ලංකාවේ ගොඩක් මිනිස්සු තවම හිතන්නේ ගොඩේ විදියට – මිහිරි

ලංකාවේ මොඩ්ලින් ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෙනා දරන්නේ හොඳ මතයක් නම් නෙවෙයි ඒ වගේම ලංකාවේ අපේ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඇවිත් නැති එක ලොකු ගැටළුවක් ගැටළුවක්. මේ ඒ වගේ ගැටළු ගැන අපි නිදහස් නිරූපණ ශිල්පිනියක් වන මිහිරි පණ්ඩිතගේ පොඩ්ඩක් කතා කළා

  • ඇත්තටම මිහිරි කියන්නේ වෘත්තීයෙන් නිරූපණ ශිල්පිනියක් නෙවෙයි, එහෙම නේද
  • ඇත්තටම නැහැ. මගේ වෘත්තීය මාර්කටින්. මම 2019 මගේ හොඳම යාළුවෙක් එක්ක නිකමට වගේ බ්‍රයිඩ්ල් ෂූට් එකක් කළා එතනින් පස්සේ තමයි එක දිගට ආරාධනා ලැබෙන්නේ. මගේ රැකියාවට සහ අධ්‍යාපන කටයුතුවලට තමයි මුල් තැන දීලායි මම හැම දේම කරන්නේ. මොඩ්ලින් කියන්නේ මම ඒකාකාරී බවෙන් මිදෙන්න විනෝදාංශයක් විදිහට කරන දෙයක්
  • රැකියාවේ අත්දැකීමත් සමග නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි දැනෙන්නේ කොහොමද?
  • ඇත්තටම මම හිතාගන්න බෑ ඇයි තවම අපිට ජාත්‍යන්තර මට්ටමට යන්න බැරි වෙලා තිබෙන්නේ කියලා පැරිසිය, එංගලන්තය වැනි රටවල්වල නිරූපණ ශිල්පිනියන් කියන්නේ විශාල පිලිගැනීමක් තිබෙන අය.අපේ රටේ එහෙම නැහැ. ඇත්තටම අපිට ඉන්න photographersලා, choreographersලා ගොඩක් ඉහළ මට්ටමක ඉන්නවා. ඔවුන්ගේ වැඩ ගොඩක් කොලිටි. අපේ මිනිස්සු පට්ට creative. ඒත් ජාත්‍යන්තර තත්ත්වයට යන්න උත්සාහ කරන්නේ කිහිප දෙනෙක් විතරයි
  • අපේ සමාජයේ අය ක්ෂේත්‍රය ගැන සිතාගෙන ඉන්න දේවල් මෙහි පසුබැසීමට සෘජුව බලපානවාද?
  • ඇත්තටම මේකයි හේතුව ලංකාවේ මිනිස්සු තවම ආකල්පමය වශයෙන් පොඩ්ඩක්වත් දියුණු වෙලා නැ. ලංකාවේ මිනිස්සු හැමදෙයක් දිහාම බලන්නේ වැරදි අදහසකින්. පුළුල් විදියට දෙයක් දිහා බලන්න පුරුදු වෙලා නැහැ. අනික අපේ මිනිස්සුම තමා අපේ හැමදේකම වැරදි දකින්නේ. හැම කෙනෙක්ටම පෞද්ගලික ජීවිතයක් වගේම වෘත්තීය ජීවිතයක් තිබෙනවා. ඒ දෙක දෙකක් ඒ දෙක පටලාගෙන වැඩ කරද්දී සාර්ථක වෙන්න අමාරුයි, ලංකාවේ මිනිස්සු කරන්නේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි දෙකම හොයලා ඒ දෙකම එකට පටලවලා අර්ථකථනය කරන්න හදනවා
  • දැන් ඉන්න සමහර නිරූපණ ශිල්පිනියන් එක රැයෙන් ජනප්‍රිය වෙන්න උත්සහ කරනවා ඒ ගැන මොකද හිතෙන්නේ,
  • ඒක තම තමන්ගේ කැමැත්ත අනුව වෙන දෙයක් එකට අපිට මොකවත් කියන්න බෑ. ගොඩක් තරුණ ගැහැණු ළමයි ආසයි ජනප්‍රිය වෙන්න. ඉතිං ඒ නිසා ඔවුන් ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රයට එනවා මඩලින් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන. ඒත් මම නම් හිතන්නේ ජනප්‍රියත්වය කියන දේ ලබාගන්න ඕන ඔළුව පාවිච්චි කරලා, මුලින්ම තමන් කරන වැඩේ සියයට සියයක්ම හරියට කරන්න ඕනේ. ඒක හැම ක්ෂේත්‍රයකටම අදාළයි