අතුරුපස ඇත.

මස් වර්ග සාමාන්‍යයෙන් සකසන්නේ සැර අධික ආහාර වට්ටෝරු වලට අනුවයි. එක්කෝ කරියක්,බැදුමක්, සලාදයක් නැතිනම් සොසේජස්, හැම්,බේකන් වැනි මස් වලින් සැකසූ වෙනත් ආහාර ලෙසයි. නමුත් කුකුල් මස් රසකැවිල්ලක් විදියටත් සකසන බව ඔබ දන්නවාද? මෙම රසකැවිල්ල සකසන්නේ තුර්කි රටේයි. එය හඳුන්වන්නේ “tavuk gogsu” යන නමිනි. කුකුල් මස් වල පපු කොටස් යොදාගනිමිනි. ඒවා කැබලි කර,කිරි,බත්,සීනි සහ කුරුඳු රස මිශ්‍ර කරමින් අතුරුපසක් ලෙස සකසනු ලබයි. මෙය තුර්කියේ අතිශය ජනප්‍රිය සහ ප්‍රධාන අතුරුපස වලින් එකකි. එරට බොහෝ දෙනගේ ප්‍රියතම අතුරුපසක් වර්ගයක් ලෙස ද දැනගන්නට ලැබේ.

ප්‍රපාතය වැඩිම පඩිපෙළවල් සැකසුම් දැකිය හැකි රට වන්නේ නෙදර්ලන්තයයි.

නෙදර්ලන්තයේ නිවාස වල අනිවාර්ය ලක්ෂණයක් සේ පොදුවේ දක්නට ලැබෙන දෙයක් තමයි මෙම විශේෂිත අධික බෑවුමක් සහිත පඩිපෙළ නිර්මාණයන්. විශේෂයෙන්ම ගංවතුරට ඔරොත්තු දෙන ලෙස ඉදිකර ඇති පළලින් අඩු උසින් වැඩි උමං නිවාස  වල මෙසේ පඩිපෙළවල් ඉදිකර ඇත. නිවසට ගැලපෙන ලෙස වඩාත් ප‍ටු සහ බෑවුම සහිතව තරප්පු පෙළ සවිකල යුතු වීම ඊට හේතුවයි.

බ්‍රසීලයේ කාන්තාවන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම වෙනුවට භාවිතා කරන්නේ hair lightning හෙවත් රෝම වල පැහැය අඩුකරවන ක්‍රමයක් අනුගමනය කරති.

ලොව සෙසු රටවල් වල කාන්තාවන් අනවශ්‍ය රෝම ඉවත් කරගැනීම සඳහා එවා ගැලවිම, ලේසර් කිරිම, වැක්ස් කිරීම වැනි ක්‍රම භාවිතා කරද්දී බ්‍රසීල කාන්තාවන් ඒ සඳහා භාවිතා කරන්නේ වෙනස්ම ක්‍රමාය්කි. ඔවුන් ඒ සඳහා රෝම වල පැහැය ඇසට නොපෙනෙන තරමට ලා පැහැයකට පත්කරවන විශේෂිත ආලේපයක් භාවිතා කරති. ඒවා ඕනෑම බ්‍රසීල කඩසාප්පුවක විකිණීමට තබා ඇති රූපලාවන්‍ය නිෂ්පාදන වර්ගයකි (බොහෝ දෙනා මෙය සිදුකරන්නේ වෙරළ තීරයේ අව්ව තපිමින් සිටින විටයි. ඒවා සන්ස්ක්‍රීන් එකක් ලෙස ආලේප කරගනිති)

ජපානයේ ඇති ‘ඔෆුරෝ’ නම් ලී නාන තටාක

ඔෆුරෝ නම් සාම්ප්‍රදායික නාන තටාක නිර්මාණය කර ඇත්තේ ලී භාවිතයෙනි. වර්තමානයේ බොහෝ නාට තටාක සකසන්නේ ප්ලාස්ටික් හෝ මල නොබැ‍ඳෙන වානේ වලිනි. නමුත්, ඔබ ජපානයේ සංචාරය කලෝතින් ඔබට දැකිය හැකි වේවි සෑම නිවසකම මෙම ඔෆුරෝ තටාක තබා ඇති බවත් ජපන් වැසියන් ඉන් ස්නානය කිරීම චාරිත්‍රයක් ලෙස සිදුකරන බවත්.මෙම තටාකයට බසින් පුද්ගලයාගේ උරහිස් මට්ටමට ජලය පිරී පවතියි. ඉන්පසුව ජලයේ උණුසුම ‍රැකෙන පරිදි ලි පියන් වලින් එය ආවරණය කරනු ලබයි.

සම්ප්‍රදායට අනුව නිවසේ සෑම සාමාජිකයාම එකිනෙකාට පසුව මෙම ඔෆුරෝ තටාකයේ ජලය වෙනස් නොකර  එහිම ස්නානය කිරීම සිදුකල යුතුය. නමුත්, ඊට කලින් සියලු දෙනා හොඳින් ස්නානය කර සිටිති. ඉන්පසුව සියලු දෙනා තමන්ගේ වාරය එලඹුනු පසු මෙම තටාකයට බැස චාරිත්‍රානුකූල ස්නානය සිදුකරති. එකම ජලය භාවිතා කල ද ජලය අපිරිසිදු නැත.

කොලොම්බියාවේ ජනයා උණුසුම් චොකලට් පානයක් පිලිගන්වන්නේ ලුණුගැන්වූ චීස් කැබලි කිහිපයක් එයටම කලවම් කරමිනි.

කොලොම්බියාවේ චොකලට් පානය සමඟ චීස් මිශ්‍ර කරමින් පානය කිරීම ඉතා සාමාන්‍ය දෙයකි. සංචාරකයින් බොහෝ දෙනා පවසන්නේ මෙය අමුතු පුරුද්දක් පමණක් නොවෙයි තමන්ව පිස්සු වට්ටන රසවත් අත්දැකීම ද වුණු බවයි.

ප්‍රංශයේ, කිරි අසුරා තබන්නේ කාමර උෂ්ණත්වය තුලයි.

ප්‍රංශයේ සුපිරි වෙළඳසැල් වල අලෙවියට තබා ඇත්තේ උපරිම පාස්චරීකරණයට ලක් කල කිරි පමණි. මේ හේතුවෙන් ඒවා ශීතකරණයේ තබන්නේ නැත. එය එරට් අසාමාන්‍ය දෙයකි.

දකුණු කොරියාව තුල රතු තීන්ත පෑනක් භාවිතා කරද්දී දෙවරක් සිතන්න

මෙය taboo එකක් නැතිනම් සිදුනොකල යුතු දෙයක් ලෙසයි පිලිගැනෙන්නේ. දකුණු කොරියාවේදි, පුද්ගල්යෙකු රතු පෑනකින් නම ලිවීම සාම්ප්‍රදායිකව හැඳින්වෙන්නේ එම පුද්ගලයා මියගිය පුද්ගලයෙකු බවයි. එබැවින් ඔබ එරට සංචාරය කරනවා නම් කාට හරි සුබපැතුම් පතක් දෙද්දී රතු පෑනකින් එහෙම ලියන්න එපා!